සංසාර පුරුද්දට රට විකුණන දොන් ජුවන්ට එරෙහි නූතන විදියේ බණ්ඩාර පරපුරේ පුනරාගමනය.. කොස් කොළ කැඳ සහ ක්‍රොටන් කොළ හොද්ද..

January 28, 2017 at 6:48 pm | lanka C news
සංසාර පුරුද්දට රට විකුණන දොන් ජුවන්ට එරෙහි නූතන විදියේ බණ්ඩාර පරපුරේ පුනරාගමනය.. කොස් කොළ කැඳ සහ ක්‍රොටන් කොළ හොද්ද..

ඊයේ නුගේගොඩදී පැවති පෙරළියක ඇරඹුම ජනතා රැළියේ දී පිවිතුරු හෙල උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

හරියටම වසර දෙකකට කලින් දිනේෂ ගුණවර්ධන, වාසුදේව නානයක්කාර විමල් වීරවංශ මන්ත්‍රීතුමන්ලා සමග මම ඔබ තමුන්නාසේලාගෙන් පුංචි ඉල්ලීමක් කලා ඔබ මහින්දට ඡන්දය දුන්න ලක්ෂ 58න් කෙනෙක් නම් 18 වෙනිදා සවස 3.00ට නුගේගොඩට එන්න කියලා. එදා අපි එනකොට තමුන්නාසේලා රොද බැඳ ගෙන ඇවිත් අලුතෙන් ආව යමපාලන ආණ්ඩුව යන්නේ වැරදි පාරේ මේ පාරේ යන ආණ්ඩුව එළවන්න අපි ලැස්තියි කියන පණිවිඩය දුන්නා. මිත්‍රවරුණේ එදා අපි බිහි කරපු ඒ මහින්ද සුළගේ ආණ්ඩුව මරණය කර ලංකරමින් හිටියේ. ඒදා සන්ධානයේ නායකයින් සිරිසේනගේ සිරා ලණුව කලා සන්ධානයෙන් ඡන්දය ඉල්ලුවේ නැත්නම් 2016 ආගෝස්තු 17ම මේ ආණ්ඩුව අපිට ගෙදර යවන්න තිබුණා. ඒදා අපි එන්න කිව්වේ ලක්ෂ 58ට විතරයි. මෙගා ඩිල් ගැන මෙගා බොරු වලට රුවටුණු ලක්ෂ 62කටත් අපි අද එන්න කිව්වා. මිනිස්සුන්ට වරදිනවා ඒ වරද නිවැරදි කර ගැනීම තමයි මහත්මා ගතිය ඒ 58යි 62යි නියෝජනය කරමින් මේ ජනගඟ අද මෙතනට ආවේ ආණ්ඩුවට පණිව්ඩයක් දෙන්නයි. බුදුරජාණන් වහන්සේට නව වරක් පුජා කරපු මේ පින් බිම වසර දෙකක් කෑවා කාලා ඉවර කරන්න දෙන්න බෑ දෙයියන්ගේ නාමෙට පලයල්ලා කියන්නයි අපි අද නුගේගොඩට ආවේ. රනිල් වික්‍රමසිංහ මහත්තයෝ පුජිතගේ පොලිසියේ , ඇමරිකවේ, ඉන්දියාවේ සහයෙන් මේ ජනමතයට ඇහුම්කන් නොදි ඉන්නවා නම් මේ ජන ගඟ අරගෙන අරලිය ගඟ මන්දිරයට එන්න අපි ලෑස්තියි කියන පණිවිඩය අපි ආණ්ඩුවට දෙනවා.

මිත්‍රවරුණේ මේ සටනට වංගු, බේක්, රිවස් නෑ මේ පරගැති රූකඩ වැඩ බැරි ආණ්ඩුව ගෙදර යවන තුරු මේ සටන අපි නතර කරන්නේ නෑ කියන ප්‍රතිඥව අපි තමුන්නාසේලාට ලබා දෙනවා. ඒදා නුගේගොඩ සටනේ අපේ ආයෝමය ශක්තිය ශ්‍රි ලංකා දේශපාලනයේ රිදි සීනුව අපේ ආදරණිය සටන් සගයා විමල් විරවංශ මැතිතුමා අද මේ වේදිකවේ නෑ. එතුමා නෑ නෙවෙයි එතුමට එන්න දුන්නේ නෑ අද එතුමා අපි වෙනුවෙන් කරන සටන වෙනුවෙන් හිර ගෙදර අපි රනිල්ට කියනවා මැගසින් බන්ධනාගාරයේ බිත්තිවලට, කලු යකඩ කුරු වලට විමල්ගේ ශක්තිය නතර කරන්න බෑ.

