සජිත්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ භාෂා තුනෙන්ම තිබෙන්නේ එකක්දැයි ගැඹුරින් බලනවා..

November 3, 2019 at 5:30 pm | lanka C news
සජිත්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ භාෂා තුනෙන්ම තිබෙන්නේ එකක්දැයි ගැඹුරින් බලනවා..

එලඹෙන ජනාධිපතිවරනයේදී තමන් සහය පල කරන අපෙක්ෂකය ඉදිරි දින තුන ඇතුලත ප්‍රකාශ කරන බවට උතුරු පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය හා දෙමළ ජනතා පෙරමුනේ නායක සී.වී.විග්නේශ්වරන් මහතා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ සිය නිවසේදී ඊයේ (02)සවස පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින්ය.එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍ය වරයා කියා සිටියේ,

‘ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ භාෂා තුනෙන්ම එකම කරුණ සඳහන් වෙනවද කියලා අපි ගැඹුරින් අධ්‍යනය කරනවා ඒකීය රටක් කියන වචනයට වෙනත් වචන යොදලා තියනවද කියලත් බලන්න ඕන එක භාෂාවකින් එකක් කියලා තවත් භාෂාවකින් තවත් එකක් කියල තියනවද කියලත් බලන්න ඕන ඉංග්‍රීසියි දෙමළයි අතර වෙනසක් තියනවා කියල තියෙනවා ඒ නිසා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටපත් බැලිය යුතුයි විදේශ රටවල හිත දිනාගන්න ඉංග්‍රීසි භාෂාවෙන් එක දෙයක් කියලා සිංහලෙන් තවත් එකක් කියලද බලන්න ඕන මේක ගැන අපි හොඳට අද්‍යනය කරලා නීති විසාරද මතය විමසලා තීරණයක් දැනුම් දෙන්න තව දින තුනක කාලයක් ගත වේවී. යනුවෙනි.

කෙසේ වෙතත් සී.වී.විග්නේශවරන් මහතාගේ පක්ෂය ඇතුලු දෙමළ ජාතික සන්ධානයේ සියලු පක්ෂ එක්ව යාපනයේ අවස්ථා දෙකකදී හමු වී සහය ලබා දෙන අපේක්ෂකයා සමපන්ධයෙන් සාකච්ඡා සිදු කළද එක් එක් පාර්ශවයන්ගේ පරස්පර තීරණයන් හේතුවෙන් එම සාකච්ඡා දෙකම එකඟතාවයකින් තොරව අවසන් විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

16,985 Viewers

6 Comments to “සජිත්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ භාෂා තුනෙන්ම තිබෙන්නේ එකක්දැයි ගැඹුරින් බලනවා..”

  1. Jaffna Tamil says:

    Mu thawath kunu godak adinawa uge nadayo wena Vasudevage saram pote allagana Gotabaya passe yanna. Pitin kyanne EElam oni kyala hitha athule thiyenne Gota ta support dennai. Dipita katha karanna ekak Wigneswaran.

    • රටටම සෙනසුරු ලැබූ TNA නිලය. says:

      අප මව්බස සිංහලයම හිතාම නොරකී නම් 
      දමිල මුස්ලිම් ඔවුනගෙ බස සදාරැක ගනි නම්
      සිංහලයට අටෝපෙ සුදුබස බොරු අවේස නම් 
      මුස්ලිම් දමිල එයිද? කියා අප බස රැකදෙන්නම්

  2. ඩපයා says:

    සුපිරි. සුබ්මරීනයකින් හරි කමක් නැහැ ගැඹුරටම ගිහින් බලාපිය. තව දුරටත් සජියට චන්දෙ දෙන දකුණේ ඉන්න සිංහලුන් අවජාතක හැත්තක්ම තමා.

  3. Ape Arachchi says:

    You are 500% correct. Yes deeply check and compare the copiees in all three lauages.

    RANIL IS BIG GAME PLAYER AND DONT TRUST HIM.

  4. Anoosh says:

    Hon. Sajith does not expect your support. He has 80% support from the People of Sri Lanka. Please give your support only to Vasudeva.

  5. Dan says:

    Ayae wena Kaatada ..Massinaa Inna Godatama Misak ?