සජිත්ගේ තවත් පොදු දේපල අවභාවිතාවක් මාට්ටුයි..

January 12, 2020 at 12:40 pm | lanka C news
සජිත්ගේ තවත් පොදු දේපල අවභාවිතාවක් මාට්ටුයි..

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් ඇඹිලිපිටිය, යෝධගම උදා ගම්මාන භූමියේ පිහිටි නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්තාන‍යේ 3 වන ශාලාවේ අනවසරයෙන් පදිංචි වි සිටින පවුලක් පිළිබද තොරතුරු සොයා බැලීම සදහා නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා (‍10) දින එහි හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වා‍ගෙන යන මුවාවෙන් කිසිදු නීතිමය පදනමක් නොමැතිව පසුගිය රජයේ දේශපාලන හිතවත්කම් මත සකසා ගත් ව්‍යාජ ගිවිසුමක් ඉදිරිපත් කරමින් පවුලක් එම දේශන ‍ ශාලාවේ බලහත්කාරයෙන් ජීවත් වන බව එහිදී සිදුකළ නිරීක්ෂණයේදි අනාවරණය විය.

පසුගිය රජයේ නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතා විසින් රාජ්‍ය දේපළ තම හිතවතුන්ට අයතා ලෙස පරිහරණය කිරීමට ඉඩ ලබා දී ඇති බැවින් ඒ පිළිබද සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස ගරු අග්‍රාමාත්‍යතුමා විසින් ඉන්දික අනුරුද්ධ නිවාස රාජ්‍ය අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබිණි. ඒ අනුව පසුගිය රජය විසින් රාජ්‍ය දේපළ අවභාවිතා කළ සිදුවීම් රැසක තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වී ඇත.

එහි එක් සිදුවීමක් ලෙස ඇඹිලිපිටිය, යෝධගම උදා ගම්මාන භූමියේ පිහිටි නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්තාන‍යේ 3 වන ශාලාවේ අනවසරයෙන් පදිංචි වි සිටින පවුලක් පිළිබදව තොරතුරු සොයා බැලීම සදහා අමාත්‍යවරයා හදිසියේම එහි ගොස් නිරීක්ෂණය කළේය

අමාත්‍යවරයා ශාලාව නීරීක්ෂණය කරන අතර තුර එම ස්ථානයට පැමිණි රුහුණු දිරිය පදනම නම් රාජ්‍ය නොවන සංවිධානයේ සභාපති ලෙස හදුන්වන මෙම ශාලාවේ අනවසරයෙන් පදිංචිව සිටින පුද්ගලයා සහ අමාත්‍යවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය. පසුව ඇඹිලිපිටිය පොලිස් මූලස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇතුළු නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගෙන්වා ගත් අතර මෙම සිදුවීම් සම්බන්ධයෙන් කරුණු සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් පොලිස් නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

මෙලෙස අනවසරයෙන් පදිංචි වී සිටින පිරිස එකම පවුලක සාමාජිකයින් වේ. මෙම දේශන ශාලාව කාමර 3 ක්, සාලයක්, කුස්සියක් සහ වැසිකිළියක් සහිත නිවසක් බවට පරිවර්ථනය කරගෙන ඇති බව නිරීක්ෂණය විය. නිවසකට අවශ්‍ය සියලුම ගෘහභාණ්ඩ සහ එම දෙපලගේ මංගල ඡායාරූප ප්‍රදර්ශනය කර ඇති අයුරු එහිදී දැකගත හැකි විය.

පසුගිය ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ රුව සහිත බැනර්, කටවුට්, පෝස්ටර් එම ස්ථානයේ තිබී සොයාගනු ලැබිණි. සමාජ සේවා කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් බව සදහන් කරමින් මෙම ශාලාව ලබාගෙන ඇති නමුත් එහි කිසිදු සමාජ සත්කාරක වැඩසටහනක් මේ වනතුරු ක්‍රියාත්මක කර නොමැත. බදු ගිවිසුමේ සදහන් කොන්දේසි කඩ කරමින් මෙම පවුල මේ වන විට එහි පදිංචිව සිටිති. වසර 02 ක බදු කාලය අවසන් වීම සහ බදු ගිවිසුමේ සදහන් කොන්දේසි කඩ කර ඇති බැවින් අදාළ දේපළ නැවත භාර දෙන ලෙස ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඔවුන්ට ලිඛිතව දැනුම් දී ඇති නමුත් එය නොසලකා හරිමින් බලහත්කාරයෙන් එම රාජ්‍ය දේපළ අවභාවිතා කරමින් සිටී.

නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා. “ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ නිවාස අමාත්‍යංශය යටතේ රාජ්‍ය දේපළ විශාල ලෙස අවභාවිත වී තිබෙනවා. එම නිසා මාසයකට කිහිපවරක් මෙවැනි ස්ථාන අපි පරීක්ෂා කරන්න යනවා. එසේ පරීක්ෂා කර නිලධාරීන්ට අදාළ උපදෙස් ලබා දෙනවා. මෙම නායකත්ව සංවර්ධන මධ්‍යස්ථානය තියෙන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් භූමියක. 2019 ජනාධිපතිවරණයට පෙර සිටි දේශපාලන අධිකාරිය මේ කිසිවක් නිසි ලෙස පරිපාලනය කරන්නට නිළධාරීන්ට අවස්ථාව ලබා දීලා නැහැ.

මෙම කාර්යාලය ඇතුළට ගියවිට දක්නට ලැබුණේ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකතුමාගේ මැතිවරණයට අදාළ ඒවා. මෙම පිරිස 2016 සිට මෙහි රැදී ඉන්නවා. නමුත් අදාළ බදු ගෙවා නැහැ. මේ කාරණාව රජයේ දේපළ අවභාවිතා කිරීමක්. මේ වගේ කරුණු කාරණා රැසක් හිටපු නිවාස ඇමතිතුමා, වත්මන් විපක්ෂ නායකතුමා රට පුරා කරලා තියෙනවා. නිවාස අමාත්‍යංශය යටතේ ඇති ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව සහ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය වගේ ආයතන රැසක් විනාශ වෙලා තියෙනවා. බොහෝ ආයතන තම හිතවතුන්ගේ අවශ්‍යතාවයන් පිනවන්න යොදාගෙන තියෙනවා.

මෙම ස්ථානය රාජ්‍ය නොවන සංවිධානයකට ලබා දුන්නා කියලා කිව්වට කරලා තියෙන්නේ පවුලකය පදිංචි වෙන්න දීමයි. මේ පවුලට බෙලිඅත්ත සහ තංගල්ල යන ප්‍රදේශ වල නිවාස 2 ක් තියෙනවා. මේ අයට ජීවත් වෙලා ඉන්න තැන් තියෙනවා. එසේ තිබියදිත් මෙම රාජ්‍ය දේපළ අවභාවිතා කරලා. මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අදාළ ඇමතිවරයා ලෙස මා සිදු කරනවා. ඊට අදාළ කටයුතු කඩිනමින් සිදු කරන්න කියලා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිළධාරීන්ට මා උපදෙස් ලබා දුන්නා” යනුවෙන්ද පැවසීය.

– මාධ්‍ය ඒකකය

139 views

11 Comments to “සජිත්ගේ තවත් පොදු දේපල අවභාවිතාවක් මාට්ටුයි..”

  1. john the baptice says:

    සජිත්ගේ සුවිස් බැංකුවේ සගවා තිබෙන මුදල් ගැනත් සොයා බැලිය යුතුය

    • ඇයි තොගෙ අම්මගෙ හොර මිනිහගෙ ගිණුමට දාල තියෙන මුදල් ගැනත් හොයා බලන්න ඕනෙ.

      • N.Perera says:

        Lavariya wikka evun kohamada may vidiyata pohasath unay?

      • sanabra says:

        kenthi da? paw! karanna deyak naa ban ubalage hodama naayakayaath oya wage mati harakek. un passe yana thopi gon bandina kanu walatath anthai ban. husma gannawai, kenthi gannawai arenna thopita kisi deyak baa.

