සංචාරකයන් විශාල පිරිසක් සමගින් උඩරට දුම්රිය උලපනේදී පීලි පනී..
August 24, 2019 at 5:30 pm | lanka C news
මහනුවර සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ධාවනය විශේෂ දුම්රිය ගම්පොල සහ උලපනේ දුම්රිය ස්ථාන දෙක අතර තැඹිලිගල දුම්රිය ස්ථානය ආසන්නයේදි පිලි පැන ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.
ධාවනය වෙමින් තිබු දුම්රියේ එන්ජිම සහ මැදිරි හතරක් පිලි පැන ඇති බවත්, පිලි පැනිමෙන් දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදු වි ඇති බව දුම්රිය පාලක මැදිරිය කියා සිටියේය.
පිලි පැනිමට ලක් වු දුම්රියේ සංචාරකයන් විශාල පිරිසක් සිටි බවත්,ඔවුන් නාවලපිටිය දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා වෙනත් දුම්රියකින් පිටත් කිරිමට කටයුතු කරන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.
දුම්රිය පිලි පැනිම හේතුවෙන් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රියන් ගම්පොල දුම්රිය ස්ථානය දක්වාත් , බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රියන් නාවලපිටිය දුම්රිය ස්ථානය දක්වාත් ධාවනය කර එම දුම්රිය වල ගමන් ගන්නා මගින්ව එම දුම්රිය ස්ථාන දෙක අතර බස් රථ වලින් රැගෙන යාමට කටයුතු කරන බව පාලක මැදිරිය පැවසුවේය.
පිලි පැනිමට ලක් වු දුම්රිය කඩිනමින් පිලි ගත කිරිමට කටයුතු කරන බවද දුම්රිය පාලක මැදිරිය පැවසිය.
– හැටන් රංජිත් රාජපක්ෂ
Like the Yahapalanaya…………………
Poor track maintenance. If we have wheel profile maintained on the trains, there is no way derailments can happen if track (profile and ballast is in good condition) That was why soooo many civil/track people employed by the government (more than necessary) but still fails! They only get overtime working in other areas! We need to have iron fist to change this culture and increase PRODUCTIVITY
Gotabaya
train has got derailed and so is the Yahapalanaya too with its supporters………….
UDARATA DUMRIYA PILIPENIME WARADA SAMPURNAYENMA ,MAHINDA
RAJAPAKSA, BAARA GATHA YUTHUI,