සජිත්ගේ ජනාධිපතිවරණ අරමුදල් හොරකම් කලේ මං නොවේ.. හොරකම් කලේ මංගල, මලික්, කබීර්, චම්පික විය යුතුයි..- තිස්ස අත්තනායක හෙලි කරයි…

November 22, 2019 at 3:22 am | lanka C news
සජිත්ගේ ජනාධිපතිවරණ අරමුදල් හොරකම් කලේ මං නොවේ.. හොරකම් කලේ මංගල, මලික්, කබීර්, චම්පික විය යුතුයි..- තිස්ස අත්තනායක හෙලි කරයි…

ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේ දී සජිත් ප්‍රේමදාස මහතාගේ අරමුදල්වල අවභාවිතාවක් සිදුවී ඇත්නම් ඊට වගකිය යුත්තේ තමන් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.

වෝක්ෂෝල් වීදිය පිහිටි ජනාධිපතිවරණ මෙහෙයුම් මූලස්ථානයේ මුදල් අවභාවිතා වී තිබේ නම් ඊට වගකිව යුතු වන්නේ මංගල සමරවීර, මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, චම්පික රණවක යන අය බවද ඔහු කියා සිටී.

අත්තනායක මහතා මේ බව කියා සිටියේ ජනාධිපතිවරණයේදී මුදල් අවභාවිතා වී ඇත්නම් ඒ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයෙන් යයි එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් විසින් නිකුත් කරන ලද නිවේදනයක ප්‍රතිචාර දක්වමිනි.

කෙසේ වෙතත් තමන් මෙවන් චෝදනා වලට පිළිතුරු ලබාදීමට තව දුරටත් සූදානම් නොමැති බවද අත්තනායක මහතා තව දුරටත් කියා සිටියේය.

0 views

12 Comments to “සජිත්ගේ ජනාධිපතිවරණ අරමුදල් හොරකම් කලේ මං නොවේ.. හොරකම් කලේ මංගල, මලික්, කබීර්, චම්පික විය යුතුයි..- තිස්ස අත්තනායක හෙලි කරයි…”

  1. pradeep says:

    Central cultural fund eke money aran thahadu, cement beduwa,

Main News