සංචාරයෙන් පසු උතුර ගැන තිබූ බිය නැති වුණා..අස්ගිරි මහ නාහිමි..

September 1, 2017 at 8:40 am | lanka C news
සංචාරයෙන් පසු උතුර ගැන තිබූ බිය නැති වුණා..අස්ගිරි මහ නාහිමි..

උතුරු පලාතේ පසුගිය දිනවල සිදු වූ සිදුවීම් හේතුවෙන් ජනතාව තුල ඇති වූ බිය ආරක්ෂක අංශ මැදිහත් වීමෙන් පසුව තුරන්ව ගිය බව අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන මහානාහිමියෝ උතුරු පලාතේ සංචාරයේදී යාපනයේ ආරක්ෂක නිලධාරීන් හමු වූඅවස්ථාවේදී වදාල සේක.

අස්ගිරි පාර්ශවයෙ මහානායක හිමියෝ පළමුවෙන්ම යාපනය නාගවිහාරයේ සංචාරය කරමින් ආගමික වතාවත්හි නිරත වූ අතර පසුව මහානායක හිමියන් නල්ලූර් කෝවිලට වැඩම කළ අතර එහිදී නල්ලූර් කෝවිලේ නල්ලෙයි ආදිනම් කුරුක්කල් තුමා ඇතුලු පිරිස සමග සාකච්ඡාවක්ද සිදු කළේය.

එහිදී නල්ලූර් කෝවිලේ නල්ලෙයි ආදිනම් කුරුක්කල් තුමා මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ,

‘දෙමළ ජනතාවගේ ගැටලුවලට පිළිතුරු දෙනවානම් යහපත් බවට අපි උන්වහන්සේ දැනුවත් කළා රජය මහානායක හාමුදුරුවො කියන දේ අහනවා අපේ ප්‍රශ්න රජයට කියල නිසි පිළිතුරු ලබා දෙන්න කියලා අපි සාකච්ඡා කළා ගිය ආණ්ඩුවට වඩා මේ ආණ්ඩුව හොඳයි රජයට ඇවිත් අපේ ප්‍රශ්න බලන්න කියලා අපි ආරාධානා කරනවා වෙනරටවල් වලින් ඇවිත් අපි බැලුවාට වැඩක් නැහැ කිසිම ප්‍රතිලාබයක් නැහැ අපේම අය ඇවිල්ලා බැලුවහම තමයි අපි දෙගොල්ල අතරේ සංහිදියාව වැඩි කරගන්න පුලුවන් ..යනුවෙනි.

අනතුරුව අස්ගිරි පාර්සවයේ මහානායක හිමියන් යාපනයආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරචරච්චි මහතා ඇතුලු ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් හමු විය එහිදී අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියන් වදාලා සිටියේ,

‘ඇතම් අවස්ථාවලදී අපි කිසිම පිළිතුරක් නොදී නිකන් ඉන්න අවස්ථාවන් තියනවා අපිටත් ඒ දේවල් ගැන අවබෝධයක් නැහැ අද මෙහෙම ආපු එකෙන් විශාල අවබෝධයක් සත්‍යතාවය කුමක්ද කියන එක පිළිබඳ අවබෝධයක් අපි ලැබුවා ඒක නිසා සාකච්ඡාවක් කරන්න වෙයි කියලා අපි හිතුවේ නැහැ නමුත් ඉබේම වගේ සංචාරයක් යෙදුනා ඒ යෙදිච්ච එක ඉතාම වැදගත් විශෙෂයෙන් ස්තූතිවන්ත වෙනවා මේ අවස්ථාව යොදාගෙන අපිව මේ ගැන දැනුවත් කිරීම ඔබතුමාල කරන සේවය ගැන අපිටි වටිනා අවබෝධයක් ලැබුනා අපි කොහොමටවත් හිතුවෙ නැහැ මෙවැනි ආකාරයෙන් රට පිළිබඳව ජාතිය පිළිබඳව ඔබතුමාල කටයුතු කරනවා කියන හැගීම ගැන ඒ නිසාම යලි බිහිසුනු තත්වයක් ඇති නොවෙයි. පසුගිය දිනවල සිදුවුනු යම් යම් සිද්ධි නිසා අපි භීතියට පත් වුනා මේ රැකගත්ත ආරක්ෂා කරගත්තු රට නැවත ඒ තත්වයට වැටෙයි කියලා ඉතින් ඒ බිය පහව ගියා ඔබලත් එක්ක කතා කිරීම තුලින් ජනතාව අතරත් තිබුනු බිය දැන් පහව ගිහින් ඔබතුමාලගේ මැදිහත් වීම නිසා . යනුවෙනි

අනතුරු වවුනියාවේ සහ මුලතිව්හි විහාරාධිපති වරුන් සමග වවුනියාව ශ්‍රී ශෛලබිම්බා රාමයේදී අස්ගිරි මහානායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවති අතර එහිදී විහාර වල පවතින ගැටලු සම්බන්ධයෙන් විහාරාධාපති වරුන් විසින් අස්ගිරි මහානායක හිමියන් දැනවත් කරන ලදි. .එහිදී අස්ගිරි මහානායක හිමියන් වදාල සිටියේ,

‘මේ විහාරස්ථාන වල හුගාක් අඩුපාඩුකම් තිබෙනවා ඒ වගේම ජනතාවගෙත් හුගාක් අපහසුතා තිබෙනවා ඒවා ඒවා විසඳන්නෙ කොහොමද කියල අපි බලමු මෙතන කතාකරලා තීරණේකට එන්න අමාරුයි ඒ නිසා ඔබවහන්සේලාගේ තිබෙන අඩුපාඩුකම් අපිට දන්වල එවන්න එමගින් අපිට පුලුවන් තරමින් ඔබවහන්සේලාට සහනයක් සලසන්න උත්සහ කරනවා ඒ වගේම අපේ ආණ්ඩුකාර තුමාත් දේශපාලනික පැත්තෙන් සංගයා වහන්සේලාට වගේම මහජනතාවටත් සිදු කරමින් පවතිනවා ඒ නිසා ආණ්ඩුකාරතුමාත් පලාත් සබාවේ මැති ඇමති වරුත් එක්ව ජනාධිපතිතුමා හා අගමැතිතුමා දැනුවත් කර සහනයක් ලබා දෙන්නට උත්සහ කරනවා ..යනුවෙනි. මෙම අවස්ථාවට සහභාගී වූ උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාද කියා සිටියේ විහාරාධිපතිවරුන්ගේ පවතින ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට පියවර ගන්නා බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

51 views

One Comment to “සංචාරයෙන් පසු උතුර ගැන තිබූ බිය නැති වුණා..අස්ගිරි මහ නාහිමි..”

  1. Ajith says:

    No Comments???? 🙂 :):) LOL

Main News