සජිත්ගේ ඉල්ලීම තඹේකට නොතකයි.. ජනාධිපති අපේක්ෂක නම් කිරීම නව සන්ධානයෙන් පසුවයි..
August 10, 2019 at 3:00 pm | lanka C news
ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරඟ කරන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ඉදිරිපත් කරනු ලබන්නේ ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමෙන් පසුව ඇමැති රවි කරුණානායක මහතා සඳහන් කරයි.
එම සන්ධානය අගෝස්තු මස අවසානයේ පිහිටුවන බවත් ඉන් පසුව සියලු පක්ෂ නායකයින් ඇතුළු සියළු දෙනාගේ කැමත්ත දිනාගෙන ජයග්‍රහණය කරන ජනාධිපති අපේක්ෂකයකු නම් කරන බවද ඔහු සඳහන් කළේය.
මේ අතර එම පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර ඇත්තේ සන්ධාන ගතවීමට පෙර එක්සත් ජාතික පක්ෂය විසින් තමන් ජනාධිපති අපේක්ෂකයන් කළ යුතු බවයි.
මේ අතර ඇමති රාජිත සේනාරත්න මහතාද කියා සිටියේ ජනාධිපති අපේක්ෂක නම් කරන්නේ නව සන්ධානය පිහිටුවීමෙන් පසු බවයි.
“සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර ඇත්තේ සන්ධාන ගතවීමට පෙර එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපති අපේක්ෂක නම් කළ යුතු බවයි.” Do otherwise and have someone else as the candidate and get defeated like never before in the history.. As simple as that..
රාජිතයත් සජිතයාට පස්ස පැත්තෙන් කෙලින්නයි හදන්නේ