සජිත් පිල එජාප ප්‍රධාන විධායක තනතුර ඉල්ලයි.. රනිල් බෑ කියයි..
October 8, 2019 at 10:40 am | lanka C news
එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා එම පක්ෂ ප්‍රධාන විධායක නිලධාරී තනතුර ලබා දෙන ලෙස නායක රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා තිබේ.
නමුත් අගමැතිවරයා විසින් එම ඉල්ලීම ප්රතික්ෂෙප කර ඇති බව වාර්තා වෙයි.
අත්තනායක මහතා පෙන්වා දී ඇත්තේ සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපති මැතිවරණය කාර්යක්ෂමව සිදු කිරීමට එම තනතුර අවශ්‍ය බවයි.
නමුත් එය ප්රතික්ෂෙප කරමින් අගමැතිවරයා පවසා ඇත්තේ දැන් කල යුතුව ඇත්තේ සජිත් පේ‍්‍රමදාස මහතා ජයග්‍රහණය කරවීම බවත් තනතුරු ගැන පසුව තීරණය කළ යුතු බවත්ය.