සංචාරක කර්මාන්තය අනතුරේ.. බීච් බෝයිස්ලා සංචාරකයන්ට තග දමති…

April 22, 2018 at 8:02 am | lanka C news
සංචාරක කර්මාන්තය අනතුරේ.. බීච් බෝයිස්ලා සංචාරකයන්ට තග දමති…

සංචාරකයන්ට හා හෝටල් හිමියන්ට අඩන්තේට්ටම් කරමින් දකුණු මුහුදු තීරයේ ක්‍රියාත්මක වන මාෆියා කල්ලිවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමය රජයේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. මෙම අඩන්තේට්ටම් කිරීම් දකුණේ ප්‍රාදේශීය දේශපාලකයන්ගේ අනුග්‍රහය ඇතිව සිදු කරන බවද හෝටල් හිමියන්ගේ සංගමය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා සංචාරක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම කර තිබේ. මෙම ලිපියේ පිටපත් සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා වෙත සහ පොලිස්පතිවරයා වෙතද යොමුකර තිබේ.

මුහුදු තීරයේ ගැවසෙන බීච්බෝයිලාට එරෙහිව කටයුතු කිරීමේදී හෝටල් කළමනාකරුවන්ට පවා තර්ජන එල්ල වන අවස්ථා තිබෙන බවද ඒ මහතා විසින් යොමු කරන ලද ලිපියේ වැඩි දුරටත් සදහන් වේ. සංචාරකයන්ට සහ හෝටල් පරිපාලනයට හානිදායක කණ්ඩායම් පාලනය නොකළොත් ඉදිරියේදී මෙරට සංචාරක කර්මාන්තයට දැඩි අහිතකර බලපෑමක් එල්ල වන බවද උක්වත්ත මහතා විසින් පෙන්වා දී තිබේ.

දකුණු මුහුදු තීරයේ විශේෂයෙන්ම උනවටුන හා මිරිස්ස යන ප්‍රදේශයන්හිදී දේශීය හා විදේශීය සංචාරකයන්ට හිරිහැර කිරීමේ සිද්ධීන් ගණනාවක් පසුගිය කාලයේ වාර්තා විය. ඒ සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල වූයේ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ සැරිසරන බීච් බෝයිස් යනුවෙන් හඳුන්වන තරුණ කොටස් වලටය. බීච් බෝයිස්ලාගෙන් සංචාරකයින්ට සිදුවන හිරිහැර විශාල වශයෙන් ඇතත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට බොහෝ සංචාරකයන් උනන්දු නොවීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වී ඇති බවද දැනගන්නට තිබේ.

දකුණු මුහුදු තීරයේ ප්‍රාදේශීය දේශපාලකයන්ගේ ද අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන බව කියන බීච් බෝයි මාෆියාවට එරෙහිව පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවන ලෙස සංචාරක අමාත්‍යාංශය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක්ද කර තිබෙන බව සංචාරක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. විදේශීය සංචාරකයින් සංචාරක අමාත්‍යංශයේ ලියාපදිංචි අංශ සමග කටයුතු කරන්නේනම් අනවශ්‍ය ගැටලුකාරී තත්ත්වයන් ඇති නොවන බවද වැඩි දුරටත් සදහන් කල එම ප්‍රකාශකයා සෑම විටම සංචාරක අමාත්‍යාංශයේ ලියා පදිංචි අංශ සමග කටයුතු කරන ලෙසද සංචාරකයින්ගෙන් ඉල්ලා සිටියේය.

සංචාරකයන්ට බහුල වශයෙන් හිරිහැර සිදු කෙරෙන මිරිස්ස ප්‍රදේශයේ ඉදිරි කාලය තුළ විශේෂ සංචාරක පොලිස් මුර පොළක් ස්ථාපිත කිරීමටද පොලීසියේ අවධානය යොමුවී තිබේ. දැනට ක්‍රියාත්මක සංචාරක මුරපොලවල් එකොළහට (11) අමතරව තවත් සංචාරක ප්‍රදේශ දහනවයකටද (19) එවැනි පොලිස් ඒකක ස්ථාපිත කිරීමටද පොලිස් දෙපාර්තමේන්තුව මේ වන විටත් සැලසුම් කර තිබේ.

– ජයකාන්ත ලියනගේ

372 views

4 Comments to “සංචාරක කර්මාන්තය අනතුරේ.. බීච් බෝයිස්ලා සංචාරකයන්ට තග දමති…”

  1. Thilan says:

    Now, Government will be getting a chance to arrange a proper licence ship method for this beach boy, in other hand the government can adopt a reasonable fee for it. Remember government officials, please include better training, all related blood testing including the HIV testing prior to issue the Government licence as a Beach Boy or Beach Guide.

    All Beach Hotel owners, please get this process done for better Sri Lanka and get off this political assignments.

  2. Kevin says:

    මේක දෙපැත්තෙම ප්‍රාදේශීය දේශපාලකයන්ගේ අනුග්‍රහයෙන් අවුරුදු 40 කටත් වැඩි කාලයක් තිස්සේ මේ කර්මාන්තයට තියන කවුරුත් අත ගහන්න බය ප්‍රශ්නයක්. ගෝඨාභය රජයකින් මෙහා ඕවා නිවැරදි කරනව බොරු

  3. mirissa says:

    suddiyanwa samuha dushanaya karala sancharakayo marapu hitapu wanachariyage area ekane ohe un gena aye mona kathada

  4. deiya says:

    දකුනෙ උන්ගෙ තියෙන එක සක්කිලි ගතියක් තමයි මොනව හරි දෙයක් ලැබුනොත් එකෙන් ඉහගෙන කන්න බලන්නෙ… කවුරු හරි හොන්දට කරගෙන යන බිස්නස් එකක් තියෙනම් ඔන්න බලන් ඉන්න බෑ කොහොම හරි එකට පැනල එකෙන් ගරන්න බලන්නෙ… අන්තිමෙ අර හොන්දට බිස්නස් එක කරන මනුස්සයත් නැති කරල මුලු ඉන්ඩස්ට්‍රි එකම කාබාසිනියා කරන එක තමයි ඔකුන් කරන්න දන්නෙ… රටෙ වෙන පැතිවල ටුවරිස්ට්ලට හිරිහැර වෙන්නෙ නැති තරම්… ඒත් දකුන කියන්නෙ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එක කන ගූ ඒරියා එකක්

Main News