සංචාරකයෝ එලිපිට මංකොල්ලකති..

November 21, 2018 at 5:30 pm | lanka C news
සංචාරකයෝ එලිපිට මංකොල්ලකති..

හික්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටල වලට පැමිණෙන විදේශිකයින්ගේ මුදල් හා භාණ්ඩ, ආයුධ පෙන්වා මංකොල්ල කෑමේ සිද්ධි ගණනාවක්ම පසුගිය මාස දෙක තුනක කාලය තුල සිදුව තිබෙන බව හික්කඩුව සංචාරක ව්‍යාපාරයට සම්බන්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

තමන්ගේ මුදල් හා භාණ්ඩ මංකොල්ල කෑවේ යැයි හික්කඩුවේ හෝටල කීපයකම නැවතී සිටින සංචාරකයින් හික්කඩුව පොලීසියටද පැමිණිලි කර තිබෙන බවද දැන ගන්නට තිබේ. මෙම සංචාරකයින් පැමිණිලි දැම්මත් වැඩි පිරිසක් බිය හේතුවෙන් පැමිණිලි විභාගයට ඉදිරිපත් නොවන බවත් සිද්ධීන් වලින් පසු ඔවුන් රට අතහැර යන බවත් හික්කඩුව පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. මෙවන් පැමිණිලි දැමූ වැඩි පිරිසක් සංචාරකයින් මේ වන විට ලංකාවෙන් පිටව ගොස් තිබෙන බවද එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය. මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 10 ක් පමණ ලැබී තිබෙන බවද හික්කඩුව පොලීසිය කියයි.

මෙවැනි සොර කණ්ඩායම් ඇතැම් සංචාරකයින්ගේ රුපියල් ලක්ෂ හතක (7,00000/-) අටක (8,00000/-) වටිනාකමකින් යුත් මුදල් හා භාණ්ඩ පවා සොරකම් කර තිබෙන බවද හික්කඩුව පොලීසියට කරන ලද ඇතැම් පැමිණිලි වල සදහන් වේ. රාත්‍රී කාලයේ මුහුදු වෙරළේ සැරිසරන සංචාරකයින්ගේ මෙන්ම කුඩා හෝටල වල කාමර වලට රාත්‍රී කාලයේ ඇතුල් වී මෙසේ  මුදල් හා භාණ්ඩ මංකොල්ල කා තිබෙන බවද එම පැමිණිලිවල වැඩි දුරටත් සදහන් වේ.

මාස කීපයක් ලංකාවේ ගත කිරීමට පැමිණෙන සංචාරකයින් මේ හේතුවෙන් දින කීපයක් ඇතුලත ලංකාවෙන් පිටව යන බව සංචාරක ව්‍යාපාරයේ නිරත අයෙක් සදහන් කළේය. මේ හේතුව තුල ලංකාවට ලැබෙන විදේශ විනිමය අහිමි වෙනවා පමණක් නොව ඔවුන්ගෙන් ලැබෙන නරක පනිවුඩය මත ලංකාවට පැමිණිනෙන සංචාරකයින්ගේ අඩුවීමක්ද සිදුවිය හැකි බවද එම ව්‍යාපාරිකයා වැඩි දුරටත් සදහන් කළේය. මෙම තත්ත්වය හික්කඩුවේ සංචාරක ව්‍යාපාරයට ඉදිරියේදී බොහෝ සෙයින් බලපාන බවද එම ව්‍යාපාරිකයාගේ අදහස වී තිබේ.

මෙම සොර කණ්ඩායම් මුහුණු ආවරණය කර අත් ආවරණ පැලද මෙසේ මංකොල්ල කෑම් කරන බවද ඔවුන් කිසිදු සාක්ෂියක් ඉතිර කර නොයෑමට පරිස්සම් වන බවද හික්කඩුව පොලීසිය පරීක්ෂණ වලදී අනාවරණය කරගෙන තිබේ. මෙම මංකොල්ලකෑම් අවම කර ගැනීමට රාත්‍රී කාලයේ මුහුදු වෙරළේ හා සංචාරක හෝටල අවට ප්‍රදේශයන්හි පොලිස් මුර සංචාර වැඩි කල යුතු බවත් එසේ කිරීමට ප්‍රමාණවත් නිලධාරීන් නොමැති බවත් හික්කඩුව පොලීසියට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි. මෙවැනි සොර කණ්ඩායම් කීපයක්ම හික්කඩුවේ සැරිසරන බව සදහන් කරන හික්කඩුව පොලීසිය එක් කණ්ඩායමක් හෝ අත් අඩංගුවට ගැනීමට හැකි වුව හොත් තත්ත්වය පාලනය කර ගත හැකි බවට විශ්වාසය පල කරයි.

බොහෝ කුඩා ප්‍රමාණයේ හෝටල සතුව ප්‍රමාණවත් ආරක්ෂක පහසුකම් නොමැති බවත් රාත්‍රී කාලයේ බොහෝ ආරක්ෂක නිලධාරීන් නිදා ගන්නා බවත් හික්කඩුව පොලීසිය කියයි. තමන්ගේ හෝටල වලට එන සංචාරකයින්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් සැලසීම එම හෝටල වල වගකීමක් බවද හික්කඩුව පොලීසිය වැඩි දුරටත් සදහන් කළේය.

– ජයකාන්ත ලියනගේ

29,247 Viewers

6 Comments to “සංචාරකයෝ එලිපිට මංකොල්ලකති..”

  1. gorilla says:

    මේක තමා සංචාරක කර්මාන්තයට බලපාන ලොකුම තර්ජනය. මංකොල්ල කාරයෝ විතරක් නෙමෙයි වැල්ලේ ඉන්න වෙලෙන්දෝ( ගිනි ගනට උන්ගෙන් බඩුවක් ගන්නකම් යන්නේ නැ ) හිගන්නෝ වදකාරයෝ ඔක්කොම අල්ල විනාශ නොකර මොන සංචාරක කර්මාන්තයක්ද ?

  2. mahsen says:

    This is the reason Down south youth are not pursuing their education. They never realise that they destroy our nation. This trend increased past three years as the government which was in power had other ideas to to givin to western countries and tamil diaspora

  3. Buddhadasa says:

    Be aware! This may be fake news distributed by UNP lead by Ranil to deter the tourists visitng Sri lanka . Ranil, want to make trouble and stop Sri lanka getting loans, selling goods and put the public in more poverty for the sake of getting the PM post. Shame on him.

  4. Janaka says:

    එලිපිට ආන්ඩු මන්කොල්ල කන රටක මේවා පුදුමයට කරුනු නෙවෙයි

    • dayas says:

      janaka oba kiyana kathaawa hari.
      ammage appage budale wage mulu ratama wikunala maha bankuwa maha dawal kolla kaala.
      ahimnsaka janathaawa toilat yanawatath badu gaha.paarata adala demmama horakan nokara
      monawaa karantada?
      banku horakamen mulu ratatam horaa kanta aadarsayak dunna.
      unp gahalayo hemadaama balayata awilla ooka nthamai kale.

  5. S.B. says:

    හික්කඩුව පොලීසියේ ශ්‍රේණිය උසස් කොට ASP කෙනෙකු යටතේ වෙනම සංචාරක පොලිස් ඒකකයක් පිහිටුවා කොන්ද පණ තියෙන නිලධාරීන් පත් කල යුතුයි..

Main News