සංහිදියාව කියන වචනය අයින් කරපල්ලා.. ව්‍යවස්ථාව හදන පක්කලියක් මුහුදට තල්ල කරනවා..- මර්වින්ගෙන් සැර පරුෂ ප්‍රහාරයක්..
November 3, 2017 at 10:40 am | lanka C news
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා හා තමන් ජීවත් වූ ආකාරය ඇයගේ හෘද සාක්ෂිය දන්නා බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.
මර්වින් සිල්වා මහතාගේ නායකත්වයෙන් යුතුව දේශීය ජනතා පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් සිය නිවසේදී පිහිටුවූ අවස්ථාවේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසුවේය.
‘සංහිදියාව කියන චවනය අයින් කරපල්ලා. කිසිකෙනෙකුට මේ රටේ අනවශ්‍ය අයිතියක් දෙන්න බෑ. ව්‍යවස්ථාවට ඉස්සෙල්ල හදාපල්ල රට. මේකට අත තියන හැම එකාම තල්ලු කරනව මුහුදට’ යයිද ඔහු එහිදී පැවසීය.
තමන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් ඵක්ෂයට එක්වීම ගැන අද දුක්වන බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
වීඩියෝව මෙතනින්
සිංහල ජාතිකවාදී දේශපාලනය තව හෑල්ලුවට ලක් වෙන වැඩක්.
This man thinks he can break JO votes by making another party: what an idiot!
ane mehema moda harak
අය්යෝ! මේවා පරණ ‘tactics’ නේ! මෙව්වට අහුවෙයි අපි. මේකා ඒකාබද්ධ විපක්ෂයේ චන්ද කඩන්නනේ මේ සෙට් වෙන්නේ. මේක තේරුම්ගන්න බැරි අය ඇති කියල හිතන්න අමාරුයි. බලමුකෝ.