සජිත්ගේ අන්තිම හීනයත් බිද වැටේ.. ජනාධිපති හමුවීමට කිසිදු අවස්ථාවක් නොදෙයි.. දුරකතනයටවත් පිලිතුරු නොදෙයි…

November 12, 2019 at 12:00 pm | lanka C news
සජිත්ගේ අන්තිම හීනයත් බිද වැටේ.. ජනාධිපති හමුවීමට කිසිදු අවස්ථාවක් නොදෙයි.. දුරකතනයටවත් පිලිතුරු නොදෙයි…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ හමුවීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා විසින් අවස්ථා ගණනාවකදීම ඉල්ලීම් කර ඇතත් වන ජනාධිපතිවරයා විසින් එම ඉල්ලීම් සැලකිල්ලට නොගෙන ඇති බව වාර්තාවෙයි.

හමුවීමට අවස්ථාවක් දෙන්නැයි ඉල්ලීම් කිරීමට සජිත් පේ‍්‍රමදාස මහතා දුරකතනය හරහා ජනාධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට කිහිප විටකදීම උත්සාහ කර ඇතත් ජනාධිපතිවරයා විසින් දුරකතනයට පිලිතුරු දීමට හෝ කටයුතු කර නැත.

ඒ අනුව අද ජනාධිපති මන්දිරයේ පැවැත්වෙන පොහොය දින වැඩසටහනටද සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වී නැත.

අද දිනය ඇතුලත ජනාධිපති මෛත්‍රීපාල සහ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ දේශපාලන සාකච්ඡාවක් පැවැත්වෙන බවත් ඉන් අනතුරුව අද පස්වරුවේ පොළොන්නරුවේ පැවැත්වෙන සජිත් ප්‍රේමදාස මහතාගේ ජනහමුවකට ජනාධිපතිවරයා ගොඩවෙනු ඇති බවත් මාධ්‍ය ගණනාවකටම එක්සත් ජාතින පක්‍ෂ පාර්ශවයෙන් පුවත් ලබා දී තිබින.

ජනාධිපතිවරයා අද පස්වරුවේ පොළොන්නරුවට යාමට නියමිතව ඇතත් ඒ යන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ වේදිකාවට ගොඩ වීමට නොව පොළොන්නරුවේ ඉදි කරන ලද කෞතුකාගාරයක කොටසක් විවෘත කිරීම සඳහාය.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා බලාපොරොත්තුවෙන් සිටි ආකාරයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කිසිදු සහයෝගයක් මැතිවරණ ව්‍යාපාරය සඳහා ලබාගැනීමට නොහැකි වී ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආසන්න කාල සීමාවේදී අවස්ථා ගණනාවකදීම කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරය දරන ආණ්ඩුවට හෝ ඔහු අගමැති කරවන පුද්ගලයෙකුට තමන් කිසිදු සහයෝගයක් ලබා නොදෙන බවය.

43,218 Viewers

11 Comments to “සජිත්ගේ අන්තිම හීනයත් බිද වැටේ.. ජනාධිපති හමුවීමට කිසිදු අවස්ථාවක් නොදෙයි.. දුරකතනයටවත් පිලිතුරු නොදෙයි…”

  1. Pal says:

    Dear Sajith and AKD ,

    We new voters, suggest you both to listen to Derana 360 program attended by Mr. Gotabhaya and judge his capability, skill , knowledge, vision, mission and the work plan.

    Not only that Mr, Gotabhaya has performed at the top national level as a war hero and the top government officials.

    You both are far below in your capabilities and no proper vision about the country than trying to mislead the innocent citizens.

    Please step dawn and allow Mr. Gotabhaya to give us a beautiful country.

    • ""මැදුරට නොඑන්නම බාධක දාන්න"" says:

      කාලය නොදුන්නේ කිසිවක් නිසාම නොවේ
      බලපු පත්තර ටිකම එකතු කරපු නිසා සුවේ
      කිව්ව පෑඩ් කතා අහල මගෙ ආදර පුංචි දුවේ
      මැදුරට නොඑන්නම බාධක දාන්න කීව ජවේ

  2. ජනහිත says:

    සජිත්ට හෝ වෙන අපේක්ශකයෙකුට මෛත්‍රී ගෙ සහය ලබාගැනීමෙන් පලක් නැත.මෛත්‍රිට දැන් කිසිම බලයක් නැත.ජනතාව අතර ප්‍රසාදයක් ද නැත.මෛත්‍රී අපේක්ශකයෙකුගේ වේදිකාවට ගොඩවීමෙන් ඔහුගේ චන්ද වැඩිවන්නේ නැත.වෙන්නේ තිබෙන චන්ද අඩුවීම පමනි.තමන්ට විරුද්ද පැත්තේ ප්‍රාදේශීය සභා සභාපති කෙනෙකුගේ සහය ලබාගැනීන ඊට වඩා ප්‍රයෝජනවත් ය.මෛත්‍රී සජිත්ගේ වේදිකාවට ගොඩනොවීමෙන් සජිත්ට සිදුවන්නේ වාසියකි

  3. ciminal says:

    පේමදාස භීෂණයක් නැවත එපා…

  4. Ariyathilaka says:

    සපුට කිරි පොවා ඇති දැඩි කලට සකී,
    ව්සට නොම සෙනේ කෑ කල ගුණය මැකී,
    දුසිත හද කිපේ ලැබු සැප මගද ගරහැකී,
    පවට නැමු සිතේ කළු මිස සුදු කෙලෙස
    දකී

  5. malraj says:

    17 wenakan moda thune……hitan hutan…

    kamone wimale…..

  6. edwin says:

    නොවෙම්බෙර් 17 සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු පාර්ලිමේන්තුවේ චන්දවිමසිමකින් වැඩි චන්දයෙන් තෝරා පත්කරගන්නා නව අග්‍රාමාත්‍ය වරයා වන්නේ පාඨලී චම්පික රණවක මහතාය. රට කරන සහ කරවන අයගේ මෙම සුසංයෝගයෙන් රට ඒකාන්තයෙන්ම නිවැරදි දිශානතියකට රැගෙන යන බවට පැහැදිලි නිදසුනක් වන්නේය.

  7. JOHN says:

    සජිත් දැන් පැරදෙන විකල්ලෙන් ඉන්නේ ලග ඉන්න අය ප්‍රවේසමෙන්

  8. Anoosh says:

    Who is willing to meet this BLACK MARK president in SL history.

Main News