සංචාරක ආදායම ඩොලර් බිලියන 10 කරන්න සැලසුම්..

December 9, 2019 at 2:02 am | lanka C news
සංචාරක ආදායම ඩොලර් බිලියන 10 කරන්න සැලසුම්..

මෙරට විදේශ විනිමය වැඩිම වශයෙන් ලැබෙන ක්ෂේත්‍රය බවට සංචාරක කර්මාන්තය පත් කිරීම නව රජයේ අපේක්ෂාව බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ නව රජයේ ඉලක්කය වන්නේ සංචාරක කර්මාන්තයෙන් මෙරට ජාතික ආර්ථිකයට දක්වන දායකත්වය ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක් දක්වා වැඩි කිරීම බවයි. පරිසර හිතකාමි හා සංස්කෘතික හිතකාමි සංචාරක කර්මාන්තයක් බිහිකිරිම සදහා නව රජය කැප වී සිටින බව ද රණතුංග මහතා කීවේ ය.

සංචාරක අමාත්‍යංශය මගින් මෙහෙයවන සංචාරක හෝටල් කළමණාකරණ පාසලේ මේ වසරේ පාඨමාලා හැදැරු ළමුන් 450 කට සහතික පත් ප්‍රධානය කිරිමේ උත්සවයේ දී රණතුංග මහතා මේ බව සදහන් කළේ ය.

සංචාරක ක්ෂේත්‍රය හා බැදුණු මානව සම්පත ඵලදායී ලෙස වැඩි කීරිමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ මේ වසරේ දී පුහුණු කරනු ලැබූ ළමුන් සංඛ්‍යාව 2555 කි. පළාත් සභා 05 ක් යටතේ දිස්ත්‍රික්ක 12 ක මධ්‍යස්ථාන 44 කදී මෙම පුහුණු පාඨමාලා ක්‍රියාත්මක කෙරිණි.

මෙහි දි තව දුරටත් අදහස් දැක් වූ ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේ ය.

“මෙරටට විදේශ විනිමය ගෙනෙන ක්ෂේත්‍ර අතර 03 වන ස්ථානයේ ඉන්නේ සංචාරක ව්‍යාපාරයයි . නමුත් රට තුළ පවතින දේශපාලන ආර්ථික  අස්ථාවරත්වය හේතුවෙන් විවිධ අවස්ථා වල දී සංචාරක කර්මාන්තය කඩා වැටුණා. 2009 දි මෙරටට සංචාරකයන් ආවේ ලක්ෂ 04 ක් වගේ ගාණක්. ඒ වෙනකොට රටේ යුද්ධයක් තිබුණා.  නමුත් යුද්ධය ජයග්‍රහණය කළාට පස්සේ  2015 වන විට මේ සංඛ්‍යාව  ලක්ෂ 20 ක් දක්වා වැඩි කරගන්න අපිට හැකියාව ලැබුණා. විශේෂයෙන් ම මහින්ද රාජපක්ෂ රජය යටතේ සංචාරක කර්මාන්තයේ සුවිශේෂ දියුණුවක් රට තුළ සිදුවුණා. 2015 යහපාලන ආණ්ඩුව බලයට පත් ව රටේ ජාතික ආරක්ෂාව නැවත අර්බුදයට ලක් වෙද්දි මේ තත්ත්වය වෙනස් වුණා. පාස්කු ප්‍රහාරයෙන් පසු ව මේ රටේ සංචාරක ව්‍යාපාරයට කණකොකා හැඩුවා. ඒ තත්ත්වයට වග කියන්න ඕනේ පසුගිය යහපාලන ආණ්ඩුවයි.

අපි මේ පුහුණු වැඩසටහන් සංවිධානය කරන්නේ සංචාරක ක්ෂේත්‍රය සදහා අවශ්‍ය පුහුණු මානව සම්පත සංවර්ධනය සදහා යි. මේ පුහුණු සහතිකය NVQ 3 තත්ත්වයට උසස් කර ඉහළ ජාත්‍යන්තර පිළිගැනීමේ තත්ත්වයකට මේ පාඨමාලාව ගෙන ඒමට අපේක්ෂා කරනවා.

මෙරට සංචාරක කර්මාන්තය ජනතා සහභාගිත්වය සහිතව පරිසර හිතකාමි හා සංස්කෘතික හිතකාමි ව්‍යාපාරයක් බවට පත් කිරීම නව රජයේ අරමුණයි. සංචාරක ක්ෂේත්‍රයේ තමයි විදේශ විනිමය රටට ගෙන ඒම අතින් 03 වන ස්ථානයේ සිටින්නේ . එය පළමු  තැනට ගෙන ඒම අපේ ඉලක්කයයි. විශේෂයෙන් ම සංචාරක කර්මාන්තය හරහා මෙරට ජාතික ආර්ථිකයට ඇමෙරිකානු ඩොලර් බිලියන 10 යක මුදලක් එකතු කිරීමට අපේක්ෂා කරනවා. ඒ සදහා සංචාරක ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට අපි කටයුතු කරනවා.”

සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යාංශ ලේකම් S.M. මොහොමඩ් යන මහත්ම මහත්මීන්ද මෙහි දි කථා කළහ.

– ප‍්‍රදීප් අනුර කුමාර

576 views

One Comment to “සංචාරක ආදායම ඩොලර් බිලියන 10 කරන්න සැලසුම්..”

  1. N.Wimaladasa says:

    We wanted economic strategist and of that New think Tank to looking for Tourism of Island resplendent that to tap for New Market?
    Yes, we have to an initiated New Tourist Hub by to detoured to African safari through Mattale International Airport,from south region. The potential tourism and are vast lack vision and investment also there.
    But we can.

Main News