සංහිදියාවට බාධාවක් කියා රාජගිරිය ජනාධිපති විදුහලේ බුදුපිලිමය තබන්න එපා කියා හර්ෂද සිල්වා කියලා..?
October 4, 2018 at 10:11 pm | lanka C news
රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ බුදු මැදුරට බුදු පිළමයක් තැන්පත් කිරීම සංහිදියාවට බාධාවක් යයි කියමින් එය වහා නවතන්නැයි නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් දන්වා ඇති බවට සමාජ ජාලාවන්හි වාර්තා පල වෙයි.
බුදු පිළිමය තැන්පත් කරන්නේ නම් අන්‍යාගමික සංඛේත හා ප්‍රතිමාද තැන්පත් කරන්නැයි ඔහු දන්වා ඇතැයිද එම වාර්තාවන්හි සදහන්ය.
කෙසේ වෙතත් මෙම වාර්තා දැඩිව ප්රතික්ෂෙප කරමින් නියෝජ්‍ය ඇමතිවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.
එමගින් ඔහු සදහන් කර ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ තමන් සමග දේශපාලන සටනේ යෙදී සිටින යම් කිසි පිරිසක් කලක පටන් උත්සාහ කරන්නේ ආගම යන විෂය මුල්කර ගනිමින් තමනට මඩ ව්‍යාපාරයක් දියත් කිරීමට බවයි.
එකී සම්පුර්ණ සටහන මෙසේය.
මා බෞද්ධයෙකු බව ලෝකයටම කියන්නේ ඉමහත් ආඩම්බරයෙන්. රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ බුදු පිළිමයක් තැන්පත් කිරීම නතර කිරීමේ අවශ්‍යතාවයක් මට නෑ.
මා මේ සටහන තබන්නේ “සංහිඳියාවට බාධාවක්, බුදු පිළිමය නොතබනු – හර්ෂ ද සිල්වාගෙන් රාජගිරිය ජනාධිපති විද්‍යාලයට අණ“ යන නමින් අන්තර්ජාලයේ පැතිරී යන මඩ ප්‍රවෘත්තිය සඳහා පිළිතුරක් ලෙසයි.
මඩ ප්රවෘත්ති සඳහා මා සාමාන්‍යයෙන් පිළිතුරු ලබා නොදුන්නද මෙහි ඇති සුවිශේෂී ස්වභාවය නිසා මෙම සටහන තබමි. මාගේ ඉල්ලීම පරිදි රුපියල් මිලියන 110 කට ආසන්න වියදමක් දරමින් කෝට්ටේ ප්‍රදේශයේ සියළු පාසැල්වල දරුවන්ට පොදුවේ පරිහරණය කළ හැකි පරිදි රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ පිහිනුම් තටාකය ඉදිකිරීමේදී ඒ අවට ගොඩනැගිලි සහ තාප්පය පිළිබඳව විවිධ වූ විවාදයන් ඇතිවූ බව සත්‍යයකි. නමුත්, එවැනි විවාදයන් සිදුවූයේ කිසිදු ආගමික පදනමකින් නොවේ.
දේශපාලනය යනු පොරපිටියක් බව ඕනෑම කෙනෙකු දනී. කොළඹ දිස්ත්‍රික්කයේ මා සමග දේශපාලන සටනේ යෙදී සිටින යම් කිසි පිරිසක් කලක පටන් උත්සාහ කරන්නේ ආගම යන විෂය මුල්කර ගනිමින් මා වෙත මඩ ව්‍යාපාරයක් දියත් කිරීමටයි. මා අඳින්නේ ටයිකෝට් නිසාත්, මා ඉංග්‍රීසි කතා කරන නිසාත්, මා සියළුම ආගමික සහෘදයන්ට හෘදයාංගමව සලකන නිසාත්, ආගම පදනම් කරගත් දේශපාලනයක මා නියැලී නොමැති නිසාත් මෙවැනි ප්රවෘත්ති නිර්මාණය කිරීමෙන් තමන්ට වාසියක් ලබාගැනීමට හැකිවනු ඇතැයි ඔවුන් විශ්වාස කරයි.
මා බෞද්ධ සහෝදරයින්ට මේ අවස්ථාවේ දැනුම් දෙන්නේ රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ ඉදිකර තිබෙන බුදු මැදුරේ බුදුපිළිමයක් තැන්පත් කිරීමට මා කිසිසේත්ම විරුද්ධ නොවන බවයි. මෙවැනි මඩ ප්රවෘත්ති මවන පුද්ගලයින්ට කියන්නට තිබෙන්නේ නළලේ කොටාගෙන නොසිටියාට මා හොඳ බෞද්ධයෙකු බවයි. ඒ නිසාම, සෑම ආගමකටම ගෞරවයෙන් සැලකීමටද මා පුරුදුව තිබේ.