කොස් කොළ කැඳ සහ ක්‍රොටන් කොළ හොද්ද

නියඟය ඇවිල්ලා නියඟයට මේ ආණ්ඩුවේ වැඩ පිළිවෙලක් නෑ, නියඟය ඇවිල්ලා මාසයක් යද්දි තමයි ජනාධිපති කාර්යා සාධක බලකාය පත් කරන්න මතක් වෙන්නේ. අපේ කෘෂිකර්මාන්තයට තිබ්බ වතුර ටික ජල විදුලිය හදන්න පාවිච්චි කරලා ජනාධිපතිගේ ලොකුම සිහිනය සැබෑ කරන්න කාෂ්ඨක පොලවට වෙලිලා තිබ්බ මොරගහ කන්දට ජලයෙන් පුරවන්න මහා ජල කදක් ලෑස්ති කරලා මේ ආණ්ඩුව නියඟය දෙගුණ තෙගුණ කරලා වැඩේ වරදුණාම දිසා ලේකම්වරු කැඳවලා කියනවා දැන් ඉතින් මඤ්ඤොක්කා වවන්න කියලා. මඤ්ඤොක්කා අලේ බහින්නත් මාස 4ක් 6ක් යනවා අලේ බහිනකොට නියඟය ඉවරයි කොහොමද රනිල්ගේ මොලේ කියලා තමයි අපිට අහන්න වෙන්නේ. ඔන්න දැන් අපිට කියනවා කන්න නැත්නම් ක්‍රොටන් කොස් කොළ කන්න කියලා. මේ අයට කන්න දෙයක් නැත්නම් චීනයෙන්, පකිස්තානයෙන්, බුරුමයෙන් හාල් ටිකක් රටට ගෙනත් දෙන්න. ඒ වෙනුවට ක්‍රොටන් කොස් කොළ කන්න කියන්නේ මේ ආණ්ඩුව බලයට පත් කරපු නිසා මේ රටේ ජනතාව හරක් කියලා හිතන නිසයි. අපිට තියෙනවා පොඩි පණිවිඩයක් රටේ නායකයින්ට දෙන්න අතිගරු ජනපතිතුමනි ගරු අගමැතිතුමනි අවවාදයට වඩා ආදර්ශය උතුම් ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට. ඒ නිසා සජිවී මාධ්‍ය හමුවකට සියළුම මාධ්‍ය ජනාධිපති මන්දිරයට කැදවලා සජිවි විකාශය ආරම්භ කරලා මෙසේ උඩ ක්‍රොටන් කොස් කොළ ගොඩ ගහලා සහයට හරක් පැටවු ටිකත් දෙපැත්තෙන් තියාගෙන ජනපතියි අගමැතියි ක්‍රොටන් කොස් කොළ කලා පෙන්වන්න. මේ සජිවි විකාශය අතරතුර ජනපතිට පුළුවන් රටට පණිවිඩයක් දෙන්න උදේට බොමු අපි කොස් කොළ කොස් කොළ කොස් කොළ කැඳ හදලා කියලා. අගමැතිතුමා එතකොට කියනවා දවල්ට කමු අපි ක්‍රොටන් ක්‍රොටන් ක්‍රොටන් හොදි හදලා කියලා. ඒක හැදුවට පස්සේ රටේ ජනතාවට පුළුවන් මේවා කනවද නැද්ද කියලා තීරණය කරන්න. මේ ආණ්ඩුව රට ණය උගුලෙන් බේර ගන්නවා කියලා ඇවිල්ලා රට ණය උගුලක හිර කරලා ඉවරයි. අද මුළු රටටම වෙන්දේසි වත්තක් කරලා කෑලි කෑලි වලට විකුණනවා. කුඩුකාරයෙකු වගේ අහුවෙ අහුවෙන හැමදේම විකුණනවා. මෙහෙම තව අවුරුදු 03ක් ගියොත් මිත්‍රවරුණේ රටේ කැල්ලක්වත් ඉතුරු වෙන්නේ නෑ. ඇයි රනිල් මෙහෙම විකුණන්නේ එයාට තියෙනවා උපායක් 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක පැත්තකින් අගමැති අපෙක්ෂකයා විදිහට එනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා රට බේරගත්තු රට හදපු නයකයා. අනෙක් පැත්තෙන් එනවා 29 වතාවක් ජනතාව ප්‍රතික්ෂේප කරපු රට විකුණන රට පවා දෙන නායනයා රනිල් වික්‍රමසිංහ මොකද වෙන්නේ රුපියල් 10000කින් පඩි වැඩිකරලා, රුපියල් 300කින් ගෑස් අඩු කරලා, රුපියල් 35කින් ප්‍රෙට්‍රල් අඩු කලාම රට රුක්ක නායකයා පරාජයට පත් කරලා රටට විකුණපු නායකයාට අගමැති දුරය භාර දෙනවා. ඒ නිසා රනිල් දන්නවා 2019 ජනාධිපති වීම තමයි එතුමගේ එකම සිහිනය 1994 සිට ඉටු කර ගන්න බැරි වුණ සිහිණය. එතුමා හිතන්නේ හම්බන්තොට වරාය විකුණනවා ඩොලර් බිලියනයයි, තවත් ඩොලර් බිලියනයක් ආයෝජන කාලාපයෙන්, ඉන්දියාවෙන් බිලියනයයි, කොළඹ වරායෙන් බිලියනනයි, ඉතුරු බිතුරු විකුණලා මිලියන භාගයයි ඔක්කොම බිලියන හතරහාමාරයි. 2019 ජනතාව ඉස්සරහට ඇවිල්ලා කියනවා මහින්දගේ ණය උගුල නිසයි වසර 4ක් දුක් වින්දේ ණය උගුලෙන් ගොඩ ඇවිල්ලා ඉවරයි දැන් අපි සැප දෙනවා කියලා මේ සල්ලි වියදම් කරලා පඩි වැඩිකරලා සහන දීලා ජනාධිපතිවරණය දිනන එක තමයි රනිල්ගේ උපාය වෙලා තියෙන්නේ.

