සංචාරක බි්රතාන්ය තරුණියක් දුෂණය කරන්න ගොස් අත්අඩංගුවේ.. පෙම්වතාට මත්පැන් පොවලා..
December 26, 2018 at 1:20 pm | lanka C news
බ්‍රිතාන්‍යය ජාතික තරුණියකට හිරිඔතප් බිදිමට තැත්තලේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනෙකු අද (26) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පැවසිය.
නත්තල් සමය ගත කිරිම සමග 28 හැවිරිදි බ්‍රිතාන්‍යය ජාතික මෙම තරුණිය ඇයගේ පෙම්වතා සමග හැටන් කාසල්රි ජලාශය අසල පිහිටි සංචාරක නිකේතනයකට පැමිණ ඇති අතර, එම සංචාරක නිකේතනයේ නවාතැන් ගෙන සිටි සැකකරුවන් දෙදෙනා බ්‍රිතාන්‍යය ජාතික තරුණිය නවාතැන්ගෙන සිට කාමරයට (26) අලුයම 1.45 ට පමණ ගොස් දොරට තට්ටු කර ඇයව කාමරයෙන් ඉවතට ගෙන ඇයට අනවශ්‍ය ලෙස බලපැම් කරමින් සැකකරුවන් දෙදෙනා හැසිරි ඇති බවයි එම බ්‍රිතාන්‍යය ජාතික තරුණිය විසින් හැටන් පොලිසියට කල පැමිණිල්ලේ සදහන් කර ඇත්තේ.
එම සංචාරක නිකේතනයේදි බ්‍රිතාන්‍යය ජාතික තරුණිය සහ ඇයගේ පෙම්වතා සමග සැකකරුවන් දෙදෙනා සුහදතාවයක් ඇති කරගෙන මත්පැන් සාදයක්ද පවත්වා ඇති බවයි හැටන් පොලිසිය කියා සිටියේ.
සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය ජාතික තරුණිය එම සංචාරක නිකේතනයේ පාලන අධිකාරියට දැනුම් දිමෙන් පසු එම පාලන අධිකාරිය විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට කල පැමිණිල්ලක් මත හැටන් පොලිසියේ නිලධාරින් එම සංචාරක නිකේතනයට ගොස් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා හැටන් දික්ඔය ප්‍රදේශයේ පදංචිකරුවන් බවත්, එම සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදදිරිපත් කරන බව හැටන් පොලිසිය පැවසිය.
– හැටන් රංජිත් රාජපක්ෂ
එල්ලන්න ඔන.ඔකුන් තමයි සන්චාරක කර්මාන්තය විනාශ කරන්නේ
ලන්ඩනයේ මම වැඩකරන තැන මගේ යාලුවෙක්ට මේක වෙලා තියෙන්නේ! මේ අය පෙරුම් පිරුවා ලංකාවෙ සිරිය දකින්න! මම කිව්වා මගෙ රට හරිම ලස්සනයි අනේ යන්න.. බය නැතිව යන්න කියල… මට ලැජ්ජාවෙ බැහැ දැන්.. මට වහකන්න වෙලා තියෙන්නේ…දැන් මම වැඩකරන තැන අයට මුහුන දෙන්නේ කොහොමද?
ගරු සංචාරක ඇමතිතුමනි…
මේක කරපු වනචර අපතරයට හැමෝටම පෙනෙන්න ප්‍රසිද්ධියේම දඬුවම ලබා දිය යුතුය!
මහීමා කාන්ති-එංගලන්තය
Mahima Kanthi….Dont send tourists when there are UNP THUNGS Governing the country.
sure ekatama pohottuwe dennek wenna athi
Those Tamil estate bugers
රජ දවස වද යක් මුන්ට දෙමු
වදමල් පළදවා, වද බෙර ගසමින් වීදිවල ඇවිද්වීම.