සකුරා යායත් කිළිටි කරන.. ආරේ ගති නාරින නාරිලතා කතා වස්තුව…
June 8, 2018 at 3:00 pm | lanka C news
පහුගිය ටිකේ ජපන් බුකියේ සැරි සරද්දී වැඩි කතාබහක් ගිය මාතෘකාවක් උනා “නගානෝ වල මියගිය කොල්ලගෙ මිනිය යවන්න එකතු කරපු සල්ලි සංගමේ ඉන්න ටයිකෝට් දාගත්තු උගත් හොරු ටික යටිමඩි ගහලා හොරා කෑවා“ කියලා. කතාව ඇත්තක්ද? බෝඩරේ පොඩ්ඩක් හොයල බැලුව ඒ ගැන. (කතන්දරේ ප්‍රධාන චරිතෙ රඟපාන්නෙ ඇන්ටි කෙනෙක්)
නින්දක් නොනින්දක් නැති ජපන් ජීවිතේ… ස්තූතිවන්ත වෙමි පළමුව මේ සංගමේ පිහිටුවා 2017 සිට සක්‍රීයව පවත්වාගෙන එන ක්‍රියාකාරී මහත්වරුන්ට. ඇන්ටිගේ ඇසෙන් බලන කල, මහත් හොරුන් ය.
මියගිය කොල්ලගෙ මිනියේ සල්ලි මුන් ගසා කෑවා කියා ලොකු පේස් බුක් පණිවිඩයක් ඇය දැමුවා ය. ඇඟිල්ල දිගු කළේ සංගමේ සභාපති ඇතුලු පිරිසට ය. ඇතැමුන් මෙය විශ්වාස කළහ, ඇතැමුන් සිනාසුනහ, ඇතැමුන්ට මෙය දැවෙන ප්‍රශ්නයක් විය. ඇතැමුන් පණිවිඩ බෙදා හදාගෙන කර ප්‍රසිද්ධියක් ලබා දුන්හ. මෙය දුටු ඒ ඇන්ටිට පු_නුත් හිනා යන්නට පටන් ගන්නට ඇත.
ලයික් හිඟාකන, ජපානයේ සීනි බෝල පේජ්කරුවන් සමහරක් පෝස්ට් හැදුවේය. මතක විදිය එක පේජ් එහෙක දාලා තිබ්බා, මෙහෙම උන්ව පණුවෝ ගහලා මැරියන් කියලා. අම්මෝ යකෝ.ඇතැමුන් ගෲප්වල කතාවිය. බොරුවට බුකී වීරයෝ විය. මේ අතර එකතු වූ මුදලින් සිනෙත් ගේ දේහය ලංකාවට යැවූ අතර අවසන් කටයුතුද නිමවෙමින් තිබිණ.
කතාව එහම පටන් ගත්තා, දන්න විදියට මං මෙහෙම උත්තර දෙන්නම්.
#සංගමේ අය මොකටද බන් මිනියකින් හූරං කන්නෙ. අනික කොල 40 කට 50 කට.
#සංගමේ ගොඩක් අය සල්ලි තියෙන ජපානෙ සුපිරියට ඉන්න වැදගත් මිනිස්සු.
#සංගමේ උන් නොහිටියනම් කෝ ශ්‍රී ලංකා ෆෙස්ටිවල් , කෝ වෙසක්-පොසොන් උත්සව,
#කෝ කොල්ලන්න්ට කෙල්ලන්ට ශිෂ්‍යත්ව…
#කෝ ජපානෙ අසරණ වෙන අපේ උන්ට උදව්.
කාන්තාවක් උනත් තමන්ගෙ ඉරිසියාව කියන් දේ හිතින් අහක් කරගනින් ඇන්ටියේ. ජප්පෙක් බැන්දට වැඩක් නෑ උගත්කම මනුස්සකම කියන දේ ගෑවිලා නැත්තම්.
ජපානයේ හැමදේකටම මුල්වෙලා උදව් කරන ලාංකිකයින් වෙනුවෙන් උත්සව කරල, පුලුවන් විදිහට සතුටින් තියන ශ්‍රී ලංකා සංගමයට මිනියකින් හූරං කන්න තරම් අහේනියක් නෑ කියලනම් බෝඩරේ අපි දන්නව.
සංගමෙන් කරන සුභ සාධන වැඩ නැවැත්තුවොත් වෙන්නේ, ජපානයේ තනිවෙලා ඉන්න කාටහරිම උදව්වක් ඕන වෙලාවට ඔය බනින කෑ ගගන කවුරුවත් නැති එක විතරයි.
ඒ නිසා කවුරුත් කරන වැඩ ගැන හිතන්නෙ නැතුව, විවේචන නොකර බනින කෑගහන අය එක ගකුසෙයි කෙනෙක්වෙනුවෙන් හරි වැඩක් කරල පෙන්නුවොත් නේද හොඳ…?
ඇත්ත කියන්නම්. බෑ නේද. එහෙනම් මෙච්චරයි කියන්නෙ. වැඩ කරන එකාට වැඩක් කරන්න ඉඩදීලා පාඩුවේ කටයි පුපයි වහන් ඉන්න.ඔයාල වගේ අයගෙන් වෙන්න ඕන ලොකුමෙ උදව්ව එච්චරයි.
– Japan Bodare/ජපන් බෝඩරේ
නොදුටු දෙයක් ඇසින් දුටු බව කියා බොරු කියන්නේ අවධානය තමන් වෙත යොමුකර ගැනීමටය මළවුන්ගේ නාමයෙන් මිනිසුන් මුලාකරන අය තමන් මානසික රෝගීන් බව දන්නේ නැත.මේ වගේ ඇන්ටිලා ලෝකයේ සැමතැනම සිටි ..කනගාටුව වැඩි දෙනෙක් අපේ රටේ මිනිසුන් වීමය..මිනිසුන් මුලාකරන මෙවැනි කාන්තාවන්ගේ නම් සමාජයට හෙළි කලයුතුයි …
..කියන්නා කෙසේ කීවත් අහන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි
ජපානේ ශ්‍රී ලංකා සංගමයට ජය වේවා !!
මේ වගේ අසහන කාරයෝ ඉස්සර නම් හන්දියක් මැදට ගිහිල්ල කාට හරි දෙස් දෙවොල් තියනකොට මිනිස්සු කියාවි, “පිස්සු ගෑනියෙක්” කියල. අද හැබය් මේ අයට ගෙදර ඉදලම සමාජ මාද්‍ය තුලින් ඒ වැඩේම කරන්න පුළුවන්.