සංචාරක ධීවරයින් ඉවත් කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණ…
June 9, 2018 at 2:03 am | lanka C news
යාපනය මරදන්කේනි ප්‍රදේශයට පැමිණ වාඩි ගසාගෙන සිටින සංචාරක ධීවරයින් හා ඔවුන්ගේ වාඩි ඉවත් කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක් සංවිධානය කොට තිබුණි.
යාපනය ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය ඉදිරිපිටදී යාපනය ධීවරයින් පිරිසක් සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කොට තිබුණි.
මරදන්කේනි වෙරලට පැමිණ ඇති අදාල සංචාරක ධීවරයින් විසින් මුදල් යොදවා මුහුදු කූඩැල්ලන් ඇල්ලීම ඇතුලු විවිධ ආකාරයේ අනවසර මසුන් ඇල්ලීමේ කටයුතු මෙන්ම දෙමළ ධීවරයින්ට විවිධ බාධාවන් සිදු කිරීම හේතුවෙන් මරදන්කේනි මත්ස්‍ය සම්පත විනාශ කරන අතරම ප්‍රදේශයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවට උද්ඝෝෂකයින් කියා සිටියහ.
එමන්ම උද්ඝෝෂකයින් කියා සිටියේ අදාල සංචාරක ධීවරයින් ඉවත් කිරීමට දින 3ක කාලයක් ලබා දෙන බවටත් එම කාලය අතරතුර ඉවත් කිරීමට අවශ්‍ය පියවර නොගන්නේනම් එලඹෙන 11වනදා දැවන්ත විරෝධතාවක් සංවිධානය කිරීමට පියවර ගන්නා බවටයි
උද්ඝෝෂණය සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා එම්.ඒ සුමන්දිරන් යන අය ඇතුලු ධීවර සමිති නායකයින් පිරිසක් සහභාගී වී සිටියහ.
– වන්නි රොමේෂ් මධුෂංඛ
nobedunu rataka sanchaarayata kima thanamakk…..?