සජිත්ගේ දැන්වීම් කිසිවක් TNL නෑ.. ගෝටාගේ දැන්වීම් පමණයි..
November 7, 2019 at 2:10 pm | lanka C news
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් තම රූපවාහිනියට ප්රචාරක දැන්වීම් කිසිවක් ලබා නොදුන් බව TNL රූපවාහිනි අධ්‍යක්ෂිකා ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය සඳහන් කරයි.
සජිත් ප්‍රේමදාස මහතා සිය ප්රචාරක දැන්වීම් කිසිවක් මේ වන තෙක් ලබා නොදුන් බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා තම ප්රචාරක දැන්වීම ලබාදී ඇති බවත් ඇය සඳහන් කරයි.
ඒ අනුව මේ දක්වා තම නාලිකාව විසින් ප්‍රචාරය කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රචාරක දැන්වීම පමණක් වුවද සජිත් ප්‍රේමදාස මහතාගේ ප්රචාරක ජනහමු සම්බන්ධයෙන්ද වාර්තාකරණයේ යෙදෙන බවද ඈ සඳහන් කරන්නීය.
සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයෙන් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් නිකුත් කරන ලද නිවේදනයේ ඇය මේ බව සඳහන් කර තිබේ.
රනිල් වික්‍රමසිංහ මහත්තයගේ සහොදරයා ගේ සහයත් ගොඨාභය මහතාට ! එ කියන්නේ සජිත්ගේ පාලනයකදී , රනිල් ට අබසරණයි කියන එක . ✌️
නෑ සජිත්ගෙ පාලනයකදි සජිත්ටම තමයි අබ සරණ!
“සජිත් දිනුවොත් අගමැති මමයි” -රනිල් වික්‍රමසිංහ
නෑ ඕයි, සජිත්ගේ පාලනයකදී සජිත්ට අබ සරණයි.
අැත්ත නැත්ත කරන්නෙ මේ වගේ විහිළු සපයන අය තමයි. සජිත් ටීඑන්එල් වර්ජනය කරපු බවක් මිසක කාටවත් පක්ෂව ඒ චැනල් එක වැඩ කරන බවක් නැත.
ඉතින් හරිනේ….UNP සල්ලි UNP එකට අවශ්‍ය නෑනේ….පොහොට්ටුවේ සල්ලිටික රවට්ටල ගත්තහම මදෑ…
ඉතින් මේ වගේ අවස්ථාවක බයියො වශයෙන් බොලා සතුටු වෙන්න ඔනේනේ
අැයි මීහරක් ට දුකයි ද?
Better leader does not need any advertisements. His true intention will lead him winning the title.