සංචාරක පුරවරවලට පිවිසීමට ඇති මාර්ග වැඩි දියුණු කරයි..

September 13, 2020 at 2:01 am | lanka C news
සංචාරක පුරවරවලට පිවිසීමට ඇති මාර්ග වැඩි දියුණු කරයි..

දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ආකර්ශනය වැඩි වශයෙන් දිනා ගත් සංචාරක පුරවර සඳහා පිවිසීමට ඇති මාර්ගයන් වැඩිදියුණු කිරීමට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අදාළ අමාත්‍යංශවලට උපදෙස් ලබා දෙන ලදී.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීමේ අරමුණින් ගරු අග්‍රාමාත්‍යතුමා මෙම තීරණයට එළඹ තිබේ.

දැනට සංචාරක පුරවර සඳහා පිවිසීමට ඇති මාර්ග හා අබලන් තත්ත්වයේ  පවතින සියලුම මාර්ග අලුත්වැඩියා කිරීම කඩිනමින් සිදු කරන ලෙස  අග්‍රාමාත්‍යතුමා අදාළ අංශවලට උපදෙස් ලබා දී ඇත.

මේ අවස්ථාව වන විටත් දේශීය සංචාරකයින්ද තම සංචාරක කටයුතු රට තුළ ආරම්භ කර ඇති පසුබිමක හා විදේශීය සංචාරකයින් අතර, ශ්‍රී ලංකාව සංචාරය කිරීමට සුරක්ෂිත රටක් ලෙස අවධානය යොමුව ඇති පසුබිමක රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට එය කදිම අවස්ථාවක් බව ද අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කරයි.

ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසුව විදේශීය සංචාරකයින් මෙරටට පැමිණීම හා සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවීමේ පෙර සූදානමක් ලෙස මෙම මාර්ග පිළිසකර කිරීම හා අලුත්වැඩියා කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍යතුමා අවධාරණය කරන ලදී.

රොහාන් වැලිවිට

4,256 views

2 Comments to “සංචාරක පුරවරවලට පිවිසීමට ඇති මාර්ග වැඩි දියුණු කරයි..”

  1. US Marine man says:

    දැන් මේ පාරවල් දෙපැත්තේ ඉඩම් ගන්න , පෙට්රෝල් shead එකක් වත් දා ගන්න දෙන්නේ ගෝතයට කඩේ යන උන්ට විතරයි.
    ඔන්න මචන් මමත් පෙත්ත change කරා. මමත් ගෝතයට !

    • Alapalu hora says:

      පස්ස හෝදලා, හොඳට නැවිලා හිටපන්. පොල් තෙල් ඕනැවෙන එකක් නෑ. ඇමරිකන් සොසේජ් කාපු උබෙ පස්ස බෝර් වෙලා ඉවරයි.

Main News