සංසාර පුරුද්දට රට විකුණන දොන් ජුවන්ට එරෙහි නූතන විදියේ බණ්ඩාර පරපුරේ පුනරාගමනය

මේවැනි මහා පවා දීමක් සමස්ථ ලංකා ඉතිහාසයේම වෙලා තියෙන්නේ 1580 දී ලංකාව තැගි ඔප්පුවකින් පෘතුගීසි රජුට තෑගි කළ දොන් ජුවන් ධර්මපාල රජතුමා. අද රනිල් කියන්නේ දොන් ජුවන් ධර්මපාලගේ පුනරුප්පත්තියයි. රට විකුණන්නේ සංසාරේ පුරුද්දට. ඒ නිසා තමයි බලය ලැබෙන හැම වෙලාවෙම රට විකුණන්න හදන්නේ. අපි රනිල් මහත්තයාට කියනවා ඒදා පෘතුගීසින්ට විරුද්ධව සටන් කරපු විදියේ බණ්ඩරලා ටිකිරි කුමාරයලා හිටියා රනිල් වික්‍රමසිංහ දොන් ජුවන් ධර්මපාල ඉපිද ඉපිද රට විකුණ බව දන්න නිසා විදියේ බණ්ඩරලා ටිකිරි කුමාරයලා නිවන් දැක්කේ නෑ. ඒ අය මේ පින් බිමේ ඉපදෙන්නේ දොන් ජුවන්ගෙන් රට බේරා ගන්න. හිර ගෙදර පෙනි පෙනි අද මේ වේදිකාවේ ඉන්නේ ඒ විදිය බණ්ඩාර පරපුර තමයි මිත්‍රවරුනේ. එතකොට තමුන්නාසේලා ඇයි නුගේගොඩට ආවේ එත් සංසාර පුද්දට මිත්‍රවරුණේ. එදා ගන්නොරුවේ දී පෘතුගීසින්ට උණ ගැනෙන්න පරාජය කළේ තමුන්නාසේලා. මුල්ලේරියාවේ වෙලේ වතුර ලෙයට හැරෙව්වේ තමුන්නාසේලා. ජාතිය ආමාරුවේ වැටුණු හැමවේලාවෙම බේරා ගත්තේ තමුන්නාසේලා. ලක්මව විලාප දෙමින් අද කියනවා මගේ පුතේ මාව බේරා ගන්න කියලා. ඔබ උපන් බිමට ඔබේ යුතුකම ඉටු කරන්න කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා ලෑස්තියි. දෙවැනි නිදහස් සටන වගේම මේ පරගැති රූකඩ ආණ්ඩුවෙන් මේ මව්බිම බේරා ගන්න නිදහස් සටන ආරම්භ කරන්න අන්න ඒ නිදහස් සටන ආරම්භ කරන්න මහින්ද මැතිතුමා පිටුපසට එකතු වෙන්න කියලා තමුන්නාසේලාට ආරාධනා කරනවා.

