සංචාරකයින්ට රට කඩිනමින් විවෘත කිරීමට සාකච්චා.. සංචාරකයන් 44,000ක් ගෙන්වන්න කැබිනට් පත‍්‍රිකාවක්..

November 29, 2020 at 4:40 pm | lanka C news
සංචාරකයින්ට රට කඩිනමින් විවෘත කිරීමට සාකච්චා.. සංචාරකයන් 44,000ක් ගෙන්වන්න කැබිනට් පත‍්‍රිකාවක්..

සංචාරකයින්ට රට කඩිනමින් විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා සංචාරක බලධාරීන් අතර ද්විපාර්ශවික හමුවක් සංවිධානය කෙරේ.

මෙම සතිය තුල අදාල හමුව පැවැත්වීමට අපෙක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

පළමු කොවිඩ් රැල්ල පාලනය කිරීමත් සමග සංචාරකයන් කණ්ඩායම් වශයෙන් දිවයිනට ගෙන්වීමට රජයේ අවධානය යොමුව තිබිනි.

ඒ අනුව රුසියානු සමුහාණ්ඩුවට අයත් රටවල සංචාරකයින්ට 44,000 ක් දිවයිනට ගෙන්වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් සංචාරක ඇමතිවරයා ඉදිරිපත් කර ඇති අතර ඊට කැබිනට් මන්ඩල අනුමැතිය පලවී තිබිනි. ඊට අමතරව ජර්මනියේ ඔස්ට්‍රේලියාව වැනි රටවලින්ද මෙලෙස සංචාරකයින් කාණ්ඩායම් වශයෙන් දිවයිනට ගෙන්වීමට සැලසුම් කර තිබුනි.

මෙලෙස පැමිණෙන සංචාරකයින් හෝටල් තුලම පලමු දින 14 රැදවීමටත් සැලසුම් කර තිබු අතර පැමිණිමට පෙරත් හා දිවයිනට පැමිණි පසුත් පී.සී.ආර්. පරික්ෂණවලට ලක් කිරීම හා ඔහුන් දිවයින තුල සිටින කාලය තුල අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ ද මේ අනුව සාකච්ඡා කෙරෙමින් පැවතිනි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කලේ සෞඛ්‍ය අංශ නිර්දේශ වලට අනුව ඉදිරියේදි රට සංචාරකයින්ට විවෘත කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ බවයි. සෞඛ්‍ය අමාත්‍යවරිය හා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ද සෞඛ්‍ය අමාත්‍යංශ පාර්ශවයෙන් මෙම සාකච්ඡාවට සහභාගී වන බවත් තමන් ඇතුළු සංචාරක අංශ ප්‍රදානීන් සංචාරක අමාත්‍යංශ පාර්ශවයේ ඊට සහභාගී වීමට නියමිත බවත් ඇමතිවරයා කීවේය.

– ප්‍රදීප් අනුර කුමාර

23,430 views

18 Comments to “සංචාරකයින්ට රට කඩිනමින් විවෘත කිරීමට සාකච්චා.. සංචාරකයන් 44,000ක් ගෙන්වන්න කැබිනට් පත‍්‍රිකාවක්..”

  1. Diyasen says:

    They must bring down stranded sri lankans. Specially in middle east. There should be a smooth unbiased process to bring them back immediately. Hope gov will give priority to them before anyone else. Countries like india bring their people back with 7 days quarantine and 2 negative pcr tests. We can also use such a method. Or else anything safe and fast to give them a relief from this never ending agony.

    • Middle east api says:

      Yes indeed. There should be a fast and smooth process to bring everybody back. Embassies should actively involve in this. Hope Rata Rakina Ape Viruwa, Appachchi and 10% will find a way.

    • Tanya says:

      Yes you are absolutely correct diyasen. They should introduce a proper smooth way to bring these people back. Btw, can i have your mobile number? I would love to talk to you.

    • DRS says:

      Without tourists many people in this country are in poverty. Its not just the hotels, all the other businesses that rely on tourists. Maldives are open, Hawaii is open, Thailand is open (all subject to PCRs and some quarantine). We have to open our country in some way. We are not Australia or New Zealand where a benefit system will protect the low income workers.
      Yes we have to bring the stranded people from middle east, Cyprus, Romania…etc who have lost their jobs. We also have to find away to recover the revenue to pay for this and healthcare, vaccines, PCR tests.

  2. Thilakarathne says:

    Sancharakayanta vitarada puka denna kamathi.madaperadiga enna apita puka denna janathi nadda

  3. Raadika says:

    Corona business ekak karaganne nethuwa wede patanganna. Issarawela Lankawe kattiya genna ganna wedapiliwela kaaryakshama karanna. Naavikayangen gasa kana hotel jaawarama saadarana kramawedayakata sakas karanna. E Minissu metadata widesha winimaya gena aya.

  4. Raadika says:

    Corona business ekak karaganne nethuwa wede patanganna. Issarawela Lankawe kattiya genna ganna wedapiliwela kaaryakshama karanna. Naavikayangen gasa kana hotel jaawarama saadarana kramawedayakata sakas karanna. E Minissu meratata widesha winimaya gena aya.

Main News