‘සජිත්ගේ ගොන් කතා’ දෙවන වටය ඇරඹෙයි.. නව ලිබරල්වාදයේත් මුස්ලිම් අන්තවාදයේත් නවතම කේන්ද්‍රය සජිත්..

June 24, 2020 at 10:00 am | lanka C news
‘සජිත්ගේ ගොන් කතා’ දෙවන වටය ඇරඹෙයි.. නව ලිබරල්වාදයේත් මුස්ලිම් අන්තවාදයේත් නවතම කේන්ද්‍රය සජිත්..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

“සජිත්ගේ ගොන් කතා” දෙවන වටය ඇරඹුණා

සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනපතිවරණයේ දී ගොන් කතා 4ක් කිව්වාම පුළුවන් නම් ගොන් කතා දහයකට වඩා නොකියා ඉන්න කියා මම අභියෝග කළා. අවසානයේ දී ගොන් කතා 19ක් කියලා තිත්ත පරාජයක රසත් විඳලයි එතුමා පස්ස බැලුවේ. අපි හිතුවේ එතුමා දැන් පරිනතයි කියලා. නමුත් තවම හැදිලා නෑ වගේ. ඔන්න දැන් ගොන් කතා කීමේ දෙවන වටය අරඹලා. මම එතුමාට නැවත අභියෝග කරනවා. පුළුවන් නම් ගොන් කතා පහකට වඩා නොකියා ඉන්න.

එතුමාගේ පළමු ගොන් කතාව තමයි ජනතාවගේ දුක දැනෙන අමුතු නහරයක් එතුමාට තිබෙනවා කියන එක. කිසිම ස්නායු විශේෂඥයෙකු කිසිම මනුෂ්‍යයෙකුට එවැනි නහරයක් තිබෙන බව සොයා ගෙන නෑ. ඒ නිසා සජිත් මැතිතුමා පිටසක්වල ජීවියෙකු ද කියන සැකය අපට මතු වෙනවා.

එතුමාගේ දෙවන ගොන් කතාව තමයි එතුමා අගමැති වුවහොත් සෑම පවුලකටම මාසිකව රුපියල් විසි දහස ගණනේ දෙනවා කියන එක. ලංකාවේ ගෘහ ඒකක ලක්ෂ 51ක් වුවත් පවුල් ලක්ෂ 72ක් ඉන්නවා. ඒ් නිසා මේ දීමනාව සඳහා වසරකට බිලියන 1,728ක් නැතිනම් ට්‍රිලියන 1.7ක් යනවා. ලංකාවේ 2019 වසරේ ආණ්ඩුවේ සමස්ත ආදායම රුපියල් ට්‍රිලියන 1.9යි. ඒකෙන් පොලී නැතිව ණය වාරික විතරක් ගෙවන්න රුපියල් ට්‍රිලියන 1.1ක් වැය වුණා. ඒ නිසා තමන් ආර්්ථික විශේෂඥයෙකු කියන සජිත් මැතිතුමා දැන් රටට කියන්න ඕනෑ සෑම පවුලකටම මසකට රුපියල් විසි දහස ගණනේ ගෙවන්න රුපියල් ට්‍රිලියන 1.7ක් සොයා ගන්නේ කෙසේද කියන එක.

හරින්ට සජිත් දෙන දඬුවම කුමක්ද?

මංගල සමරවීර මැතිතුමා දේශපාලනයෙන් සමු ගත්තාට පස්සේ පුංචි මංගල වීමට සැරසෙන හරින් ප්‍රනාන්දු මැතිතුමා ආගමික නායකයින්ට අපහාස කරන්න පටන් අරන්. අගරදගුරුතුමා කියන්නේ මෙරට කතෝලික ප්‍රජාවේ සංකේතය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එතුමා ප්‍රකාශ කරන්නේ කතෝලික ප්‍රජාවේ මතය. එතුමා තමයි කතෝලික ප්‍රජාවේ ප්‍රකාශකයා. අගරදගුරුතුමන්ට අපහාස කරනවා කියන්නේ සමස්ත කතෝලික ප්‍රජාවටම අපහාස කරනවා කියන එකයි.

