සංහිදියා නාමයෙන් ඊළාම් රාජ්‍යයක්.. සිංහල බෞද්ධයන්ට ජාතිවාදී ලේබල් අලවා වැදිබණ කියන සංහිඳියාකාරයන් කෝ..

April 25, 2018 at 4:40 pm | lanka C news
සංහිදියා නාමයෙන් ඊළාම් රාජ්‍යයක්..  සිංහල බෞද්ධයන්ට ජාතිවාදී ලේබල් අලවා වැදිබණ කියන සංහිඳියාකාරයන් කෝ..

සංහිදියා නාමයෙන් ඊළාම් රාජ්‍යයක් සදහා උත්සහයක් ඇති බව හෙල බොදු සවිය සංවිධානය පවසයි.

එම සංවිධානයේ සභාපති පූජ්‍ය බුදුගල ජිනවංශ හිමියන් විසින් මේ බව සදහන් කරමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.

අතිගරු ජනපති තුමා
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ 01.

ගරු ජනපතිතුමණි,

සංහිදියා නාමයෙන් ඊළාම් රාජ්‍යයක් සදහා උත්සහයක්

නව පළාත් පාලන මැතිවරණයෙන් පසුව යාපනයේ මහනගර සභාවේ මංගල සැසිය පසුගිය දා පැවතිණි. එහි දී පහත සඳහන් තීරණවලට එළඹි ඇති බව වාර්තා වේ. එනම් එල්.ටි.ටි.ඊයේ හිටපු නායකයෙක් වන තිරප්පන්ගේ පිළිරුවක් නල්ලූර් කෝවිල ඉදිරිපිට ඉදි කිරීම, එල්.ටි.ටි.ඊ සංවිධානයේ සන්නද්ධ අංශයේ නායක කිට්ටුගේ නමින් පැරණි සංගිලි උද්‍යානය නම් කිරීම හා මිය ගිය එල්.ටි.ටි.ඊ  නායකයන්ගේ නමින් යාපනයේ මංමාවත් නම් කිරිම යන තීරණ වලට එළඹ ඇත. තව ද දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් පසුගිය දා මුලතිව් දිස්ත්‍රික්කයේ කෝකිලායි පිහිටි ශ්‍රී සම්බෝධි විහාරයට ගොස් එම විහාරයේ ඉඩම් ඔප්පු පරික්ෂාවට ලක් කිරීමට උත්සහ කිරිම සහ යාපනයේ විශ්ව විද්‍යාලයේ වව්නියා මණ්ඩපයේ බහුතරයක් සිටින සිංහල ශිෂ්‍යයන්ගේ නේවාසිකා ගාරයේ බුදු පිළිමක් තබා ගැනිමට පාලක සභාව විරෝධය පලවී ඇති අවස්ථාවක එල්.ටි.ටි.ඊ  සංවිධානයේ සිහිවට හදන්න අවසර ලබා දීම ගැටළුක් නොවන්නේ ද?.

වර්තමාන ආණ්ඩුවේ ප්‍රධානම ප්‍රතිපත්තියක් ලෙස පෙන්වා දෙන්නේ ජාතීන් අතර සංහිඳියාව ඇති කිරිමයි. එල්.ටී.ටී.ඊ සංවිධානය ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල් වල ත්‍රස්තවාදි සංවිධානයක් ලෙස නම් කර ඇති මොහොතක එවැනි සංවිධානයක සාමාජිකයන්ගේ  නමින් අප රටේ ස්ථාන නම් කිරීමට යෑම යහපාලන රජයේ සංහිඳියාවට විශාල බාධාවකි.

ජාතික සමගිය හා සංහිඳියාව ගැන නිතර නන්දොඩවන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය හා මනෝ ගනේෂන් මෙන්ම ලංකාවේ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ද මෙම අන්තවාදි තීරණ හා සිදුවීම් සම්බන්ධව රටට පැහැදිලි කිරිමක් සිදුකිරීම අවශ්‍යවේ. මහනුවර දිගන ප්‍රදේශයේ සිදු වූ සිදුවීමෙන් පසුව 99% ක්ම අත්අඩංගුවට ගත්තේ සිංහලයන්ය. ඔවුන්ගේ පරීක්ෂණ තවමත් අවසන් නොමැති බව පවසමින් එම තරුණයන් බන්ධනාගාර ගත කර ඇත. සිංහල බෞද්ධයන්ට ජාතිවාදී ලේබලය අලවන, වැදිබණ කියන ඊනියා සංහිඳියාකාරයන්ට මේවා නොපෙනෙන්නේ ඇයි? දකුණු පළාතේ පිහිටි කෝවිල් හා පල්ලිවල ඔප්පු දකුණේ දේශපාලකයන් විසින් පරික්ෂාවට ලක් කිරීමට යන්නේ නම් කුමක් සිදුවේද? රටේ බලධාරින් මුනිවත රකින්නේ විදෙස් රටවල රූකඩයක් බවට පත්වෙලා හෝ ඩොලර්වලට යට වෙලා දැයි අපට පැහැදිලි සැකයක් ඇති වී තිබේ.

