සංශෝධනයෙන් එජාපය ඇවිලේ.. අජිත් පී. පෙරේරා මහා ජල්ලියක් අල්ලයි.. නැවතත් විදුලි බලයම ඉල්ලා ගනී.. දිවුරුම් දෙන්න සූදානම්..

February 25, 2018 at 10:33 pm | lanka C news
සංශෝධනයෙන් එජාපය ඇවිලේ.. අජිත් පී. පෙරේරා මහා ජල්ලියක් අල්ලයි.. නැවතත් විදුලි බලයම ඉල්ලා ගනී.. දිවුරුම් දෙන්න සූදානම්..

බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමතිවරයා ලෙස අද (25) දිනයේ දිවුරුම් දුන් අජිත් පී. පෙරේරා මහතා ඊට විරෝධය පල කරමින් එක්සත් ජාතික පක්‍ෂය නාවකත්වයට දැඩි බලපෑම් කර ඇති බව වාර්තා වෙයි.

ඔහු කොතරම් තදින් බලපෑම් කර ඇත්ද යත් හෙට (26) දිනයේදී ඔහු නැවතත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය ඇමතිවරයා ලෙස යලි දිවුරුම් දීමට සූදානමින් සිටී.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ගද සනාථ කර සිටින්නේ එවන් දිවුරුම් දීමක් හෙට දිනයේ සිදු විය හැකි බවය.

ඇමති මණ්ඩල සංශෝධනයත් සමගින් එක්සත් ජාතික පක්‍ෂය තුල දැඩි කැළඹීමක් හටගෙන ඇති බවද වාර්තා වන අතර තමනට පෙර ඇමති ධුරය හෙට දිනය තුල නොලදහොත් සියල්ල අතහැර යන බවටද අජිත් පී පෙරේරා මහතා දැඩිව අනතුරු අගවා ඇති බවද සිරිකොත ආරංචි මාර්ග කියා සිටී.

මේ නිසා එජාප නායකත්වය විසින් ජනාධිපතිවරයාට කරන ලද දැඩි ඉල්ලීම මත හෙට දිනයේදී නැවත වතාවක් අජිත් පී. පෙරේරා මහතා පෙර ඇමති ධුරයේ දිවුරුම් දීම සිදුවනු ඇති බවද දැනගන්නට ඇත.

69 views

40 Comments to “සංශෝධනයෙන් එජාපය ඇවිලේ.. අජිත් පී. පෙරේරා මහා ජල්ලියක් අල්ලයි.. නැවතත් විදුලි බලයම ඉල්ලා ගනී.. දිවුරුම් දෙන්න සූදානම්..”

  1. SIRIL says:

    AJITH CAN NOT WORK WITHOUT ELECTRICITY

  2. සව්දන්ජෙමා says:

    නීතිය ඇත්තේ දුබලයාට පිළිපැදීමටත් බලවතාට උල්ලංඝනය කිරීමටත්ය..

  3. තරගය අවසානයේදී අශ්වයාට says:

    තරගය අවසානයේදී අශ්වයාට හතිය ද, ජොකියාට පී‍්‍රති ඝෝෂාව ද, හාම්පුතාට රන් කුසලාන ද හිමි වේ.එත් චන්දය දුන් ජනතාවට උරුම අවුරුදු පහක කරුමය පමණකි.

  4. Open mind says:

    කාටද පිස්සු ?

  5. රාවණා says:

    කටු කන බල්ලෝ… පළාත් සබා චදෙන් තමයි මුන්ට උන ගන්නේ

  6. Asoka says:

    තොපි අමෙතිකම් බෙදා බෙදා ඉන්නවා මිසක් රටට වැඩක් නම් කරන්නේ නැහැ. වරෙන්කො ඊළඟ චන්දෙට. හොඳ පාඩමක් උගන්නන්නම්

  7. Gonawala Jagath says:

    Atthatama ajith perera nama wenas karagaththa demalekda?

    Pahadili kirimak awashyayi

  8. Piyal says:

    How can Sajith who can not protect his wife can protect the country

  9. Dr. Ching Pedro says:

    MY 3 YOU ARE SIMILAR TO SCARECROW AT POLONNURWA PADDY FIELD.

Main News