සජිත්ගේ ආණ්ඩුවක් තිබුණා ඉන්ධන හිගයක් නෑ.. එකම විසදුම අපට ආණ්ඩුව දීමයි…
March 5, 2022 at 4:40 pm | lanka C news
විමල් විරවංශ , උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර මාධ්‍ය සාකච්ඡා පවත්වමින් සිදු කරන්නේ නාට්‍යය රග දැක්විමක් බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසිය.
තිස්ස අත්තනායක මහතා ඒ බැව් කියා සිටියේ (05) දින ගිනිගත්හේන ප්‍රදේශයේ පැවති වැඩසටහනකදි මාධ්‍යයට අදහස් දක්වමිණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු තිස්ස අත්තනායක මහතා කියා සිටියේ
සමගි ජන බලවේග ආණ්ඩුවක් තිබුණා නම් ඉන්ධන ගැටළුවක් ඇති වෙන්නේ නැ. මේ සදහා තිබෙන එකම විකල්පය තමයි ආණ්ඩුව වෙනස් කිරිම.
ඉන්ධන , විදුලිය , ගැස් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ රටට ලබාදෙන්න බැරි නම් ආණ්ඩුවක් මොකටද?
ඩොලර් නැති විම ජනතාවගේ ප්‍රශ්නයක් නෙවෙයිනේ, ඩොලර් හොයාගෙන සේවා සපයන්න පුළුවන් කියලා ආණ්ඩුව බලයට පත් වුණේ.
ඒ නිසා ආණ්ඩුව දැන් කල යුත්තේ ගෙදර යන එක , බලහත්කාරයෙන් ආණ්ඩුවේ සිටිමත් සමග ජනතාව තවත් පිඩාවට පත් වෙනවා.
මේක ආණ්ඩුවේ කඩා වැටිමක් , කෝ වියත්මග පාලනය? ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවම අසාර්ථකයි.
විමල් විරවංශ , උදය ගම්මන්පිල , වාසුදේව නානායක්කාරගේ මාධ්‍ය සාකච්ඡාව දෙස බලන විට අපිට තේරෙන්නේ මේක නාට්‍යයක් කියලා.
මේ අය හදන්නේ ආණ්ඩුවට ජනතාව එරෙහි වන විට ජනතාව සමග ඒ මතයට පෙනි සිටින විදිහට හිදිමින් ජනතාව රදවා ගැනිමේ නාට්‍යයක්.
ඒ අය ආණ්ඩුවේම හිදිමින් ප්‍රශ්න ආණ්ඩුව ඇතුලේ කතා කරන්නේ නැතුව එලියේ කතා කරමින් රගපැමක් කලේ.
උසාවි ගියා යුගදනව් බලාගාරය සම්බන්ධයෙන්, ඇයි ඕන ඇතුලේ කතා කරේ නැත්තේ?
තෙල් ගෙන්න සල්ලි නැ කියලා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා කියන්න ඕනි නැනේ.
විදුලි ඇමති සහ බලශක්ති ඇමති කරන්න ඕනි ජනතාව ඉදිරියට ඇවිල්ලා අඩන එක නෙවෙයි ඔහුන්ට පැවරුණු කාර්ය හරි අයුරින් ඉටු කරන එක.
මේ රගපැම කරන්නේ ඒ අයගේ ජන්දය කැඩි යයි කියන බයට කියලා අපිට තේරෙනවා.
සමගි ජන බලයට හැදුණු ජන මතය කැඩෙන්නේ නැ වර්ධනය වෙනවා , විකල්ප ආණ්ඩුවක් සහ නායකයෙක් ගැන ජනතාව හිතනවා.
අපි බිම් මට්ටමේ සිට සංවිධානය වන පක්ෂයක්, මිලග විකල්ප ආණ්ඩුව සමගි ජනබලවේගය කියලා ජනතාව තිරණය කරලා ඉවරයි යනුවෙන් පැවසිය.
– හැටන් රංජිත් රාජපක්ෂ
අනේ ඕයි තමුන් පනින හැම පැත්තටම කෙල වෙනවා ඒත් බල තණ්හාවෙ කෙලවරක් නෑ නේද?ආණ්ඩු කොරන්න කලින් හරියට පෙට්ටි කඩයක් කරලා පෙන්නනවා
ewunta oya inna party eka paradaine. Oya SJB innakam loweth sajith dinanne nai. ha ha
එයි සජිත් කැබිනට් එකෙ හිටපු කෙනෙක් කියලා දන්නවද .ඒ ආන්ඩුවෙන් විදෙශිය නය කොපන ගත්තා ද කියලා අහලා බලනවා.
SAJITH CABINET EKA IDALA MILLION 4000 K WINASA KARA KIYALA COPE KAMITUWEDI HELIUNA NEDA. EWA APARADA NOWEDA. ????
උස නම් සිකුරිටි මිටි නම් කම්කරු. තෙල් නැති නම් බොත්තම තද කරාම තෙල් එනවා.
මූ යන යන පැත්ත පරාදයි. ඊ ලඟපාරත් පොහොට්ටුවෙ ජය ස්තිරයි.