සංචාරක ධීවරයින් නිසා පාරම්පරික ධීවරයින් පීඩාවට…
March 20, 2019 at 6:48 pm | lanka C news
මුලතිව් මුහුදේ වෙනත් දිස්ත්‍රීක්කයන්හි සිට ධීවරයින් විසින් පැමිණ මසුන් ඇල්ලීම හේතුවෙන් මුලතිව්හි පදිංචි පාරම්පරික ධීවරයින්ගේ ආර්ථිකය කඩා වැටී ඇති බවටත් මසුන් ඇල්ලීමේදී ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව ඇති බවට මුලතිව් ධීවරයින් කියා සිටිති.
මුලතිව්හි සිටින 4000 කට අධික වූ ධීවර පවුල් පූර්ණ ජීවිකාව වී ඇත්තේ ධීවර කර්මානත්ය වන අතර එහිදී මේ වන විටමුලතිව් මුහුදේ මසුන් අල්ලන සංචාරක ධීවරයින් හේතුවෙන් මුලතිව්හි පාරම්පරික් ධීවරයින්ගේ දෛනික ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතරම මසුන් ඇල්ලීමේදීද සංචාරක ධීවරයින් විසින් තමන්ට බාධා සිදු කරන බවට මුලතිව් පාරම්පරික ධීවරයින් කියා සිටිති.
මේ අතර මුලතිව් මුහුදේ මසුන් ඇල්ලීමට එන ඇතම් ධීවරයින් දේශපාලිනක බලපෑම් මතද මහපරිමාණයෙන් මසුන් ඇල්ලීම හේතුවෙන් මුලතිව්හි පදිංචි සාමාන්‍ය ලෙසින් මසුන් අල්ලමින් සිටි ධීවරයින්ට මසුන් නොමැති වීමෙන් එම ධීවර පවුල් ගැටලු රැසකට මුහුණ පා ඇති හෙයින් බාලධාරීන් මැදිහත් වී අදාල ගැටලුවට ඉක්මන් විසඳුමක් ලබා දෙන ලෙසට මුලතිව් ධීවරයින් වැඩි දුරටත් ඉල්ලා සිටිති.
– වන්නි රොමේෂ් මධුෂංඛ
එක සිංහල පවුලක් හරි මුලතිව් පදිංචි කළහොත් මැරෙනතුරු උපවාස කරනවා; රවිහරන් මන්ත්‍රිවරයා ප්‍රකාශ කරයි.
The traditional Sinhala business men in Colombo also affected due the Tamil business men. The authority should take action.