සජිත්ගේ කිසිම ඉල්ලීමට එකග නොවී අගමැති පිටවෙයි.. රාජිත සමග සාකච්චා කරන්න කියයි.. අරලිය සාකච්චාවේ වූ දේ මෙන්න..

September 11, 2019 at 9:20 am | lanka C news
සජිත්ගේ කිසිම ඉල්ලීමට එකග නොවී අගමැති පිටවෙයි.. රාජිත සමග සාකච්චා කරන්න කියයි.. අරලිය සාකච්චාවේ වූ දේ මෙන්න..

එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ හා නියෝජ්‍ය නායක ඇමති සජිත් ‌ප්‍රේමදාස මහතා අතර අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ජා අවසන් වූයේ කිසිදු එකගතාවයකින් තොරව බව රනිල් පාර්ශවයේ ප‍්‍රබලයෙන් විසින් මෙහෙයවන වෙබ් අඩවියක් වාර්තා කර ඇත.

එම හමුව සදහා එක්වීමට සජිත් පේ‍්‍රමදාස මහතාට පමණක් දන්වා තිබුණද මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා ඇමතිවරුන් බලහත්කාරයෙන් පැමිණ තිබූ බවද සදහන්ය.

එම පිරිස එක්ව පැමිණියේ මන්දැයි අගමැතිවරයා කල විමසීමට සජිත් පේ‍්‍රමදාස මහතා සදහන් තර ඇත්තේ ඔවුුුුන් තමන් සමග නොපැමිණි බවයි.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන්ට අවශ්‍ය බවත් අගමැති ධුරය හා පක්‍ෂ නායකත්වය රනිල් වික‍්‍රමසිංහ මහතාට ලබා දීමට සූදානම් බවත් සාකච්චාව මුලදීම සජිත් පේ‍්‍රමදාස මහතා ඇති බවද එහි සදහන්ය.

ඒ සදහා රනිල් වික‍්‍රමසිංහ මහතා යහපත් ප‍්‍රතිචාරයක් දක්වා නැති බවත් පක්ෂය ඇතුළේ ඉල්ලීම් ඉදිරිපත් කල හැකිව තිබියදී තැන් තැන්වල රැස්වීම පවත්වමින්, ලිපි අස්සන් ගනිමින් හැසිරීම අනුමත නොකරන බවත් එමගින් පක්‍ෂය දෙකඩ වීමට ඇදී යන බවත් සදහන් කර ඇත.

කෙසේ වෙතත් මෙම සාකච්චාව ගැන සජිත් පිලේ මන්ත‍්‍රීවරුන් සදහන් කර ඇත්තේ ඉදිරි දින කිහිපයේදී සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේෂක්‍ක ලෙස නම් කරනු ඇති බවයි.

84 views

18 Comments to “සජිත්ගේ කිසිම ඉල්ලීමට එකග නොවී අගමැති පිටවෙයි.. රාජිත සමග සාකච්චා කරන්න කියයි.. අරලිය සාකච්චාවේ වූ දේ මෙන්න..”

  1. බෙර හඬ says:

    මේවා එකක් වත් අද චන්දේ පාවිච්චි කරන්න එන නූතන් පරපුර දන්නේ නෑ. උන්ගේ ඇස් වහලා තමයි ගේම දෙන්න එන්නේ. ජ.වි.පෙ. කරන්නේත් ඔය ටිකමයි.

Main News