සංවර්ධනය ළඟා කර ගන්න අප හා අත්වැල් බැඳ ගන්නැයි ලෝක ව්‍යාපාරිකයින් අමතමින් ජනපති කියයි…
April 19, 2018 at 6:23 am | lanka C news
සමාජ සාධාරණත්වයෙන් යුත් සමෘද්ධිමත් හා තිරසර සමාජයක් සහිත ලෝකයක් බිහිකිරීමට 2030 වසර වන විට තිරසර සංවර්ධනය සඳහා වූ න්‍යායපත්‍රයක් අනුගමනය කරමින් පොදු පිළිවෙතක් වෙත ලෝක ජාතීන් එක`ග වී තිබෙන අතර, එම අපේක්ෂා සහගත සැලැස්ම සාර්ථකව කි‍්‍රයාවට නංවා, එයට ජීවය ලබාදීමට පොදු රාජ්‍ය මණ්ඩලීය සියලූ රටවල් කැපවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමු`ථවට සමගාමීව අද (18) ලන්ඩන් නුවරදී පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සංසදයේ ප්‍රධාන දේශනය සිදුකරමිනි.
රජය, ව්‍යාපාරික ප්‍රජාව සහ සිවිල් සමාජය යන ක්ෂේත්රවල ප්‍රධාන පාර්ශවකරුවන් මෙම හමුව සඳහා එක්ව සිටියහ.
එහි ප්‍රධාන දේශනය සිදුකළ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේ තිරසර සංවර්ධන ඉලක්ක කරා ළගා වීමට අවශ්‍ය යටිතල පහසුකම් ගොඩනැංවීමේදී පොදු සහ පෞද්ගලික සහයෝගීතාවයේ වර්ධනය අතිශයින් වැදගත් බවයි.
සමාජයේ වගකීම් සහගත පිරිසක් ලෙස සිය ව්‍යාපාර කටයුතුවලදී තාක්ෂණික සහ මූල්‍යමය දායකත්වය තුළින් තිරසර සංවර්ධන ඉලක්ක ළගාකර ගැනීමට දායකවන්නැයි ද මෙහිදී සියලූ ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා සිටි ජනාධිපතිතුමා පොදු රාජ්‍ය මණ්ඩලීය සහ අනෙකුත් රටවල් සම`ග අත්වැල් බැ`දගනිමින්, සමාජීය වගකීම සහ සියලූදෙනා ඇතුළත් කර ගන්නා සංවර්ධනයක් සපථ කිරීමට කැපවන ලෙසද සියලූදෙනාට ආරාධනා කළේය.
ශ්‍රී ලංකා රජය, තිරසර සංවර්ධන අරමුණු ඉටුකර ගැනීමේ ජාතික ප්‍රතිපත්තිය කි‍්‍රයාත්මක කිරීම වේගවත් සහ යාවත්කාලීන කිරීම ස`දහා තිරසර සංවර්ධනය පිළිබද විශේෂ වූ අමාත්‍යාංශයක් ද පිහිටුවා තිබෙන බව සදහන් කළ ජනාධිපතිතුමා නීල හරිත ආර්ථික වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සහ අනෙකුත් ස්වභාවික සම්පත්වල සම්පූර්ණ උපයෝගීතාවය පරිසරහිතකාමී සහ තිරසර භාවිතයෙන් යුතුව සනාථ කරනු ඇතැයි ද ස`දහන් කළේය.
මෙම ආර්ථික උපක්‍රම හරහා වූ යහපත් ක්‍රමවේද ආමන්ත්‍රණය කිරීමේ පරමාදර්ශී රටක් බවට පත්වීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් සදහන් කළේය.
– ජනාධිපති මාධ්‍ය ඒකකය
Please give us the video link.
ඔලුව නැති වියපාරිකයෝ ඉන්නවනම් එන්න පුළුවන් බංකොලොත් වෙලා යන්න
me gembata mona arthikayakda
රටේ තියන ආර්ථික පරිහානිය නිසා නිතියානු කුලව හම් සාප්පුවක් දාන්න දෙනවා නම් අපේ රටේම කොච්චර ඉන්නවද ආයෝජනය කරන්න. ආයිත් පිට රට වල අයට අඩගහන්න ඕනේ නැහැ.
හිපටුවො ඉස්සෙල්ල සිංහල මිනිස්සු එක්ක
අත්වැල් බැඳගනින්
අපේ බදු මුදල් වියදම් කරලා රට ගිහිල්ල මොනවා හරි කියලා එනවා. එයා දන්නෙ නෑ මොනවා කිව්වාද කියලා. අහන් එවුනුත් දන්න වා මිනිහා කියන ඒවා රනිල් කරන්නෙත් නෑ කියලා.මිනිහත් දන්නවා මිනිහාට මොනවත් කරන්න බෑ කියලා එක්කොම දන්නවා රටේ මොනවත් වෙන්නෙ නෑ කියලා. පත්තරවල ටි.වි.වල එවුනුත් දන්නවා මෙයා කියන ඒවා කවුරුත් අහන්නෙ නෑ කියලා ඒත් ආන්ඩුවේ සල්ලි වලින් රට යන්න ලැබෙන් නිසා යන මාධ්‍ය කාරයත් මොනවා හරි ලියනවා. .
ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ කිව්වලු.
හරිම හර බර කතාවක් නෙවැ!
වීඩියෝ ලිංක් එකක් කාරිය නැතෙයි?
තේරෙන්නෙ නැතිවුනත් ඉංගිරිසියෙන්ම අහන්න ආසයි ඕයි!
මොනවා කිව්වත් මු පිස්සා. නිකමට හරි මු ඉල්ලා අස් වුනොත් රනිලා ජනාධිපති වෙනවා. ඊට පස්සේ සාගල අගමැති වෙනවා. අන්තිමේදී මහින්දයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි නන්නත්තාර වෙනවා.