සංහිඳියාවේ නාලිකාව ළඟදීම.. වියදම කෝටි 18යි..

January 10, 2017 at 8:02 am | lanka C news
සංහිඳියාවේ නාලිකාව ළඟදීම.. වියදම කෝටි 18යි..

ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාවට අනුබද්ධ අභිනව නාලිකාව වන සංහිඳියාවේ නාලිකාවේ මූලික කටයුතු ආරම්භ කිරීම සඳහා පසුගිය අයවැයෙන් වෙන් කරන ලද රුපියල් මිලියන 180 ක මුදල රූපවාහිනිය වෙත පිරිනැමීම සඳහා වන අවබෝධතා ගිවිසුමට පසුගිය ඉරිදා අත්සන් තැබිණ.

එම මුදල ජාතික එ්කාබද්ධතා අමාත්‍යංශයේ වැය ශීර්ෂය යටතේ පසුගිය අයවැයෙන් වෙන්කර තිබූ අතර එය රූපවාහිනිය වෙත පැවරීමේ ගිවිසුමට අමාත්‍යංශ ලේකම් වී. සිවඥනසෝති සහ සංස්ථෘ සභාපති නිතිඥ රවී ජයවර්ධන යන මහත්වරු අත්සන් තැබූහ.

නව නාලිකාව සඳහා සංඛ්‍යාත ලබා දීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ පළමු පදවිප‍්‍රාප්තියට සමගාමීව 2016 ජනවාරි 08 වනදා සිදුවිය.

ජනාධිපතිවරයා විසින් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහ සංස්ථෘ සභාපති නිතිඥ රවී ජයවර්ධන මහත්වරුන් වෙත එ් සඳහා වූ නිල ලේඛනය එහිදී පිරිනැමුණු අතර නාලිකාවට අවශ්‍ය උපකරණ ලබා දීමට අවශ්‍ය ප‍්‍රතිපාදන 2017 අයවැයෙන් වෙන් කෙරිණ.

එම මුදල පිරිනැමීම සදහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් කරන ලද්දේ ජනාධිපතිවරයාගේ දෙවන පදවිප‍්‍රාප්තියට සමගාමීවය. සංහිඳියාවේ නාලිකාවේ කටයුතු 2017 වසර තුළ කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

ගිවිසුමට අත්සන් කිරීම ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාවේදී සිද කෙරුණු අතර එම අවස්ථාවට ගයන්ත කරුණාතිලක, රවී කරුණානායක, රංජිත් සියඹලාපිටිය, මනෝ ගනේෂන්, කරු පරණවිතාන, අජිත් පී. පෙරේරා යන මැති ඇමතිවරුද සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය සුනිල් ශාන්ත මහතාද සහභාගී වූහ.

– රූපවාහිනී

17 views

2 Comments to “සංහිඳියාවේ නාලිකාව ළඟදීම.. වියදම කෝටි 18යි..”

  1. මම යම පාලනයට ජන්දෙ දුන්නෙ නම් නෑ හොද් says:

    මොන සන්හිදියවද? අපෙ එවුන්ට අපෙ ඉතිහාසය රට ගෑන කියලා දෙන්න වියදම් කරපල්ලා…එවා අපෙ උන්ගෙ පොත්වලින් අයින් කරලා අන්තිම පරම්පරා 3 ම ඉන්න එවුන්ට රට ගෑන කිසිම අපේ කමක් නෑ..

    නිදහසෙන් පස්සෙ ඉදපු කාලකන්නි දේශපාලුවෝ තමා මෙකට වග කියන්න ඕන.

    මුන පොතෙන් හරින් අපෙ එවුන්ට වගකිමක් ඈත්ව ඉතිහාසය, අපෙ කම ගෑන කිඅයල දෙන්න, වග කිමක් ඈති දෑනට පිට රට වල ඉන්න වුනු අයට පුලුවන් නම් ලොකු දෙයක්(මොකද ලන්කවෙ ඉන්න කෙනෙක් කලොත් ප්‍රශ්නයක් වෙන්න පුලුවන්).

  2. sam says:

    Sanhidiya?? what a ;lot of crap sanhidiyawa ugannanna one me demaluntai muslim untai. Mun sanhidiya ugannanna enne api sinhla ayato . curse them

Main News