පලාත් සංචරණ සීමා අද සිටයි… දිස්ත‍්‍රික් සංචරණ සීමාත් සූදානම්.. ජනපති නිවේදනයේ දිනය නැති හේතුව මෙන්න..

May 11, 2021 at 9:20 am | lanka C news
පලාත් සංචරණ සීමා අද සිටයි… දිස්ත‍්‍රික් සංචරණ සීමාත් සූදානම්.. ජනපති නිවේදනයේ දිනය නැති හේතුව මෙන්න..

අද මධ්‍යම රාත‍්‍රීයේ සිට මෙම සංචරණ සීමා ක‍්‍රියාත්මක කරන බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

කොරෝනා වෛරස ව්‍යාප්තියේ වර්ධනය අනුව දිස්ත්‍රික්ක අතර සංචරණ සීමා පැනවීම ද ඉදිරියේදී සලකා බලා බව ඔහු කියා සිටියේය.

සංචරණ සීමා පැන වුව ද අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව ක්‍රියාත්මක වන බවත් ඔහු පැවසීය.

මේ අතර ඊයේ රාත‍්‍රියේ ස්වරණවාහිනියේ පැවැති වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ සංචරණ සීමා පැනවීමේ දී ඒවා අවසන් වන දිනයද ජනතාවට දැනුම් දිය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් උපදෙස් මත සංචරණ සීමා ක‍්‍රියාත්මක වන උපරිම දිනය මැයි 31 වනදා දක්වා පමණක් නිවේදනය කර ඇති බවය.

 

95,973 views

5 Comments to “පලාත් සංචරණ සීමා අද සිටයි… දිස්ත‍්‍රික් සංචරණ සීමාත් සූදානම්.. ජනපති නිවේදනයේ දිනය නැති හේතුව මෙන්න..”

  1. Felix says:

    Thuwalayata Beheth Nodama, Plaster Dameemak Gena Ahala Thiyanawa…. Ada Thama Eya Yam Tharamak Durata Pahidili Une.

  2. Love nature says:

    ඇවිද්ද පය දහස් වටී යන කියමනට විවේකයක් දෙමු. හොද තීරණයක් රජයට තුති.

  3. dil says:

    This is useless. Now the virus is in all the districts and since there is no travel restriction within the district, spread of virus within the district will happen. This is another idiotic decision from the long such list.

  4. Chuti malli says:

    දැන් මේකෙන් නැවතත් පීඩාවට පත් වෙන්නෙ කොළඹ පදිංචි ජනතාව. පිට පළාත් වල සේවකයන් රාජකාරියට එන්නෙ නැති නිසා කොළඹ ඉන්න කිහිප දෙනාට තමයි අනිත් අය වෙනුවෙන් අවදානම අරන් දිනපතා වැඩට යන්න වෙන්නෙ. මාර ලොජික් තමයි මෙව්වා!

  5. සමන්ත says:

    පලාත් අතර ගමනා ගමනය නවත්වා දැම්මා කිිවවාට ඒ දාලා තියෙන්නේ ප්‍රධාන මාර්ග වල විතරයි. ඕන තරම් අතුරු පාරවල් තියෙනවා බසනාහිර පලාතෙන් පිට වෙලා වයඹට, සබරගමුවට, දකුණට යන්න. මෝඩ වැඩ දැන්වත් නවත්වන එක හොදයි.

Main News