සඟවා තිබූ කොටි බෝම්බ තොගයක් සොයාගනියි…
January 25, 2021 at 8:02 am | lanka C news
මුලතිව් මුල්ලිවයික්කාල් ප්රදේශයේ කැලෑබද ප්රදේශයක සඟවා තිබූ බෝම්බ තොගයක් සොයා නිශ්ක්රීය කිරීමට පියවර ගත් බවට මුලතිව් පොලිස් විශේෂකාර් ය බලකා කඳවුර පවසයි.
මුලතිව් පොලිස් විශේෂ කාර් ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් විසින් මුල්ලිවයික්කාල් ප්රදේශයේ පිහිටි කැලෑබද ප්රදේශයක සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී අදාල යුද උඵකරන තොගය සොයාගනු ලැබීය.
එහිදී මිලිමීටර් 60 මෝටාර් උණ්ඩ 03 ක්, ආර්. පී.ජී. උණ්ඩයක්, අත්බෝම්බ 02 ක් මෙසේ සොයාගනු ලැබීය.
සොයාගත් යුද උපකරණ දැඩි ලෙසින් අබලන් තත්වයේ පැවතීම නිසා යුද සමයේදී කොටි සංවිධානය විසින් අදාල යුද උපකරණ තොගය සඟවා තබන්නට ඇති බවටත් සොයාගත් යුද උපකරණ වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා මුලතිව් පොලීසියට භාර දීමට පොලිස් විශේෂ කාර් ය බලකාය විසින් පියවර ගනු ලැබීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
මෙච්චර ලස්සනට, සාමකාමීව තිබුණු අපේ රටට බලන්න අද වෙලා තිබෙන දේ. ඉතාමත් ශෝචනීයයි.අපේ අනාගත පරපුර මොනතරම් විකෘති මානසිකත්වයෙන් බිහිවේද. මිත්යාව පැතිරෙනවා පමණක් නොවෙයි එය තනිකර මාෆියාවක් වෙලා. ‘බෝන් අගේන්’ ,මුස්ලිම් අන්තවාදීන්,කාලී භක්තිකයින් ආදී සංවිධානයන් පිටුපස ඉහල දේශපාලකයන් පවා සිටින වාලු. කෝ බුද්ධාගම,කෝ ක්රිස්තියානි, හින්දු, ඉස්ලාම් ආගම? අපේ පාලකයෝ නිදිද? අනික් ආගමික නායකයන් කෝ?