සජිත්ගේ පක්‍ෂය සජිත්-ජලනි බලවේගයයි..- එජාපය කියයි..

June 15, 2020 at 12:00 pm | lanka C news
සජිත්ගේ පක්‍ෂය සජිත්-ජලනි බලවේගයයි..- එජාපය කියයි..

සජිත් ප්‍රේමදාස මහතාගේ පක්ෂය ‘සජිත් ජලනි ජන බලවේගය’ වන එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු අපේක්ෂකයෙකු කියයි.

කළුතර දිස්ත‍්‍රික් අපේක්ෂකයෙකු වන ඔහු සඳහන් කරන්නේ එම පක්ෂය ගැන කලකිරී අපේක්ෂකත්වය පිරිස් ඉවත් වෙමින් සිටින බවයි.

තැල්ල බඳින්න නම් බෙල්ල බේරා ගත යුතු බව ඔවුන් තේරුම් ගනිමින් ඇතැයිද ඔහු කියා සිටියේය.

කළුතර දී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.

434 views
Main News