සංචාරක නිකේතනයේ කැලෑ සතුන් ලගී…

May 18, 2022 at 2:10 am | lanka C news
සංචාරක නිකේතනයේ කැලෑ සතුන් ලගී…

රුපියල් මිලියන ගණණක් වැය කරමින් ඉදිකරන ලද මන්නාරම මඩු ප්‍රදේශයේ සංගිලි පාලම සංචාරක නිකේතනය මේ වන විට කැලෑවැදී විනාශ වෙමින් පැවතියද කිසිදු බලධාරියෙකු අවධානය යොමු නොකරන බවට ප්‍රදේශවාසීන් පවසති.

2014 වසරේදී උතුරු පලාත් සභාවේ පලාත් විශේෂිත සංවර්ධන ව්‍යාපෘති  අරමුදල යටතේ ඉදිකිරීම් ආරම්භ කරන ලද මෙම සංගිලි පාලම සංචාරක නිකේතනය 2016 වසරේ මාර්තු 16 වන දින උතුරුපලාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත්ත කෙරුණි.

මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය යටතේ නානාට්ටාන් ප්‍රාදේශීය සභාව යටතේ නඩත්තු කෙරුනු මෙම සංචාරක නිකේතනයේ මේ වන විට වනසතුන් පමණක් සැරිසරන බවටත් කිසිදු බලධාරියෙක් එය නඩත්තු නොකරන බවටද ප්‍රදේශවාසීණ් පෙන්වා දෙයි.

එමෙන්ම ඉතා වටිනා ස්ථානයක් වූ එල්ලෙන පලම නොහොත් සංගිලියන් පාලම නැරඹීටර බොහෝ දෙනෙකු මෙම ස්ථානයට පැමිණෙන බැවින් සංචාරක නිකේතනය වල්වැදීම හේතුවෙන් එහි පැමිණෙන සංචාරකයින්ද මේ දිනවල දක්නට නොලැබෙන බවටද පෙන්වා දෙයි.

සංචාරක නිකේතනය ඇතුලු අවට ප්‍රදේශය සංචාරක ස්ථානයක් ලෙස සංවර්ධනය කොට විනාශ වෙමින් පවතින නිවාඩු නිකොත්නයද ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසට ප්‍රදේශවාසීන් විසින් බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

44,999 views

4 Comments to “සංචාරක නිකේතනයේ කැලෑ සතුන් ලගී…”

  1. බන්ඩා says:

    2019 වෙනකොටත් ලන්කාවෙ ආර්ථිකය කඩාවැටී තිබුණේ. රනිල් මහ බැංකුව මංකොල්ල කාලා අරගත්ත සල්ලි වලින් වත් ණය පරතරය පිරිමහන්නට බැරි උනා. මේ රාජපක්ෂ ආන්ඩුව වෙනුවට ජෙප්පන් ආවා උනත් මේ තත්වය වලකාලීමට නොහැකිය. නමුත් කාබනික කෘෂිකර්මය අවිධිමත් ලෙස ගෙන ඒම ගැන නම් සමාව දෙන්න බැහැ.

  2. ඇල්වතූර says:

    පාලම බලන්න එන නිසාළු නිකෙතනය හැදුවෙ .නිකෙතනය නැති නිසා මිනිස්සු යන්නෙ නැතිළු .පව් බං

  3. කසුන් says:

    දැන් රනිල් ආවනේ දැන් ඔක්කොම හරියයි

  4. Aparade. Tourism hondata hadala ganan thibab ewa.

Main News