සජිත්ගේ උපාධියක් නෑ.. ඩේලි ටෙලිග‍්‍රාෆ් කියයි.. කකුල් පණ නැති නිසා අනුකම්පා සහතිකයක් දීලා..

October 31, 2019 at 6:26 am | lanka C news
සජිත්ගේ උපාධියක් නෑ.. ඩේලි ටෙලිග‍්‍රාෆ් කියයි.. කකුල් පණ නැති නිසා අනුකම්පා සහතිකයක් දීලා..

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට උපාධියක් නැති බව ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා උපාධි පාඨමාලාව වසරක් හදරද්දී කකුල් පණ නැති වීමේ රෝගයක් සෑදී තිබෙන බවත් එනිසා ඔහුට සහතිකයක් පමණක් දී ඇති බවත් වාර්තාවේ සඳහන් යයිද මන්ත්‍රීවරයා පැවසීය.

එය කිසිසේත්ම උපාධියක් නොවන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

234 views
Main News