– අරවින්ද අතුකෝරල

8 views

12 Comments to “සංසාර පුරුද්දට රට විකුණන දොන් ජුවන්ට එරෙහි නූතන විදියේ බණ්ඩාර පරපුරේ පුනරාගමනය.. කොස් කොළ කැඳ සහ ක්‍රොටන් කොළ හොද්ද..”

  1. Santha says:

    2012 ශිරාණි බන්ඩාරනායකට එරෙහිව පැවති දෝෂාභියෝගයට සහාය දුන් සියලු දෙනා හිර බත් කෑමට සූදානම් වන්න…අද යහපාලනය සහ ශිරාණිගේ දේශණා ඇසූ විනිසුරන් ඔබව වැලිකඩ දැමීම සදහා පසුපස පන්නාගෙන එයි…එයින් ගැලවීමක් නැත….

    • john silva says:

      සුමන්තිරන්ට කොටි තර්ජන කියා නැවත සුපිරි ඩයස්පෝරා රංගනයක්….සුමන්තිරන් ඒකීය ව්‍යවස්ඛායක් කියමින් සුද්දාට රට බදු දෙන්න හදයි..සේතුංග සමල එක් වී ෆයිසර් මුස්තාෆා ජාතික ලැයිස්තුව කොල්ල කෑව වගේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරැවරැ බැදුම්කර සිදුවීමට අදාල ජනාධිපති කොමිසමට දමා රට බෙදන සුද්දට රට විකුණන වැඩේ නියමෙට කරගෙන යයි. ශ‍ේ‍රෂඨාධිකරණයේ ආබෘෘ සහ ඊවා අතර වලියක් ඇතිකර ඇතුළේ කචල් හදා යටින් ගේම් ගහන විජේදාසගේ යටිසූත්තර හදුනාගමු….

    • Edwad Silva says:

      ඩිෆෙන්ඩර් වලින් තරුණයො උස්සන
      චණ්ඩි රැජිනියෝ හිත හිරිවට්ටන
      සෙනසුරාද නඩු අහලා ඇප දෙන
      පුදුම රටක් නීතිය දනගස්සන

  2. gorrila says:

    දොන් ජුවන් ධර්මපාල රජ කියන්නේ වීදිය බණ්ඩාරගේ පුතානේ. එක දන්නේ නැද්ද?මේ යකා කටට ආපලියට කියවල පීචං වෙනවා

    • එළුවා says:

      උඹ දන්න ඉට්ට. නොදන්න කම ප්‍රදර්ශනය කරන්න එපා….

      කොස් කොළයක් කාල බුදිය ගනිං ගාලට වෙලා…..

      • gorrila says:

        ඔයි දොන් ජුවන් කියන්නේ වීදිය බණ්ඩාරගෙයි සමුද්‍රදේවිගෙයි පුතා, 7වෙනි බුවනෙක බාහු රජ තුමාගේ මුණුපුරා,
        මේ මිනිහගේ දේශපාලනේ හොද උනාට උ කතාකරන්නේ අමු ගොබ්බ විදිහට.

        • එක්නැළිගොඩ says:

          දොන් ජුවන් කියන්නේ වීදිය බණ්ඩාරගෙයි සමුද්‍රදේවිගෙයි පුතා බව ඇත්ත. ඒත් දොන් ජුවන් පෘතුග්‍රීසි රූකඩයක් වෙද්දි වීදිය බණ්ඩාර පෘතුග්‍රීසින්ට එරෙහිව කටයුතු කලා. කියන දේ තේරුම් ගනින් ඉස්සෙල්ලා

          • gorrila says:

            ඔයි තමුසේ මෙක හරියට කියෙව්වද? මු කියල තියෙන්නේ දොන් ජුවන්ට එරෙහිව වීදිය බණ්ඩාර කියල. වීදිය බණ්ඩාර ප්‍රතුගීසීන්ට එරෙහිව සටන්කල බව ඇත්තතමා ඔයි. තමුසෙලාවගේ රටපටල ගන්න එවුන්ගෙන් ලංකාවම පිරිල අයිසේ.

