සජිත්ගේ පුටුවට එජාපයේ ද්වන්ද සටනක්..

June 21, 2020 at 12:02 am | lanka C news
සජිත්ගේ පුටුවට එජාපයේ ද්වන්ද සටනක්..

සජිත් ප්‍රේමදාස මහතා ඉවත් කිරීම හේතුවෙන් පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවි කරුණානායක සහ ජේ‍යෂ්ඨ උප සභාපති දයා ගමගේ මහතා අතර ද්වන්ධ සටනක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ උපනායක රවි කරුණානායක මහතා පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය ගැන දැඩි බලාපොරොත්තුවකින් සිටියද එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩි කැමැත්ත දයා ගමගේ මහතාට ලැබෙමින් පවතින බවටද එජාප අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට නියමිතව සිටි දයා ගමගේ මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය පසුබිම සාදා තිබෙන්නේද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ වුවමනාවට අනුව බවද වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු 99 දෙනකු ඉවත් කිරීමට ගත් තීරණයේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ රවි කරුණානායක මහතා අතර එකඟතා පිළිබඳ ගැටලුවක් ඇතිවී තිබුණු බවටද තොරතුරු වාර්තා වේ. මේ අතර දයා ගමගේ මහතා මේ වනවිට හෝමාගම ආසනයේ එජාප සංවිධායක ධුරයට ද පත් කර තිබේ. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ උපනායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතා තම සටන අත්හැර නොමැති අතර පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයට පත්වුවහොත් පක්ෂය ශක්තිමත් කිරීමේ සැලසුම් රැසක් ගැන රවි කරුණානායක මහතා දැනටමත් අවධානය යොමුකොට තිබෙන බවද ‘මව්බිම’ට වාර්තා වේ.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු
– mawbima

357 views

21 Comments to “සජිත්ගේ පුටුවට එජාපයේ ද්වන්ද සටනක්..”

  1. නිහාල් says:

    මම එජාප පාක්ෂිකයෙක් නෙවෙයි .කවරමදාකවත් එජාපයට චන්දෙ දීලා නැතිබව බොහොම ආඩම්බරයෙන් කියනවා ඒ මගේ චන්ද බලය ලැබුණු දා සිටම එජාපය රටට අහිතකර විජාතිකයන්ට සහ බෙදුම්වාදීන්ට උදවු වන රටේ සස්න්කෘතියට බුදුදහමට විරුද්දව එජාපය සිදුකල ක්‍රියා හේතුවෙන් .
    නමුත් මේ රටේ තට්ටු මාරු ක්‍රමයට පක්ෂ දෙක විටින් විට බලයට එන එක සත්‍යක් නිසා යලිත් දවසක එජාපය බලයට ඒවි එහෙවු දවසක එජාප බලය රටේ මහා සන්ස්කුතියට අයත් නොවන, විජාතිකයන් ,කොටින් හා සමීපව රටට අහිතකර ලෙස වැඩකරන ලද රටේ මහා බැංකුවටත් වග කිවූ කෙනෙක් අතට යාම ඉතාම බයානකයි .දයා ගමගේ මහතා එජාප උවත් පක්ෂ නායකයන්ට පිටින් ගොස් ඔවුන්ගේ සහ නායකයන්ගේ අසම්මත ගර්ල් ෆ්‍රෙන්ඩ්ලාගේ (මොංගල් )උදහසට ලක්වෙමින් නැගෙනහිර පළාතේ බෞද්ද කටයුතු වෙනුවෙන් කටයුතු කල බිම් මට්ටමේ නායකයෙක් .එජාපයට චන්දය දෙන මැටිමෝල් බඩගොස්ත්‍ර මිනිස්සු මෙන්න මේ පුද්ගලයන් අතර වෙනස හදුනාගෙන දයා ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිට ඔහුව එජාපයේ මීලඟ නායකයා කරගැනීම රටට ඉතාම හොඳයි .සජිත් ප්‍රේමදාස වැනි පඹයන්ට වඩා දයාගමගේ මහතා ඉතාම හැකියාවක් ඇති පුද්ගලයෙක් සජිත් යනු 2015ට පෙර මරණාධාර ස්මිතියකවත් නිලතල නොදරපු කෙනෙක් ජීවිතේට රුපවාහිනී විවාදයකට නොගිය කෙනෙක් .
    දයාගමගේ මහතා එජාප නායකත්වයට පත්කිරීමෙන් එජාපය යලි දිනෙක බලයට ආ විට රටට ඔවුන් නිසා වන හානිය දයාගමගේ මහතා එජාප නායකත්වයට පත්කිරීමෙන් අහෝසි වී යනු ඇත

    • ගමයා says:

      ද්වන්ධ සටන ඉක්මට නතරවෙනවා මොකද රවියා හොරා වුනාට ඌ කොළඹින් දිනනවා දයා කොළඹට අලුත් නිසා පරදිනවා. හරි සරලයි, හොරා නියෝජ්‍ය නායක 🙂

    • Wasanth says:

