සංචාරක හෝටල් ව්‍යාපාරයක්.. ආරක්ෂාව ඔවුන් බලාගත යුතුයි.. රජයෙන් ආරක්ෂාව දුන්නෙත් නෑ-දෙන්නෙත් නෑ..- ආරක්ෂක ලේකම් විදෙස් මාධ්‍යට කියයි..[Video]
April 22, 2019 at 10:19 pm | lanka C news![සංචාරක හෝටල් ව්‍යාපාරයක්.. ආරක්ෂාව ඔවුන් බලාගත යුතුයි.. රජයෙන් ආරක්ෂාව දුන්නෙත් නෑ-දෙන්නෙත් නෑ..- ආරක්ෂක ලේකම් විදෙස් මාධ්‍යට කියයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2019/04/45454777.jpg)
ස්ථාන කිහිපයක පහරදීම් සිදු වනු ඇතැයි කලින් තොරතුරු වාර්තා වූ නමුත් මේ ආකාරයේ බරපතළ පරිමාණයේ ප්‍රහාරය එල්ල වනු ඇතැයි නොසිතූ බව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටි බෝම්බ ප්‍රහාරයකට ලක් වූ කොටහේන කොච්චිකඩේ කතෝලික දේවස්ථානයට පැමිණ නිරීක්ෂණ කටයුතු කරමින් සිටියදී විදේශීය මාධ්‍යවේදියකු කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලෙසයි.
හෝටල් යනු ව්‍යාපාරයක් බවත් ඒවායින් ලාභ උපයන ඔවුන් එහි ආරක්ෂාව ද සපයා ගත යුතු බවත් පැවසූ ආරක්ෂක ලේකම්වරයා රාජ්‍ය හමුදා පොලිසියේ යොදා ඒවා ආරක්ෂා කර දී නැති බවද ඉදිරියේදී ඉදිරියේ දී ද එසේ නොකරන බවත් කියා සිටියේය.
කතෝලික පල්ලි සඳහා ආරක්ෂාවක් නොදුන්නේ මන්දැයි විදෙස් මාධ්‍යවේදියා විමසූ විට ඔහු කියා සිටියේ රට පුරා ඇති පල්ලි විශාල ප්‍රමාණයකට ආරක්ෂාව දීම ගැටලුකාරී බවයි.
කෙසේ වෙතත් මෙතරම් විශාල ප්‍රහාරයක් බලාපොරොත්තු නොවූ බවද ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කරමින් කියා සිටියේය.
Kalakanniiii
සංචාරක හෝටල් ව්‍යාපාරයක් තමයි. ඒත් සංචාරක කර්මාන්තය රටට විදේශ විනිමය ගෙනෙන උල්පතක්. මේකෙන් වැටෙන්නේ රටේ ආර්ථිකය. ඒක රටේ පාලකයින්ගේ වගකීමක් නොවෙයිද? ලේකම් තුමෝ, නිකම් බූරුවෙක් වගේ තප්පුලන්නේ නැතිව උත්තරයක් දෙන්න කලින් ඉස්කෝලේ ලමයෙක්ගෙන්වත් අහල බලලා උත්තරයක් දෙන්න. මේ වැනසෙන්නේ අපේ රට…..
මෙයා යුද්ද කාලෙ ආරක්ෂක ලේකම් වෙලා සිටියානම් කොහොම හිටියිද රට.
thuttu deke unta thanathuru dunnahama ohoma thama. mu kathakarapu widiya dakama munata wamane karana hithuna. wasalaya.
A Joker. The way he talks does not match to the postion he holds. Standard of Sri lanka