සජිත්ගේ පක්‍ෂ ව්‍යවස්ථාවේ ලොකු අවුලක්.. සියළු නාම යෝජනා ප‍්‍රතික්‍ෂෙප වීමේ අවදානමක්..

March 4, 2020 at 11:20 am | lanka C news
සජිත්ගේ පක්‍ෂ ව්‍යවස්ථාවේ ලොකු අවුලක්.. සියළු නාම යෝජනා ප‍්‍රතික්‍ෂෙප වීමේ අවදානමක්..

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ගොඩනගා ඇති සමගි ජන බලවේගය යටතේ දිරිපත් කරන නාමයෝජනා ප්‍රතික්ෂේප වීමේ අවදානමක් ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා සඳහන් කරයි.

ඒ නිසා එම පක්ෂයෙන් කිසිවෙකු හෝ නාමයෝජනා අත්සන් කරන්නේ නම් මේ අවදානම ගැන අවබෝධයෙන් සිටිය යුතු බවද ඔහු පැවසීය.

සමගි ජන බලවේගය යනු පක්‍ෂයක් මිස පෙරමුණක් හෝ සන්ධානයක් නොවන බවද කී ඔහු එවන් පක්ෂය තවත් දේශපාලන පක්ෂයක් සමග සන්ධානගත වීමට නීතිමය හැකියාවක් නැති බවද සඳහන් කළේය.

පක්ෂයක සාමාජිකත්වය ගැනීමට හැකියාව ඇත්තේ තනි පුද්ගලයන් වශයෙන් පමණක් යැයිද ඔහු පැවසීය.

ඒ හේතුවෙන් සමගි ජනබලවේගය ව්‍යවස්ථාව වෙනස් කරන තුරු එක්සත් ජාතික පක්ෂයට ඒ සමඟ ගිවිසුම්ගත වීම නිල බලයක් නැති බවද කී ඔහු එසේ කළහොත් නීතිමය ගැටළු ගණනාවකට මුහුණ දීමට සිදුවන බවද සඳහන් කළේය.

259 views

5 Comments to “සජිත්ගේ පක්‍ෂ ව්‍යවස්ථාවේ ලොකු අවුලක්.. සියළු නාම යෝජනා ප‍්‍රතික්‍ෂෙප වීමේ අවදානමක්..”

  1. 77 UNP says:

    නීතිය ගැන ඔය දැනුම නුවරඑළියේ නීති විරෝධී ගුබ්බායම ඉවත් කරන්න UDA එක ක්‍රියාකරණ වෙලාවේ නොතිබුණේ ඇයි. එහෙම නැතිනම් සජිත්ගේ පක්‍ෂ ව්‍යවස්ථාව ගැන නීතිමය තත්වය කවුරුහරි කියල දීල තමුන් කියවනවද?

  2. sand man says:

    ane pala do yanna … thopi thamai me UNP eka kawe …

  3. vishnu says:

    මූ දන්න දේසපාලනේ අප්‍රේල් 26 වෙනිදට
    ලංකාවම දැන ගනීයි

  4. Love nature says:

    කබලෙන් ලිපට වැටෙයිද?

  5. Haha Raja says:

    We should have to maintain a strong opposition to avoid military junta in present GOVERNMENT of SRI Lanka.