සජබ මන්ත‍්‍රීනිය ගැබිණි මන්ත‍්‍රීනියකට පහර දේ.. අත්අඩංගුවට..

April 19, 2021 at 3:00 pm | lanka C news
සජබ මන්ත‍්‍රීනිය ගැබිණි මන්ත‍්‍රීනියකට පහර දේ.. අත්අඩංගුවට..

මහරගම නගර සභාවේ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරියක අත්අඩංගුවට ගෙන තිබේ.

මහරගම පොලිසිය සඳහන් කරන්නේ එම නගර සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරියක ට පහර දුන්නේ යැයි චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම කරන ලද බවයි.

පහර කෑ මන්ත්‍රීනිය ගැබිනියක් වන අතර ඇය පහර කෑම හේතුවෙන් ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත් කර තිබේ.

ඉකුත්දා පැවති අවමංගල උත්සවයකට සහභාගි වීමේ දී දෙදෙනා අතර සිදුවූ බහින් බස් වීමකින් අනතුරුව පහර දී තල්ලු කර දැමූ බව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරිය පොලීසියට සිදු කළ පැමිණිල්ලේ දැක්වේ.

එදින තමනට හටගත් උදරයේ වේදනාවක් හේතුවෙන් රෝහල්ගත වූ බවද ඇය පැමිණිල්ලේ තවදුරටත් සඳහන් කර ඇත.

24,585 views

7 Comments to “සජබ මන්ත‍්‍රීනිය ගැබිණි මන්ත‍්‍රීනියකට පහර දේ.. අත්අඩංගුවට..”

  1. රූප රාජිණි says:

    දැන් දැන් ලංකාවේ ඉන්න ගෑනු පට්ට මොංගල් වේ ගෙන එන්නේ. පාරේ ද ගෙදරද ,පන්සලේද ,කියල නැහැ
    රෙදි ගලවා ගන්නවා හුරේ කියල………….

    අධික තරඟකාරී ……………………බව. ගෑනුන්ට නොගැලපේ

    • Jepi buster says:

      ගෑනු හැමෝම දේවානී, භාග්‍යා වෙන්න හදනවා. ගෙවල් ඇතුලෙත් තත්වය එසේමයි.

  2. John the baptice says:

    සජිත්ගේ Born again කෙනෙක් වගේ.

  3. ලංකාදීප says:

    ගම්මට්ටමින් බිම්මට්ටමින් තන් මට්ටමින් තවත් කාන්තාවන් පාර්ලිමේන්තුවේ නියෝජනය වැඩි කරමු

  4. මාක්ස්වාදී ජෙප්පා says:

    ජෙප්පොන්ට පුලුවන් ඔච්චරයි. අහිංසක බබෙක් හම්බවෙන්න ඉන්න ගැහැනියකට ගහන්න මුන් කොච්චර තිරිසන්නුද? මුන් 88/89 බඩදරු අම්මල කීයක් මැරුවද?

    • මාක්ස්වාදී ජෙප්පා says:

      අනුන්ගේ ගිණුමට බැර වෙන විදිහට පච වැඩ කරණ එක අපේ පුරුද්දක්.
      අනුන්ගේ නමකින් හොර කොමෙන්ට් දැම්මාට සමා වෙන්න.

  5. බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

    ගෑනුන්ගේ වලි නොදැකැපු බයියන් ට ආතල් නිවුස් එකක්.

Main News