        • එක්නැලිගොඩ says:

          වචන එක්ක හරබ කරන් නැතුව කියල තියෙන දේ හරියට තේරුම් ගනින් බං. මේ කතාවේ බොහොම පැහැදිලිව කියල තියෙනව —- පෘතුගීසින්ට විරුද්ධව සටන් කරපු විදියේ බණ්ඩරලා ටිකිරි කුමාරයලා හිටියා —කියල මිසකඒ කාලේ දොන් ජුවන්ට එරෙහිව වීදිය බණ්ඩාර යුද්ද කලා කියල නෙමෙයි.

          ඒ දොන් ජුවන් ධර්මපාල නැවත මේ රටේ රනිල් වික්‍රමසිංහ ලෙස ඉපදිලා රට විකුණන්න හදනකොට ඒ විදිය බන්ඩාරලා රාජ සිංහල නැවත ඉපිද ඊට එරෙහිව සටන් කරනව කියලයි මේ කියන්නේ.

          ඒ යුගේ වීදිය බන්ඩාරගේ පුතා වෙලා දොන් ජුවන් ඉපදුනාට මේ වර්තමානේ ඉපදෙනකොටත් වීදිය බන්ඩාර රනිල්ගේ තාත්ත වෙලා දොන් ජුවන් රනිල් වෙලා පිළිවෙලට උපදින්න ඕන කියල නියමයක් කොහෙද තියෙන්නේ.

  3. නුවන් says:

    මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ නාලන්දාරාමාධිපති පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් විසින් ශේ්‍රෂ්ඨාධිකරණයේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ (26 වැනිදා) කැඳවනු ලැබූ අවස්‌ථාවේ උන්වහන්සේ
    ඇතුළු වගඋත්තරකරුවන් කිසිවකුත් උසාවි පැමිණ නොසිටි නිසා ඔවුන් සියලු දෙනාටම මාර්තු මස 07 වැනිදා උසාවි පැමිණෙන්නැයි නොතීසි නිකුත් කරන ලෙස ශේ්‍රෂ්ඨාධිකරණය නියෝග කළේය.
    Res judicata සිද්ධාන්තය දැම්මහම ආයෙත් බැදුම්කඑ සම්බන්ධව නඩු අහනවා බොරැ….කොහොමද යහාපාලන නීති ගැට…ජනාධිපති විශේෂ කොමිසමේ ඉන්න චිත්‍රසිරි නියමෙට වැඩේ බැලන්ස් කරයි….

    • Devika says:

      ජාතික ආණ්ඩුව සම්බන්ධව පාර්ලිමේන්තුව සම්බන්ධයැයි නඩු සුම්මා….කෝප් සම්බන්ධව පාලිත හිමි හුන්දා පුළුවන්//////මාර නීතියක්….අනේද කියන්නේ්‍……..

      • Devika says:

        සුසිල් ප්‍රේම්ජයන්තට තිබුණු මහාධිකරණ නඩුව ඉල්ලා අස්කර ගත්තා මතකද? දැන් සුසිල් මේ දිනවල මෛත්‍රීට විරුද්ධ කරනමක් ගහන්න යනවා වගේ පෙන්නවා නේද? ඒ මොකද? මේ යහපාලන ආණ්ඩුවේ ඇමතිවරු සංඛයාව අඩුකරන්න පුළුවන් ජාතික ආණ්ඩුව ආරක්ෂා කරගන්න සුසිල්ව ඉත්තෙක් කරගෙන ඉන්නා හින්දද?
        ඊනියා ජාතික ආණ්ඩුව අටවා ගනිමින් ඇමතිවරු සංඛ්‍යාව වැඩි කිරීමේ සිට 2015 අගොස්තු පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී පරාජිතයන් ඇමතිවරු කිරීමේ සියලු නීති ගැට ගහන්නේ කවුද? එකී පරාජිතයින් පාර්ලිමේන්තු යවන්න කියා ඒ මහා පාවිදීම කරමින් ලැජ්ජා නැතිව ඇමතිවරයෙක් ලෙස සුසිල් ඉන්නේ ඇයි?

Main News