සජිත් ප්‍රේමදාස මැතිතුමා හරින් වෙනුවෙන් අගරදගුරුතුමාගෙන් සමාව ඉල්ලා තිබෙනවා. ඒකත් හරි අපූරු වැඩක්. එදා හරින් අගරදගුරුතුමාට බනිනවා. සජිත් සමාව ඉල්ලනවා. හෙට හරින් මහ නායක ස්වාමින් වහන්සේලාට බනිනවා. සජිත් සමාව ඉල්ලනවා. ඔබ පතුරු යන්න බනින්න. මම සමාව අරන් වැඩේ ෂේප් කර ගන්නම් කියා දෙන්නා අතර එකඟතාවයක් තිබෙනවා ද කියන සැකය අපට ඇති වෙනවා. ඒ නිසා සමාව අරගෙන මේ ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. හරින් ප්‍රනාන්දු මැතිතුමාව පක්ෂයෙන් ඉවත් කරනවා ද ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූරය ලබා නොදෙනවා ද ලබා දෙන දඬුවම මොකක්ද කියන එක සජිත් ප්‍රේමදාස මැතිතුමා රටට පැවසිය යුතුයි.

නව ලිබරල්වාදයේත් මුස්ලිම් අන්තවාදයේත් නවතම කේන්ද්‍රය සජිත්

මේ රටේ උරුමයට සිනාසුණු ඒ උරුමය විනාශ කරන්න කටයුතු කරන නව ලිබරල්වාදින් වට කරගෙන ඉන්නවා කියලා එදා අපි එජාප නායකත්වයට චෝදනා කළා. අපේ සංස්කෘතියට සිනාසෙන මංගල සහ හරින් වගේ නව ලිබරල්වාදින් රිෂාඩ් බදියුඩීන් වැනි මුස්ලිම් අන්තවාදින් දැන් ඉන්නේ රනිල් මැතිතුමා වෙනුවට සජිත් මැතිතුමා සමගයි. ඒ නිසා ලංකාවේ නව ලිබරල්වාදයේත් මුස්ලිම් අන්තවාදයේත් නැවුම් කේන්ද්‍රය බවට සජිත් ප්‍රේමදාස මැතිතුමා පත් වෙලා කියන එක කණගාටුවෙන් වුවත් සිහිපත් කරන්න ඕනෑ.

– අරවින්ද අතුකෝරල

40,780 Viewers

17 Comments to “‘සජිත්ගේ ගොන් කතා’ දෙවන වටය ඇරඹෙයි.. නව ලිබරල්වාදයේත් මුස්ලිම් අන්තවාදයේත් නවතම කේන්ද්‍රය සජිත්..”

  1. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    මැතිවරණ වේදිකාවේදී නාගන්න මා සූදානම්,හැකිනම් එන්න මා හා නාගන්න තරඟයකට.
    මා දැන් පරිණතයි,ඒ මගේ පියා මං බොරුවගෙ පියා.
    සල්ලි තියෙන්නෙ පොලොව යට,කැනීම් කල යුතුයි.
    මා ආර්ථික විද්‍යාව හොඳට දන්නවා.පවුලකට රුපියල් විසිදහස බැගින් මා දෙනවා.
    මැතිවරණ වේදිකාවේදී මෙතෙක් අනාගෙන වාර්ථාවක් තැබූ මා හැකිනම් අනා ගැනීමෙන් පරදන්න​.

    • Jude says:

      Owa newei Mr Kota…
      Sajith removed Ranil and Ravi becos of Central Bank case. Now both Ranil and Ravi with pohottuwa. Open the Central Bank case and talk about it….

      • Wijebahu says:

        OMG, Sajith removed Ranil and Ravi or they both removed Sajith?
        Don’t twist the truth, man!

    • W A S says:

      සජියගේ අධ්‍යාපන සුදුසුකම් මොනවාද?
      පිරිසගේ දැනගැනීම පිණිස ඇහුවේ.

  2. එක්නැලිගොඩ says:

    සජිය ගිය පාර හැදුවේ ඔයදෙකයි පනහේ කතා කියමින් මැදපන්තියේ ජනතාව චූන් කරමින් සිංහල ඡනද කඩාගන්න. ඒකට සජියගේ ගොන්කතා කියන නම දාලා සම්පූර්ණ මැතිවරණ ව්‍යාපාරයම උගෙ අවුල් කරලා දැම්මේ ගම්මන්පිල තමයි

  3. වජිර says:

    නව ලිබරල්වාදයේත් මුස්ලිම් අන්තවාදයේත් නවතම කේන්ද්‍රය සජිත් – මේකනම් සිංහල සමාජයේ අවධානයට යා යුතුමයි.

  4. Narada says:

    සජිත් මෝඩයෙක් නොවේ, ඔහු පවසන දේ දන්නා අතර ඔහුට විශාල දැක්මක් ඇත. මේ රටට ඔහුගේ නායකත්වය අවශ්‍යයි.

  5. Baba says:

    සජිත්ගේ දැක්ම බෙදුම් වාදීන් සමග එකතු ව්‍ රටට කෙලව ගැනීම. අනේ මෙමහත් හරක් ඉන්න රටක්

  6. ජෙප්පා says:

    හරියට හරි.
    අපිටම ගැලපෙන නායකයා – අපි JVP

  7. Rasi says:

    Of course both Sajith and gambanpila are useless bulls.

