සංචාරකයන් විශාල පිරිසක් නුවරඑලියේ….
October 11, 2021 at 5:30 pm | lanka C news
කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානම නිසා පනවා තිබු නිරෝධායන ඇදිරි නිතිය ඉවත් කිරිමත් සමග මේ මස (21) දිනයෙන් පසු නුවරඑලියේ සංචාරය සදහා පැමිණිමට දේශිය සංචාරකයන් විශාල පිරිසක් අපෙක්ෂාවෙන් සිටින බව නුවරඑලිය නගර සභාවේ හිටපු පුරපති සහ නුවරඑලිය සංචාරක හෝටල් සංගමයේ හිටපු සභාපති මහින්ද දොඩම්පේගමගේ මහතා පැවසිය.
මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද දොඩම්පේගමගේ මහතා කියා සිටියේ මෙරට සංචාරක සමාගම් කිහිපයක් නොවැම්බර් මස මෙරටට පැමිණෙන ඉන්දියානු සහ චින සංචාරකයන් සදහා නුවරඑලිය සංචාරක හෝටල් සහ නිකේතන ගණනාවක් දැනටමත් වෙන් කරගෙන ඇති බවයි.
සැම වසරකම නොවැම්බර් මාසයේ යුරෝපිය රටවල් වලින් මෙරටට සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙන බවත්, එම සංචාරකයන් නුවරඑලියට පැමිණෙන බවට දැනටමත් දැනුම් දි ඇති බවයි මහින්ද දොඩම්පේගමගේ මහතා කියා සිටියේ.
නුවරඑලියට පැමිණෙන සියළුම සංචාරකයන් සදහා නිරෝධායන උපදෙස් වලට අනුකුලව ඔහුන්ට පහසුකම් ලබාදෙන බව මහින්ද දොඩම්පේගමගේ මහතා වැඩි දුරටත් පැවසිය.
– හැටන් රංජිත් රාජපක්ෂ
Ela ela……covid adu wemin yana eka kohoma hari nawathwamu…
giya para wage aapahu supiri rallak hadamu….
නුවර එලිය ජනගහනයෙන් 60% දෙමල වතුකම්කරුවන්. ඔවුන්ව හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවල පදිංචි කලයුතුයි.