– Harsha de Silva FB
අදහස් නොලිය ඔබ වරදවා සිත
ජාති ආගම් හෑල්ලු නොකර සිත
ලිව් විට කියවන්නාට සතුටෙ සිත
අගයති සැවොම ඔබෙ උගත් සිත
මෙහෙමයි වෙන වැරදි පැත්තක තියමු ,දැන් ඔහු කියනවා මම එසේ නියෝග නුදුන් බව එසේම ඔහු බෞද්දයකු බවත් කියනවා ඔහු තමා බෞද්දයකු බව ප්‍රසිද්දියේ කියනවානම් එසේ නියෝගයක් නුදුන් බවත් කියනවානම් එතැන ප්‍රශනයක් නෑ නේද ?එසේම පාසලින් සොයා බලන්න ඕනා යම් කිසි කෙනෙක් නියෝගයක් දුන්නාද කියල එහෙම නැතිනම් ප්‍රශනයක් නෑ.බොරුවට මඩ ගැසීම වැරදියි .විපක්ෂයේ දේශපාලනය වියයුත්තේ සැබෑ කරුණු මත කරන විවේචනය මිස බොරුවෙන් ගෙනයන “රත්තරන් අශ්වයා “පන්නයේ දේශපාලනය නොවේ එවැනි විවේචන තාවකාලිකයි බොරුව හෙළි වූ විට ප්‍රතිපල බයානකයි
මේ වගේ ඇයි උතුරට ගිහිල්ලා විග්නේස්වරන්ට කියන්නේ නැත්තේ උතුරේ පන්සල් හදන්න දෙන්නේ නැත්තේ ඇයි කියා නිකන් බොරු එපා
මේවගේ වරිගයේ පෙර අය දමිල කල්ලතෝනි පරපුරෙන් එන නිසා
ගොරහැඩි අධම හර්ෂයගේ ජරා හිත…
වහනට කවි ගොතන පිම්පියෝ එලි බහිත.
සංහිදියාව කියමින් තෙල් බෙදා අත
ලෙවකන හිගන්නුන් පරලොව යා යුතුව ඇත.
හොඳය් බුදු පිළිම කතාව පැත්තක තියමු. ආර්තික ඔස්තිර් කියපු හර්ෂාචාරියා රනිලත් එක්ක මහ බැංකු හොර කම් සහ මෝඩ වැඩ කොරල ආයෝජකයන්ගෙ විස්වාසය බිඳගෙන රටිිෙ ආර්තිකට කෑවෙ නැද්ද.
එක සම්පුර්ණයෙන් ඇත්තයි .මොවුන් මහාලොකු ආර්ථික ඔස්තාරලා බවත් බටහිර ලෝකයම මොවුන්ගේ අල්ලේ බවත් බටහිර රටවල් මොවුන්ට උදවු කිරීමට පෝලිමේ එන බවත් රටේ ජනතාවට කියාගෙන තමයි ඔවුන් බලයට ආවේ හර්ෂ තුමත් ඇගෙව්වේ එහෙම තමයි ,නමුත් දැන් රටේ ජනතාවට බොහොම පැහැදිලියි unp එකට කරන්න පුළුවන් එකම දේ රට පාවල දීම බටහිරයන්ට පක්කිලි කම් කිරීම පමණයි කියල අර ඉස්සර මිනිස්සු හිතුව unp එක එන්න ඕනා ආර්ථිකය හදන්න කියන එක සම්පූර්ණ බොරු මිත්‍යාවක් බව බොහොම පැහැදිලිවම ඔප්පු උනා .
කොටින්ම ඉතින් දැන් මේ ආචාරියලා සිටියත් ආර්ථිකය මෙහෙයවන්නේ ගෑනු ඇදුම් නිර්මාණය කරන මෝස්තර ශිල්පියෙක්නේ .ලෝකේ කොහෙවත් මේවගේ කතාවක් අහල තියෙනවද ?
U will Wipe out from KOTTE if this is TRUE..
DO NOT COME TO KOTTE ,PITAKOTTE,ETHUL KOTTE ,BEDDAGANA
Meya meeta kalinuth sahathika karala kiyuwa German Ambassador kiyuwai kiyala Volkswagon factory eka Kuliyapitiye hadanawamai kiyala. Eka nisa meya kiyana ewa etharam wishwasa saha ganan gatha yuthu naha.Meyage witharak nemei UNP eke inna ekekwath kiyana ewa wishwasa karanna baha. Wishwasa karannath
epo!
මේක බොරු කතාවක් – හර්ෂ මෙලෙස කියා නැති බව ඒ විදුහලේ අයත් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලා
Do not Expect gems from Gypsy man…
Low grade but English speaking , full suit Moosala fellows.. Who consume our tax money for just living….
rata kana kalakanni thopi