සංචාරකයෝ කුලී වැඩ කරති.. සාස්තර කියති.. තොගයක් අත්අඩංගුවට..
August 22, 2017 at 8:02 am | lanka C news
ඉන්දියාවේ සිට යාපනයට පැමිණ අනවසරයෙන් විවිද රැකියාවල නිරතවෙමින් යාපනයේ රැඳී සිටි ඉන්දීය ජාතිකයින් 27 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ බුද්ධි හා විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකල විශේස සෝදිසි වැටලීමකදී අදාල ඉන්දීය ජාතිකයින් අනවසරයෙන් යාපනයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
මේසේ අත්අඩංගුවට ගත් 27 දෙනාගෙන් එක් අයෙකු විද්‍යාෙව්දී උපාධිදාරියෙකුද වන එම පිරිසෙන් 19 දෙනෙකු යාපනයේ තැනින් තැන සාස්තර කීමේ ක්‍රියාවලිය සිදු කොට ඇති අතර තවත් 6 දෙනෙකු ව්‍යාපාර කර ඇති අතරම අනෙක් දෙදෙනා ව්‍යාපාර ස්ථාන වල සේවකයින් වශයෙන් සේවය කොට ඇත.
අත්අඩංගුවට ගත් පිරිසට ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