  8. යොවුන් රාණි ..! says:

    සජිත් කියන්නේ ඉතා හොඳ පපුවක් තියෙනේ මනුස්සයෙක්. හැබයි ඉතින් මිනිහට රනිල් ගේ වගේ ලොකු විෂන් එකක නැහැ. එදා දවසේ වැඩ තමා තියෙන්නේ. එක නිසා බිම් මට්ටමේ චන්ද ලැබුනත් ගොඩක් උගත් බුද්දිමත් අයගේ චන්ද ගන්න අමාරුයි. එකසත් ජාතික පක්ෂයේ දෙවන පෙළ හරි හමන් නායකයෙක් නැතිවීම ඇත්තෙන්ම පාඩුවක්. මොකද විපක්ෂයක් කියලා එකකුත් රටට අවශ්‍ය නිසා.
    එකේ නෙමේ මේ කොරෝනා කාල සිමාව ඇතුලත විතරක් ශ්‍රී ලංකාවට ආවේනික දිවියන් කී දෙනෙක් කාලකන්නි දඩයක්කරුවන් අටවපු උගුල් වලට අහුවෙලා අපේ රටට අහිමි උනාද ? අර කළු දිවියා ලංකාවේ හිටපු එකම එක ඒ ජාතියේ දිවියා. ඒ සතාත් අපිට අහිම උනා. වනජීවී ඇමැතියි, උගේ කාර්යමණ්ඩ ලයයි ඔක්කොම බුදියගෙන ඉන්නේ. මේ වෙනකම් හරියට නිතිය ක්‍රියාත්මක කරන්නේනේ නැහැ. යල් පැනපු නිරෝධායන පනත නම් උඩ දාදා ගහනවා. එත් වනජීවී පනතේ තියන දඬුවම් ප්‍රමාණවත් මදි. ඕන ම තර්ජනයට ලක්වෙලා ඉන්න සතෙක් උනත් මැරුවත් පොඩි දඩයක් ගහලා ඇප දීලා ගෙදර යවනවා. එකෙක් හරි හරියට අච්චු කරන්න අපේ පොලිසියට වනජීවී එකට කොන්ද පන නැහැ. එහෙම කරානම් ඔය ප්‍රශ්න ඔතනම විසදෙනවා. බැරි නම් දෙන්න තුවක්කුයි පතොරොම් සහ බලය, අපි කරලා පෙන්නනම්.
    දහස් ගණන දුර ගෙවා ලක්ෂ ගානක් දීලා මේ රට බලන්න එන විදේශිකයන්ට අපේ රටේ පරිසරය, වන සතුන් ගැන තියන කැක්කුම වනජීවී එකේ එකෙක්ට නැහැ. කොන්ද කෙලින් නැති පොන්න විපක්සෙන් ඉතින් කොහොමත් වනජීවී ප්‍රශ්න ගැන කතා කරයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ .
    ජනාධිපතිතුමා වත් ඉතින් මේක ගැන බලයි කියල අපි හිතනවා.

    • ක්‍රිමිනල් says:

      උඹට ඕනෙ ගල්කටස් එකක්ද, බේත් කොටන තුවක්කුවක්ද?

    • criminal says:

      යොවුන් රාණිට තුවක්කුවක් දීපල්ල කරල පෙන්නන්න​.සජිත්ට හොඳ පපුවක් තියනවලු,කොයි පපුවද දන්නෙ නැහැ.ඔය කලු දිවිය ගැන තිස්ස සර් වීඩියෝ එකක් කරල සම්පූර්ණ විස්තරේ කිව්වෙ දැනට සති කීපයකට උඩදි ඒ විස්තරම යොවුන් රාණි කොපි කරල ප්‍රබුද්ධ වෙන්න දරණ උත්සහයට අපේ කණගාටුව​.යොවුන් රාණි,අනුන්ගෙ කලිසම් ඇඳගෙන තමන්ගෙ වගේ ඇවිදින්න පුළුවන්.ඒත් කලිසම අනුන්ගෙ මගදි ගලව ගත්තොත් නිර්වස්ත්‍රාභරණයෙන් සැරසී වනගත වෙන්න සිදුවේවි.එතනදි හිත හොඳ සජිත් හමුවෙයි.එයත් කැලෑ වැදීමට නියමිතයි.

  9. Saradiel says:

    @yowun rani, you are correct. There is no law in Srilanka. Culprits go scot free. Even wild animals are killed at free will. Nobody gets punished.

Main News