සංහිදියාවට බාධාවන සමාජ ජාල, වෙබ් අඩවි පාලනයට කොමිසමක්…
January 29, 2017 at 5:30 pm | lanka C news
ජාතික සංහිඳියාවට තර්ජනයක් වන සමාජ ජාල වෙබ් අඩවි පාලනය කිරීමට සහ පුවත්පත් කලාවේදීන් ආරක්ෂා කිරීමේ අරමුණින් මාධ්‍ය කොමිසමක් පත් කිරීමට, රජය සැලැසුම් කර ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය ප්‍රකාශ කරයි.
සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ආගම්වාදයට සහ ජාතිවාදයට හේතුවන පරිදි ඇවිළෙන සුලු ප්‍රචාරයන් ගෙන යන බවත් මේවා පාලනය කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් අප රට තුළ නොමැති බවත් පැවැසූ කලංසූරිය මහතා මේ හේතුවෙන් රටට ජාතියට මෙන්ම ජාතික නායකත්වයට සිදුවන අගතිය අතිමහත් බවද පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක සහ නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවක් කැඳවීමට තීරණය කර ඇතැයිද පැවැසූ අධ්යක්ෂ ජනරාල්වරයා මෙවැනි ක්‍රමවේදයක් ලෝකයේ දියුණුම රටවල දැනටමත් තිබෙන බවද ප්‍රකාශ කළේය.
– මව්බිම
මහජන මතය විමසන්නේ නැති අය, මහජන මතය මර්දනය කරන අය , මහජන මතය විමසන්නට බය අය, මහජනයාට ගල් පැලෙන බොරු නිතරම කියමින් රවටන අය කොහොමද ජාතික නායකයෝ වෙන්නේ ?
මුන්ට මේ ආන්ඩුව අටෝල දුන්නෙ පිටරැටියොනෙ. කැතුව මුන්ට චන්දෙකින් පත්වෙන්න පුලුවන්යැ.