      • Yahampath says:

        ඔබ නියම unp කාරයෙක් බව පෙනවා තමන්ගේ පක්ෂයේ අති බහුතරයකට ඉතාම හුරුපුරුදු (පාර්ලිමේන්තුවේදී හරින් හෙවත් ඩිජිටලයා පවා පුරුද්දට කියන වචන ) වාග් මාලා වන කුණුහරුප බාශාවෙන් ඇමතීම ඒ බව පැහැදිලිවම පෙන්වනවා .
        හැබැයි ජඩ්ඩො ඔය කුණුහරුප කිව්වා කියල තමුන්ගේ unp ජඩ පාලනයේ ජඩ්ඩන් ගේ ජඩ වැඩ වහන්න බෑ.
        සජිත් කියන්නෙත් ඔය තමුන්ගේ බාශාවෙන්ම පෙන්වලා තියෙන චරිතයක් පමණයි .නැතිව මිනිහා මේ රටේ මහා සංස්කෘතියට අයිතිවන කෙනෙක් නෙවෙයි .මිනිහා වැල යන අතට මැස්ස ගහන බලය වෙනුවෙන් ඕනෑම බොරුවක් කියල ජනතාව රවට්ටන්න පසුබට නොවෙන චරිතයක් කියල අපිට ජනපතිවරණයේ TNA එකත් එක්ක මිනිහ ගහපු හොර ගිවිසුමෙන් පැහැදිලි වුනා .බොරුවට හමුදාව ගැන රණවිරුවෝ ගැන කියමින් හොරෙන් ගිහිල්ලා TNA එකත් එක්ක ගිවිසුම් ගැහුවා .දැන් ආයෙත් බලය ලබාගන්න පන්සිල් ගන්න යනවා බන කියන්න යනවා .සංස්කෘතික අරමුදලෙන් හොරා කාපු සල්ලි කොහෙද ගියේ කියල සජියගෙන් අහල කියපන් බලන්න ,ඒ මදිවාට රටට සතුරුකම් කරන සුවිස් කොටි හා ස්විස් බැංකු එකවුන්ට් එක්ක සම්බන්දයක් තියෙනව නේද .අපි නොදන්නා සජිත් .බොරු නම් හිරුනිකාගෙන් හරි ගොන්ජන් ගෙන් හරි අහල දැනගනින් නිකං බොරුවට තප්පුලන්න එපා

        • ඔය ගොල්ලො ඔක්කොම වලිගෙ පාගගෙන. ඉස්සර වෙලා හොයල බලන්න මේ john the baptice කියන්නෙ කාට කඩේ ගිය එකෙක්ද යන එකෙක්ද කියල.

    • N.Perera says:

      Lavariya vikunapu evun kohamada pohasath unay. Mun horun, Nidan horu

  2. කිලිගේ කොලුවා says:

    ඩයිනමෝව පිස්ටන් වැඩකරනවාද

    • නිසන්සලාත්මක says:

      මේක රාජ්‍ය මුදල් හා සම්පත් අමු අමුවේ කරන අවබාවිතාවක් බව පේනවා .මේවා බොරු කතා නෙවෙයි ඇත්තදුෂණ .
      සජිත් ප්‍රේමදාස නමැති දෙබිඩි චරිතය කරනලද දුෂණ .
      වහාම මේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන මේ රාජ්‍ය දේපල අවබාවිතාව නතර කරනු .මොනවටද බලාගෙන ඉන්නේ .

  3. Sun says:

    They are following the great leader of making money by misusing government money. Can they run a country my dear friends. This the mental level of such people and the main focus is country others’ money.

  4. සරා says:

    සජිත් කරන්නෙම ඔය වගේ පහත් වැඩමයි.ඔහු ගැලපෙන්නේ 1982 ‌ෙදේශපාලනයට.මම හිතන්නේ ඔහුගේ පරාජයට ‌ෙමේවගේ ‌ෙගොං තකතිරු වැඩත් බලපැවා කියලයි.

Main News