සංචාරකයින්ට පහසු වෙන්න සීගිරියට විදුලි කාර්, විදුලි සෝපාන යොදවනවා..
February 12, 2017 at 10:40 am | lanka C news
සංචාරකයින්ගේ පහසුව වෙනුවෙන් ඉදිරියේදී සීගිරයේ විදුලි සෝපාන, විදුලි මෝටර් රථ යොදවන බව ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
සීගිරියේදී පැවති උත්සවයක් අමතමින් ඔහු කියා සිටියේ පුරාවිද්‍යා නිර්මාණවලට කිසිදු හාණියක් නොවන ලෙස මෙම කටයුතු කිරීමට දැනටමත් සැලසුම් කරමින් ඇති බවයි.
සීගිරිය නැරඹීමට එන දෙස් විදෙස් සංචාරකයින් වැඩි කර ගැනීමට විදුලි සෝපාන, විදුලි මෝටර් රථ හඳුන්වාදීම අත්‍යවශ්‍ය යයිද ඇමතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෙට සිට ජපාන සංචාරයක යෙදෙන අතතුරේ ඔහුගේ වැඩ බලන ඇමති ලෙස පත් කර ඇත්තේද අකිල විරාජ්ය.
අනේ විදුලි කාර් වලට ඉස්සරවෙලා සයිටම් ප්රස්නය විසදන්නකො
අනිවාර්යයෙන්ම සීගිරි ගල සහ ඒ ආශ්රිත පරිසරය විනාශ වෙනවා මේ වැඩෙන්.
යකෝ අධ්‍යාපන ඇමතිතුමා, සීගිරි ගල නගිනවා කියන්නේ adventure එකක්. සංචාරකයෝ අපේ රටට එන්නේ කවදාවත් දැකල නැති නැති පුරාවස්තු, පැරණි රාජධානි වල නටබුන්, ස්වභාවික සම්පත් අපේ රටේ තියෙන නිසා. සංචාරකයෝ එන්නේ adventures හොයාගෙන. ඒකයි උන්ට සංචාරකයෝ කියන්නේ.
සීගිරිය කියන්නේ ලෝකේ කොහෙවත් දකින්න නැති විශ්මකර්ම වැඩක්. අදටත් හොයා ගන්න බැහැ සීගිරි රාජධානිය ඉඳි කරන්න අවශ්‍ය දේවල් ගල උඩට ගෙනිච්චේ කොහොමද කියලා. සීගිරියේ වටිනාකම තියෙන්නේ ඒක ස්වභාවික තත්වයෙන් තියෙන කම්.
විදුලි සෝපාන, cable cars අරක මේක දැම්මම ඊට පස්සේ සීගිරි ගල පේන්නේ නැහැ, කිසි කෙනෙක් ඒක ගැන කතා කරන්නේ නැහැ. කතා කරන්නේ cable cars ගැන.
ඊළඟට කියයි සීගිරි ගලේ පාසි බැඳිලා, හරි කැතයි, ඒ හින්දා paint කරන්න ඕනේ කියල.
මිනිහෝ, අර කෙන්යාවට, ටැන්සානියාවට, දකුණු අප්‍රිකාවට ලක්ෂ ගණන් සංචාරකයෝ දිනපතා යන්නේ මොකොටද? Safari යන්න. සමහර තැන්වල යන්න බැරි තරම් භයානකයි. වාහන වලින් බහින්න එපා කියනවා. මුළු safari එකම ඉවර කරන්න දවස් ගණනාවක් යනවා. සමහර සංචාරකයෝ කැලේ නැවතිලා ඉන්නවා. සමහරු එලියට එනවා. හවස් 6න් ඉස්සෙල්ල එලියට එන්න කියනවා. දැන් සංචාරකයන්ට පහසු වෙන්න කියලා සත්තු බලන්න ඒ කැලේ ඇතුලට විදුලි කෝච්චියක් දැම්මොත්, ඒක safari එකක් වෙනවද? හෝඩියේ පන්තියේ ඉදන් නෙමෙයිද ඉස්කෝලේ ගියේ?
නෙද්දකින්. අපේ හැම සම්පතක්ම, අපේ හැම උරුමයක්ම, අපේ හැම පුරා වස්තුවක්ම මුන් වනසනවා. UNESCO එකට අපේ රට ගැන දැනෙන වටිනාකම, ලාංකිකයෝ වෙලා මුන්ට දැනෙන්නේ නැති හැටි. මේ වගේ එවුන්ට උගන්නපු ගුරුවරු බෙල්ලේ වැලදාගන්නවා ඇති.
වොක්ස්වැගන් වගේ ඇති සංතෝෂයි
මේ කළුසුද්දන් අපේ ඉතිහාසය මකා දමන්න යන එක පිළිවලක්
යාල වන විනාශය මුන්ට තවම නතර කරන්න බැරි වෙලා මේ තව විනාසයක්
මේවට පිළිතුරු සිගිරි බබරුන් ගෙන් ලැබේවි
හිලේ බලය අතට ගත්තම ඔය දෙවල් කියනව. අහෝ අපෙ දේශයට වුන නස්පැත්තිය.