      ඔය ගමගේ රජයේ සීනි කරමාන්ත ශාලාව තුට්ටු දෙකට එක්සත් ජාතික පක්ෂයේ රජය යටතේ අරගෙන පොරොන්දු වේ හැටියට සීනි ප්‍රමාණයක් නිෂ්පාදය නොකර ඒ වෙනුවට ඊතයිල් මද්‍යසාරය නිපදවල අරක්කු කොම්නිපැනිවලට විකුණලා කෝටි ගණන් හම්බ කෙරුවේ. මහින්ද ගේ රජය යටතේ ඔහු පොරොන්දු කඩකර මද්‍යසාර නිපදවීම නිසා එය යලි රජයට ගත්තා. රනිල් එය නැවත ගමගේ ට ලබා ගැනීමට නීතී පවා වෙනස් කෙරුවත් සේවක විරෝධය සහ පාර්ලිමේන්තු විරෝධය මත රජය යනතුරු කිරීමට බැරිවුණා. ඔහු එය ගන්නා විට රජයේ වැඩියෙන්ම සීනි නිපදවන කර්මාන්ත ශාලාව එය වූ අතර පැවතියේ ලාබ ලබමින්. මේවා ගේ ආත්මාර්ථකාමී පුද්ගලයෙක් ඔහු. පාර්ලිමේන්තු වේ ද සිටිය යුතු නැත

      • යමයා says:

        ව්‍යාපාරික සිංහලයෝ මරපන් …ඌ කාගෙවත් කළු සල්ලි නැතුව තනියම නැගිටපු මිනිහෙක් . සලකපං එකටවත් කනහිලෝ

    • Suren says:

      100% agree with you Nihal.Look at my comments below ,I said the same.Though not a UNP supporter, we like our main opposition party having a good Buddhist foundation.Getting people like Daya there can be a future for the UNP.Of course all know he is not clean. But who is clean in any party? Even Vijitha Herath’s properties were in news recently, he says those are his wife’s! With Akila as Sec & getting Karu & some good Buddhist leaders to other posts UNP may be on course to recovery once Ranil is out. But Don’t get that Mangala ,Sajith, Ranjan ,Ajith & Harin back .On course you then.

  2. kolla says:

    sajith ekka harennawat puluwanda mee horagedi hipaatuwo dennata 😀

  3. Ranga says:

    අනේ මුන්ගෙ මල ඉලව්

    • kawinda says:

      sudussek innawa. e thamai Palitha. eda kuda nehe. mama yojana karanawa Palitha Thewarapperuma.

  4. කාන්තාර පළඟැටියා says:

    UNP party has made remarkable milestones in Sri Lankan political history.
    This is the one single greatest party in Sri Lanka and the only party can make Siri Lanka self-sufficient.

    Actually, I hate people who criticize our UNP and Great JVP party which are enormously dedicated to the people of the country

  5. Janaka from Matara says:

    ..
    කපුටන් රංචුවක් පෙන්නා කළු පාට
    ඉන් හොඳ එකා තේරිය හැකි වෙද කාට
    පක්සෙන් චංදයට මීමෙක් දැමු දාට
    වෙන කාටද දෙන්නෙ, දෙනවා මිස ඌට

  6. Suren says:

    Though not a UNP supporter, I would say it should be Gamage. If UNP ever think of coming to power it should have good Buddhist foundation. Daya fills it. Ravi not so. With the bond scam behind is name Ravi has baggage.

  7. nimalsiri says:

    oya ravi karunaanaayaka(M) kiyana para kalu kallathoni demalawa UNP ekenma elawalaa daanna onei.dayaa
    gamage baiyekwunath mootharam naraka nehe.me raviya visha kakina sarpayeki.u ekai den maha benku wede
    nisaa eken berennai moo den pohottuwata heththuwenna inne.

  8. Dharme says:

    ane pawu.Ravi karunanayaka kohe indala apu ekekda?.ape paksaya mema tatwayata pat karanna wada sidukala Rajaliya set eke ekek mu.mowunge passa pattata pain gahala elawanna ona.RANIL nayaka tumani muta ahuwenna epa.

  9. ක්‍රිමිනල් says:

    රවීලා සී අයි ඩි යත් එක්ක හැංගි හොරා දානකොට , මාධ්‍ය සාකච්ඡා තියලා රජයට සීතාම්භර සළුපිලි අන්දෝනකොට , හිරු ,දෙරණේ රජයට පක්ශපාතිව කඩේ යනකොට , දැනෙනවා , කේප්ප වස්සා හැරෙන්නේ කොස් පැලේටද ? කෙසෙල් පැලේටද කියලා. එජාපයේ හොරු රැල කපොතියි ආයිබොවන්ඩ .වික්කමසිංහට වෙන්නේ , සිරිකොත බාර දිලා , රවි, රංගේ ,සාගල, වජිර ලා වගේ ඩීල් කාරයො රාජපක්ශලාගේ දෑත් ශක්තිමත් කොරන්ට යවලා , ගෙදර යන්න.

  10. Kgs basnayake says:

    Both of the are big robbers of public money. They may have invested hugely for both elections. Rather than they become leaders in unp they may jump to slpp to earn already invested money for politics. This is what’s happening in Sri lanka. Most of the politician think this is life time job to earn money. Gota should stop this.

Main News