සජිත්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හැදුවේ ගෝටාභයගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය බලලා..- දයා ගමගේ හෙලි කරයි..

October 30, 2019 at 2:10 pm | lanka C news
සජිත්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හැදුවේ ගෝටාභයගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය බලලා..- දයා ගමගේ හෙලි කරයි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය අධ්‍යනය කර එජාප ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සනස් කරන ලද බව ඇමති දයා ගමගේ මහතා පවසයි.

හෙට දිනයේ මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය එලිදක්වන බවත් ඉදිරි පස් වසරක කාලයේදී රට ඉදිරියට ගෙන යන ආකාරය එහි සදහන් බවත් ඇමතිවරයා පැවසීය.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයනයේ ඇති බොහෝ දේ දැනටමත් වත්මන් රජය විසින් ඉටු කර ඇතැයිද ඒ මහතා සදහන් කලේය.

මේ අතර රාජ්‍ය සේවකයන් සදහා වූ තැපැල් ඡන්දය හෙට දිනයේ ආරාම්භ වීමට නියමිත අතර සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රතිපත්ති නොදැන රාජ්‍ය සේවකයන්ට ඡන්දය භාවිත කිරීමට සිදුව ඇති බවට විපක්‍ෂය විසින් චෝදනා කරයි.

246 views
Main News