සංචාරකයන් මෙරට හෝටල් වෙන්කිරීම් 45%ක් අවලංගු කරති…

July 30, 2022 at 8:40 am | lanka C news
සංචාරකයන් මෙරට හෝටල් වෙන්කිරීම් 45%ක් අවලංගු කරති…

මෙරටට පැමිණීම සඳහා සංචාරකයන් විසින් වෙන් කරන ලද හෝටල් වලින් 45% ක් පමණ අවලංගු කර ගෙන තිබේ.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ මෙරට පැවැත්වෙන විරෝධතා හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

ඉන්ධන ගෑස් හා විදුලි අර්බුද සංචාරකයන් පැමිණීම අඩු වීමටත් තවත් ප්‍රධාන හේතුවක් වී ඇත.

මෙම තත්ත්වය මෙරට සංචාරක කර්මාන්තයට ඉතා අහිතකර ලෙස බලපාන බවත් අධිකාරිය කියා සිටී.

13,223 views

8 Comments to “සංචාරකයන් මෙරට හෝටල් වෙන්කිරීම් 45%ක් අවලංගු කරති…”

  1. දසයා says:

    විදේශීකයන් ගැන මොන කතාද, අපි ලන්කාවට එන එකත් නතර කලා. මේක විරෝදතා වගේම අනිත් දේවල් බලපානවා. ඉන්දන, විදුලිය හා ස්‍රී ලන්කන් ටිකට් ගිනි ගනන්..අපි කල්දානවා.. අවශ්‍යම නැතිනම්. ලන්කාවෙ මිනිස්සු එන්න කැමති නෑ. කොයි රටේ මිනිස්සු ද තම රටට එන්න අකමැති… ඒ ලන්කාවෙ, දැන් සැපද.. අපිට මල්ලි බැරිනම්… රනිලා දාලා හරි අපේ වැඩ කරවා ගන්නවා….

  2. K says:

    Aragalayata Jayaweewaa!

  3. George says:

    තව තවත් අරගල කරමු !
    සංචාරකයන් go home කරමු !
    රටේ ඉතුරුටිකත් කමු !

  4. The Tourist says:

    What do you expect when the foreigners see the photograph of Danish Ali on their TV s ????

  5. දිගාසිරි says:

    ඕක උද්ගෝෂණ නිසා නෙවෙයි. අස්ථාවර බව නිසා. ආහාර, ප්‍රවාහනය නැති, හදිසි නීතිය දාපු රටකට යන්න ඉංෂුවරන්ස් ගෙවනවට වඩා යන්න වෙනතැන් තියනවා කියලයි කියන්නේ. මේක මට මූණටම කියපු එකක්. මං උංට කරපු රටේ වරුණාව කැලේ. මං ගැනම දුකයි බං. ඇයි බං මේ හදිසි නීති රෙද්දක් දැම්මේ..

  6. LalithM says:

    අර්බුදය විනාශකාරී කලේ අරගලය අනවශ්‍ය දුරකට ගිය නිසා. ගෝඨා ගිය පසු නව රජයකට යම් කාලයක් දී රට ස්ථාවර වීමට ඉඩ දෙන්න ඕන. මේ තත්ත්වය යටතේ තව දුරට අරගලය කරන්නන් රට විකුණාගෙන කාපු රාජපක්ෂ වරුන්ට සමානයි. ඔවුන්ට තව දුරට ඉඩ දිය යුතු නෑ. රට විනාශ කිරීමට පෙර ඔවුන්ගේ සංවිධානය විනාශ කල යුතුයි.

  7. appu says:

    කරන්ට් එක නෑ, එන උන්ට කන්න දෙන්න ගොඩක් තැන් වල ගෑස් නෑ.. කොහෙවත් යන්න එන්න තෙල් ටිකක් හොයාගන්න දවස් ගනන් පෝලිම් වල ලගින්න ඕන,කඩේකට ගිහින් ගන්න බඩු නෑ.. මේ ඔක්කොම අරගලේ නිසානෙ නේද… අනේ මන්ද ඉතින්..

  8. appu says:

    කරන්ට් එක නෑ, එන උන්ට කන්න දෙන්න ගොඩක් තැන් වල ගෑස් නෑ.. කොහෙවත් යන්න එන්න තෙල් ටිකක් හොයාගන්න දවස් ගනන් පෝලිම් වල ලගින්න ඕන,කඩේකට ගිහින් ගන්න බඩු නෑ.. මේ ඔක්කොම අරගලේ නිසානෙ නේද… අනේ මන්ද ඉතින්..