සංචිත හිදිලා.. ආනයන කල හැක්කේ තුන් මාසයකට පමණයි..- මහ බැංකුව කියයි..

June 12, 2021 at 11:20 am | lanka C news
සංචිත හිදිලා.. ආනයන කල හැක්කේ තුන් මාසයකට පමණයි..- මහ බැංකුව කියයි..

අද වන විට මෙරට සතු නිල විදේශ සංචිත ප්‍රමාණවත් වන්නේ මෙරට මාස තුනකට අවශ්‍ය ආනයනය සඳහා පමණක් බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.

දැනට මෙරට සතු නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන හතරක් ලෙස පවතින බව මහ බැංකුවේ පර්යේෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ චන්ද්‍රනාත් අමරසේකර මහතා පැවසීය.

චීන මහ බැංකුවෙන් විනිමය හුවමාරු පහසුකම යටතේ ලැබෙන ඇමරිකානු ඩොලර් බිලියන 1.5 මුදල මෙරටට මාසයකට සෑහෙන ආනයන සඳහා ප්‍රමාණවත් බව ද ඔහු පැවසීය.

එමෙන්ම ඉන්දියාව සහ බංග්ලාදේශයෙන් විනිමය හුවමාරු පහසුකම හිමිවන බවද කී ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 780 ලබන අගෝස්තු මාසයේදී ලබා ගැනීමට නියමිත බවද කියා සිටියේය.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීය.

54,518 views

30 Comments to “සංචිත හිදිලා.. ආනයන කල හැක්කේ තුන් මාසයකට පමණයි..- මහ බැංකුව කියයි..”

  1. ගොනාට අo says:

    මොලේ තියන ජනාධිපති කෙනෙක් මේ රටට හිටියනම් කොරෝනාවෙන්ම රට ගොඩ දමන්න තිබුන. කොහෙද ගම සමග ගොන් පිලිසදරෙන්ම තේරුණා උම්බෑ කියනවට එහා දෙයක් බැරි ගොබ්බයෙක් කියල. කල්පනාව ඩොලර් 5 කොමිස් එකට එහා බැරි නිසා ඩොලර් කොයින් එක්ක කොමිස් ගේමටම තමයි දත කෑවෙ. හරි මොලයක් තිබුන නායකයෙක් හිටියනම් නාවික හමුදා පොකුර සුවකරපු දේශිය වෙදුන්ටත් ආයුර්වේද වෙදුන්ටත් ආරක්ෂාව දීල රටේ ආර්ථිකයත් මිනිස්සුන්ගෙ ජීවිතත් ආරක්ෂා කරල තමුනුත් ගොඩ යනව. හැබැයි මොලේ නැතත් අහoකාරකමනම් තියනවා.

    • Isuru says:

      I usually disagree with comments attacking Gota but I have to agree with the above comment because I also know a thing or two about indigenous medicines making a real difference. It’s a massive missed opportunity and the window of time to correct that wrong path is fast disappearing and the impact can be fatal to the current government.

Main News