සංහි`දියා බණ කියාගෙන පන්සලේ පින් කැටවලට ඉබ්බන් දමන, චෛත්‍ය ඩෝසර් කරන යහපාලනයෙන් පන්සල් තනන්නට සුද්දාගේ කාලයේවත් නැති නීති
May 6, 2018 at 4:40 pm | lanka C news
ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
උතුරු නැගෙනහිර පන්සල් තැනීම නතර කිරීමට දෙමළ ජාතික සන්ධානය ගන්නා ජාතිවාදී, ආගම්වාදී, මූලධර්මවාදී උත්සාහය දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිනවා
උතුරු නැගෙනහිර බෞද්ධ විහාරස්ථාන ඉදි කිරීමට තමන් මුළුමනින්ම විරෝධය දක්වන බවට දෙමළ ජාතික සන්ධානය ‘යහපාලන ආණ්ඩුවට’ දැනුම් දී ඇතැයි ජාතික පුවත්පතක් මගින් වාර්තා කර ඇත.
එම පුවත්පත් වාර්තාවට අනුව දෙමළ ජාතික සන්ධානයේ එම්.සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ 2011 සිට තමන් මෙම විරෝධතාව ඉදිරියට ගෙන ආ බවත් මින් ඉදිරියට කිසිසේත්ම උතුරු නැගෙනහිර පන්සල් ඉදිරි කිරීමට ඉඩ නොදෙන බවත් ය.
මෙම ප්‍රකාශ මෙන්ම මෙකී උත්සාහය ද ජාතිවාදී, ආගම්වාදී මෙන්ම මූලධර්මවාදී ඒවා ය. ඒ සියල්ල ඉතා දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු. ‘සියලූ සත්වයෝ නිදුක් වෙත්වා.. නිරෝගී වෙත්වා..’ යනුවෙන් බුදු දහමින් මෙත් වඩන්නේ මිනිසාට පමණක් නොව විශ්වයේ වෙසෙන සියලූම සත්වයන්ට ය. එවන් විශ්වීය ගුණයකින් යුත් දහමකින් කවර ජාතියකට හෝ වෙනත් කවර හෝ ආගමකට අනර්ථයක් සිදු වේද?
අපේ රට බෞද්ධ සභ්‍යත්වය මුල් කොට ගෙන ගොඩනැඟී තිබේ. බෞද්ධ සභ්‍යත්වය තුළ හින්දු, කතෝලික හා ඉස්ලාම් දහම්වලට සිය අනන්‍යතාව රැකගෙන කටයුතු කිරීමට අංශුමාත්‍රයක හෝ බාධාවක් සිදුව නැත. සැබෑ ජාතික සංහිඳියාවට ද සැබෑ ආගමික සංහිඳියාවට ද බෞද්ධ සභ්‍යත්වය මඟ කියා දෙනු ලබයි.
‘සංහි`දියා බණ’ කියමින් බලයට පැමිණ පන්සලේ පින් කැටයට ඉබ්බන් දැමීමට සැරසෙන, බෞද්ධ චෛත්‍ය ඩෝසර් කරන විට මුනිවත රකින, අලූත් පන්සල් තනන්නට සුද්දාගේ කාලයේවත් නැති නීති දමන්නට සැරසෙන පාලනයකින් මූලධර්මවාදී මනසකින් හෙබි දෙමළ ජාතික සන්ධානය මෙසේ ඉල්ලීම පුදුමයට කරුණක් නොවේ. එහෙත් මේ පිළිබඳව මුළුමහත් බෞද්ධ ජනතාවගේ අවධානය යොමු විය යුතුව ඇත්තේ මේ යහපාලකයන් හෙට දවසේ මෙවැනි මූලධර්මවාදී පිළිකුල් සහගත ඉල්ලීමක් පවා ඉටුකර දී තම ගිලිහෙන බලය රැක ගැනීමට ඉඩ ඇති හෙයිනි.
ජයන්ත සමරවීර (පා.ම.)
ජාතික සංවිධායක
ජාතික නිදහස් පෙරමුණ
කාලෙකට මුන්ට සාපත්තු හදන්න අපේ හම ඕනෙලු. එදා එහෙම කිව්වම ජේ ආර්. කිව්වේ උඹලා me කියන කතා me ගරු සබාවේ උගත් ම්න්තිරිවරු ඉවසනවා. එත් රටේ පොදු මහා ජාතව ඉවසන්නේ නැහැ.උන් යුද්යධ නම් යුද්යධ සාමය නම් සාමය කියා පාරට බසිනු ඇත. කියලයි. සුමන්තිරන් අය්යා උම්බටා ඕනෙ අපි පාරට බස්සවන් යලි මිනි මරන්නද? me අපි ඉපදුන මැරෙන රටයි. නමුත් මැරෙන්නේ තොපිව කාලා බව අමතක් නොකරපන්.අම්මගේ සංහිදියාව.
Hamuduruwo thakkadiyo wage asirenakota onama neethiyak egollanwa hadanna genawoth eken varadak na.
මේ රටේ ජාතිමාමක මහා සංඝරත්නයෙන් එක් වැදගත් ඉල්ලීමක් නොපමාව සිදුකරමු. එනම් අප්‍රමාදව ජනාධිපතිවරයා හමුවී, සිංහලයා හා බෞද්ධයා මුහුණදෙන අභියෝග සම්බන්ධයෙන් කරුණු දක්වා නිශ්චිත ක්‍රියාකාරී සැළසුමකට අවතීරණ වන ලෙසය.
බලා සිටීමට කාලයක් නැත ..අපේ රට ජාතිය ආගම අනතුරේ
We are 100% against this.
Ask this racist man to withdraw this statement and apologise.
These donkeys dance to anti Lanka tune mainly because we have a Puppet President.
kudapola hamuduruwo wage hamuduruwo onne den me gon anduwa den tithtai gahala elawanna