ජනපතිතුමනි, ඉහත සඳහන් සිද්ධින් සම්බන්ධයෙන් ඔබතුමාට පැවැරි ඇති විධායක බලතල භාවිතා කරමින් රටේ ඒකීය භාවය හා භෞමික අඛණ්ඩතාව සුරකින ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

බුදුගල ජිනවංස හිමි

44 views

8 Comments to “සංහිදියා නාමයෙන් ඊළාම් රාජ්‍යයක්.. සිංහල බෞද්ධයන්ට ජාතිවාදී ලේබල් අලවා වැදිබණ කියන සංහිඳියාකාරයන් කෝ..”

  1. rathne says:

    අනේ හමුදුවනේ අපට වෙලා තියෙන දේ කියා දෙන්නේ කව්ද නොදන්නා මිනිසුන්ට. රනිල් එක පැත්තකින් රට විකුනනවා. අනෙන් පැත්තෙන් ඔහුගේ අගමැතිකම බේරාගන්නේ රට දෙමල වෙනුවන් පෙනී ඉන්න උන්ට රට පවා දෙනවා. පගාව අරගෙන දෙසපල්ක්යෝ රිනිල්ගේ අගමැතිකම් රෙකදෙනවා. මියිත්රී ජනපති උනේ UN P , දෙමල හා මුස්ලිම් සමග ආගම අයගේ චන්ද වලින් නිසා කොරැකියා ගන්න නැතිව පබයෙක් ලෙස හැසිරෙනවා. මෛත්‍රී ඕන පුළුවන් තරම් පිටරට සවාරි ටිකක් හා උත්සවල් පෙනිසිට සම්බව්නිය ලබාගන්න තිබුනොත් ඔහුට ඇති.ඔහුගේ කටට මිනිස්සු රවෙටෙනවා.

  2. Kaalinga says:

    Ape hamudurune owa ape janadipahi danne pattare baluwot ne enisa ape hamudurene janadipathigen illimak karanna dawasa gane pattare balanna kiyala. Mokada ape hamuduwo dakkina athi ne adi 35 bandare eya hoyagatta. ehitin owa tawa kochara adda.ekane demala idan bedala denne.

  3. joy says:

    99% ක්ම අත්අඩංගුවට ගත්තේ සිංහලයන්ය, අත්අඩංගුවට වැරඩි කල නිසානෙ

  4. Anil J says:

    බුදුගල ජිනවංස හෙළ උරුමයේ හිමි නමක් චම්පික ඇමති ලග සේවය කරන්නේ. ගොඩක් වරප්‍රසාද ගතු කෙනෙක් . පවුලේ සියලු දෙනාවම 2005 සිට විවිද වූ ආණ්ඩුවේ රැකියාවලට දැම්මා. මෙය බොරුවට ඔය ප්‍රකාශ නිකුත් කරන්නේ, සිඋරක් ඇද ගෙන මෛ බෙදුම් වාදී ආණ්ඩුවේ ඉන්න පුලුවන්ද බොරු බඊලා .

  5. Saman says:

    Theldeniye inna lawyer Muslim. …

  6. JANA says:

    Katada Hamuduruwane oya kiyanne,Ape Janadipathithuma, hondata kala guna
    danna kenek. Kawruwath nohithapu widiyata oya janadipathikama eyata dunne
    Uthuru palathe eyage sahodaraya neweida. Ithin ethuma unta nokara apita korannada.
    Ape agamethithuma wiswasa bangen berune uthure 16 nemeida? Oya dennama eheta
    nayai. Rata, Jathiya hithanawanan ape hamuduruwane Kiyanna one Jathiwadi lebale
    Singhala Bawdhayatama thamai.Meka thamai hamuduruwane Pahadili wenasa.

    • The power crazy,opprtunistic politicians try to brand NATIONALISM, PATRIOTISM OF the people
      as RACIALISM,to gain the minority votes. All the
      Nations and the Counties and their leaders give priority to NATIONALISM and PATRIOTISM. In countries like Sri Lanka ,those two are strongly exhibited ,as these Countries were under the Colonial rulers and our people have rioted against them for their cruel rule on many. occaisions, eg in 1918 Hua_ Wellassa kerella.

  7. පචයා says:

    ඩොලර් වලට ලැදිව සිරාව බලයට ගෙනා කෝටි පහකට විශ්වාස භංගයේ දී රනිල් රැක ගත් ඔබ වහන්සේගේ අනුත්තර නායකයා පච රණවකට ඕක කිව්වොත් හොදයි නේද?

Main News