සජිත්ගෙන් අලුත් පක්‍ෂයක්.. ඇමතිලා අස්වෙන්නේ එයටයි.. මහ මැතිවරණයෙන් පසු විපක්‍ෂ නායක වෙන්න සජිත් සූදානම්..

November 18, 2019 at 12:02 am | lanka C news
සජිත්ගෙන් අලුත් පක්‍ෂයක්.. ඇමතිලා අස්වෙන්නේ එයටයි.. මහ මැතිවරණයෙන් පසු විපක්‍ෂ නායක වෙන්න සජිත් සූදානම්..

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟ වැදුණු සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙ නව දේශපාලන පක්ෂයක් බිහිකිරීමට සූදානම්වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි.

රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් නොවන්නේ නම් ඔවුන් විසින් ඉදිරි මහ මැතිවරණයට පෙර මෙම තීන්දුව ගැනීමට තීරණය කර ඇත.

එහි මුල් පියවරක් වශයෙන් සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී මැති ඇමැතිවරු සිය ධූරවලින් ඉල්ලා අස්වෙමින් සිටින බව ද වාර්තා වෙයි.

මෙම කණ්ඩායමේ අරමුණ වී ඇත්තේ මහ මැතිවරණයේදී රනිල් වික‍්‍රමසිංහ මහතාට වඩා වැඩි ආසන ප‍්‍රමාණයක් දිනා ගනිමින් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා ගැනීමත් එමගින් එජාපයේ බලය අල්ලා ගැනීමත්ය.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ නව ජනාධිපතිවරයාට සුබ පතමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තමන් එක්සත් ජාතික පක්ෂය නියෝජ්‍ය නායක ධුරයෙන් ඉවත් වන බවත් නැවත ජනතා සේවයට පැමිණෙන බවත්ය.

214 views

16 Comments to “සජිත්ගෙන් අලුත් පක්‍ෂයක්.. ඇමතිලා අස්වෙන්නේ එයටයි.. මහ මැතිවරණයෙන් පසු විපක්‍ෂ නායක වෙන්න සජිත් සූදානම්..”

  1. UNP-GALIBBA says:

    මොන පකෂයක් හැදුවත් ජාතිවාදියන් සහ රටට ජාතියට ආගමට ගරහන්නේ නැති හොරකමින් බොරුවෙන් මහජනයා මුලා නොකරන මිනිස්සු එක්ක මිසක්.
    අපි ඔබ සමග අමනාප නැත වටේ සිටියාවූ හොරු ජාතිවාදින්ට පමණක් බව සලකන්න​???

  2. edwin says:

    මෙම පරාජයේ වගකීම භාරගෙන සජිත් පමණක් නොව රනිල්ද ඉවත් විය යුතු බව අපගේ හැඟීමයි. මෙය එජාපයේ නායකත්ව වෙනසකට අවශ්‍යම මොහොතයි. එජාපය සතුව මේ වන විට ජාතික මට්ටමේ වැදගත් නායකයින් කිහිප දෙනෙක්ම වේ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම උදෙසා කොමිසම් සභා පත්කර ගැනීමටත් සාධාරණ මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කර ගැනීම සදහාත් තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කර ගැනීම සඳහාත් ඉමහත් කැප වීමක් කළ අද ඒවා යථාර්තයන් බවට පත් කර ගැනීමට අති මහත් වෙහෙසක් ගත් කරූ ජයසූරිය මහතා එජාපයේ සිටී. පසුගිය පාර්ලිමේන්තු කුමන්ත්‍රණයේදී මේ රටේ නීතියේ ආධිපත්‍ය රැක ගැනීම උදෙසා ඔහු කල නිර්භීත මැදිහත් වීම දෙස් විදෙස් ගෞරවයට පාත්‍රවී ඇත. පරිනත ද්විභාෂා නායකයෙක් වන කරූ එජාපයේ නායකත්වයට ඉතා සුදුසුය. කරු දක්ෂ කළමණාකරුවෙක්ද වන බැවින් ඉදිරියේ මුහුණ ‌දෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී විය හැකි හානියේ අගය අවම කර ගැනීම කළ හැකි වන්නේ ‌මේ අවස්ථාවේ කරූ වැන්නෙකුට පමණක් බව අපගේ ‌අදහසයි. විපක්ෂ නායක ධූරය පවා දැන් නැඟී එන තරුණ නායකයකුට භාර දී උපදේශක මට්ටමේ භූමිකාවකට රනිල් මාරු විය යුතුය. හෙට අනිද්දා රාජපක්ෂලාගේ දෑත් සවිමත් කිරීමට කිහිප දෙනෙක් පැත්ත මාරු කළ හැකි වූවත් අනෙක් සියළු දෙනා එකතු කර නැවත පක්ෂය ශක්තිමත් කර ශක්තිමත් ‌පෙරමුණක් ‌ලෙස ලක්ෂ 55 ජනතාවගේ ගෞරවය රැක නැවත බලයට පැමිණීමේ ඉදිරි සැලැස්ම නොපමාව ක්‍රියාත්මක කළ යුතුය.

  3. techno vision says:

    ranil – sajith sudusan nowe

  4. නිළමේ says:

    සජිතුත් ගෝඨාභය මහත්තයා වගේ අන්තවාදීන් ළං කර නොගත්තානම් ගෝඨාභය මහත්තයාගේ ජයග්‍රහණය අවිනිශ්චිත බවක් ගන්නවා. මොකද එහෙනම් 50% ක් කාටවත් ගන්න අමාරු තත්වයක් ඇතිවෙනවා. ඒ නිසා සජිත් සුළු ජාතීන් ළං කර ගැනීම නිසා ගෝඨාභය මහත්තයාට සෑහෙන වාසියක වුණා. ස්තුතියි ! සජිත්.

    • අනික් අතට හිතුවොත්, හැමදාම ආසනෙත් පරාද සජිත්ට, සුලු ජාතීන් චන්දෙ නොදුන්න නම් , ඔය ටිකත් නැහැ..
      මහමැතිවරනෙදිත් මෙයාට සුලු ජාතීන් පුනවන්න වෙනව. එවිට ගෝඨාට 2/3 සිංහල ච්ස්න්ද වලින්ම ගන්න බැරි වෙන එකක් නැහැ.

  5. Dilini says:

    Penawa neda daruwo nathi ekage hasireema. Kawda muta chande dunne.Mulu elama muge langa.Hari haman sinhalayek meka ekka gnudenu karawida.Awasthawadiya.

Main News