සංචාරකයින්ට සහ ආයෝජකයින්ට ඇඳිරි නීතිය බලපන්නේ නෑ..

August 24, 2021 at 4:40 pm | lanka C news
සංචාරකයින්ට සහ ආයෝජකයින්ට ඇඳිරි නීතිය බලපන්නේ නෑ..

කෝවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා අතරේම ආර්ථිකය නංවමින්  රටේ කටයුතු ඉදිරියට ගෙන යාම රජයේ  අපේක්ෂාව යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එම නිසා සංචාරකයින්ට සහ ආයෝජකයින්ට සංචරණය ඇඳිරි නීතිය බලපන්නේ නැති බවත්  සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ කටයුතු කිරීමට අවසර ලැබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ  අද( 24) අමාත්‍යාංශයේ දී ජපන් නියෝජිතයින් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදීය.

ගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගමේ A පැකේජය ක්‍රියාත්මක කරන  කොන්ත්‍රාත් සමාගම්වල මව් සමාගම නියෝජනය කරන මෙම ජපන් නියෝජිත පිරිස සමඟ එම ව්‍යාපෘති වල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්  අමාත්‍යවරයා දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීය.

මේ වන විට රට තුළ ක්‍රියාත්මක මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති අධික්ෂණය සදහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර මුදල් අමාත්‍යාංශය හරහා එම ව්‍යාපෘතිවල  ප්‍රගතිය අධීක්ෂණ කොට කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කෙරෙයි.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපළේ  දුරස්ථ යාත්‍රාංගණය හා බැහැරුම් පථ ඉදිකිරීම් වලින් සමන්විත පැකේජ A සහ B  ව්‍යාපෘතියේ වැඩ කටයුතු සම්බන්ධයෙන් ද මේ වන විට  විශේෂ අවධානයක් යොමුව ඇතැයි  අමාත්‍යවරයා ඡපන් නියෝජිතයින්ට පෙන්වා දුන්නේ ය.

ගුවන්තොටුපළ පැකේජ B ව්‍යාපෘතියේ 93.85% ක් මේ වන විට අවසන් කර තිබේ.

ව්‍යාපෘති අවසන් කිරීම සම්බන්ධයෙන් මෙරට ව්‍යාපෘතියේ කටයුතු කරගෙන යන කොන්ත්‍රාත් සමාගම හා සාකච්ඡා කර ඊට අදාළ ක්‍රියාමාර්ග ගනු ලබන බව ද  ඔවුහු සඳහන් කළහ.

මෙම ව්‍යාපෘතිය සදහා ජපන් යෙන් 1,152,273,761 සහ ශ්‍රී ලංකා රුපියල් 4,456,377,248  ක මුදලක් යොදවා තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ දි මෙහි ඉදිකිරීම් සදහා මූලික සැලසුම් සැකසුණ ද මෙහි ඉදිකිරීම් ආරම්භ වුයේ 2017 වසරේදියි.

වසර දෙකහමාරකින් එහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව තිබුණ ද පසුගිය රජයේ නිසි අධික්ෂණයක් නොමැතිවීමෙන් එහි කටයුතු ප්‍රමාද විය.

කටුනායක ගුවන් තොටුපළ පැකේජ A ව්‍යාපෘතිය යටතේ නව මගී පර්යන්තයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ද 2014 වසරේ දි හිටපු ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ ආරම්භ කෙරුණකි.

එහි ඉදිකිරීම් ද පසුගිය යහපාලන රජය විසින් ප්‍රමාද කළ අතර එය නැවත ආරම්භ කෙරුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් අනතුරුවයි.

ඒ සදහා වැය කෙරෙන මුදල ජපන් යෙන් 41,553,891,286 ක් හා ශ්‍රී ලංකා රුපියල් 35,135,843,333 කි. මෙහි ඉදිකිරීම් කටයුතු ද මේ වන විට ක්‍රියාත්මක ව පවතී. එහි ඉදිකිරීම් කාලය වසර 03 කි.

– ප්‍රදීප් අනුර කුමාර

17,173 views

16 Comments to “සංචාරකයින්ට සහ ආයෝජකයින්ට ඇඳිරි නීතිය බලපන්නේ නෑ..”

  1. ගෞම් ඊයාරාජ් says:

    මෙන්න මේවගේ කාළකන්නී තමයි කොවිඩ් හැදුලා මැරිලා යන්නඔනේ. තුහ් ගොං බෛයි හැතිකරේ නවතින්නේ රට වලපල්ලෙන් එහාටත් දාලා.කාලකන්නී.

  2. saman says:

    maha parimaana sanwardana karalaa thiyennee wasara 72k .karapu kerillata aduma gaanee tea ekakwath minissunta denna bee naya nowii

  3. බන්ඩා says:

    යහපාලනය යනු හොරා කා හොරු අල්ලා ජනතාව චූන් කල කාලයය්. 🤩😂🤣

  4. ගම්පහ එකෙක් says:

    අට පාස් නැති හරකෙක්ට ඇමතිකමක් ගිහිල්ලා …මේ කාලකන්නියා ආපු දවසෙ ඉඳල කරපු වැඩක් නෑ මුට්ටියක් ඇරියා විතරයි ….මිනිස්සුන්ව මරන්න හදන්නෙ කාලකන්නියා ..පාහර බල්ලෙක්…මට මූ අහුවුනොත් මගදී බල්ලෙක් වගේ මරලා දානවා ….මුගේ තියෙන්නෙ පවුල්වාදය …මුගෙ දුව ඉන්නේ ඔස්ට්‍රේලියාවේ තානාපති කාර්යාලයේ ….මුගෙ පවුලේ සේරම හොරු …මුගෙ තාත්තත් හොරා ….ආයෙ ජීවිතයට මේ වගේ කාලකන්නින්ට ඡන්දෙ දෙන්න එපා යකුනේ

  5. Lokuge says:

    උන්ට කොරෝනා බය ඇති.අනේ කොරෝනා ඔයාලම තීරණ ගන්නකො හොද විදියක් බලල.

  6. තනූ says:

    වසලයෝ චික්

Main News