සජිත්ගේ බදුල්ලේ රැලිය තහනම් කරයි.. එජාපයේ සිව් දෙනකු රහසිගත සාකච්ඡාවක..
August 9, 2019 at 1:20 pm | lanka C news
අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරමින් ලබන සඳුදා (12) බදුල්ලේදී පැවැත්වීමට නියමිත මහජන රැලිය නැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව වාර්තා වේ. ඊට හේතුවී ඇත්තේ රැලිය පැවැත්වීම සඳහා පක්ෂ ලේකම්වරයාගෙන් අනුමැතිය ලබාගෙන නොතිබීමය.
මෙම රැලියේ සංවිධාන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් සිදුකරනු ලබයි. එහෙත් රැලිය සංවිධානය කිරීම සඳහා පක්ෂයේ මහ ලේකම්වරයාගෙන් මෙතෙක් අවසර ලබාගෙන නොමැති බව පක්ෂ මූලස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාමල් සෙනරත් පැවසීය. එක්සත් ජාතික පක්ෂයේ බල මණ්ඩල රැස්වීම්, වෙනත් රැලි සහ රැස්වීම් සංවිධානය කිරීමේදී පක්ෂ ලේකම්වරයාගෙන් අවසර ලබාගත යුතු බව සියලුම ආසන සංවිධායකවරු දැනුවත් කර තිබේ. එලෙස දැනුවත් කර තිබියදී මෙම රැලිය සඳහා අවසර ලබා නොගැනීම පිළිබඳව පක්ෂ මූලස්ථානයේ අවධානය යොමු වී ඇත.
කුමන බාධක පැමිණියත් මෙම රැලිය අනිවාර්යයෙන්ම පැවැත්වීමට සජිත් ප්‍රේමදාස පාර්ශ්වය තීරණය කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා නම් කිරීම සඳහා පක්ෂයේ කෘත්යාධිකිරී මණ්ඩලය සහ මන්ත්‍රී කණ්ඩායම එකම දිනකදී කැඳවන ලෙස ඉල්ලා සජිත් ප්‍රේමදාස පාර්ශ්වය පක්ෂ නායකත්වය වෙත යොමු කරන ලිපියට මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගැනීමද ආරම්භ විය. එම අත්සන් සහිත ලිපිය මෙම සති අන්තයේදී පක්ෂ නායකත්වය වෙත යොමු කිරීමට තීරණය කර ඇත. මෙම ලිපිය ලැබුණු පසු සිදු කරන වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂයේ තෝරා ගත් අමාත්‍යවරුන් පිරිසක් අරලියගහ මන්දිරයට වැනිදා කැඳවා තිබේ.
ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස එකඟ වී ඇති මොහොතක එම පෙරමුණ ස්ථාපිත කිරීමට මුල් නායකයින් සිව් දෙනකු 7 වැනිදා රාත්‍රියේ රහසිගත සාකච්ඡාවක්ද පවත්වා තිබේ. අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, රවි කරුණානායක චම්පික රණවක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. පැය දෙකක පමණ කාලයක් මෙම සාකච්ඡාව පැවැත්විණි.
කෙසේ වෙතත් ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ මහ ලේකම් ධුරයට යෝජනා කර ඇති අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර ලබන සතියේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. එහිදී ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීම පිළිබඳ අවධානය යොමු කිරීමට නියමිතව ඇත.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, හිටපු පළාත් සභා මන්ත්‍රීවරු සමග පක්ෂ නායකත්වය 09දා වෙන වෙනම සාකච්ඡාවක් පැවැත්වීමටද කටයුතු යොදා ඇත. රජයට සම්බන්ධ පක්ෂවල නායකයින්ගේ විශේෂ සාකච්ඡාවක්ද අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එම සාකච්ඡාවට සහභාගි වූ අමාත්‍ය චම්පික රණවක සාකච්ඡාව නිමා වීමට ප්‍රථම පිටත්ව ගියේය.
– aruna
The harder they (elite class) hit Sajith the stronger the people’s power will gather around him..
Some UNP MPs are trying hard to split the party and to give way for Rajapassas to come back. RW should be fully responsible for this. In case if UNP gets defeated this time, RW should not be appointed to the post of Leadership & Opp Leadership which is the one RW is eyeing.
චම්පික රණවක , මෝඩ චතුර, එ.ජා.පෙයත් එක්ක හරි හරියට ඉන්න මොන පක්ෂනායකයෝද?
රට කාබාසිනියා කොරපු යූ එන් පී හැත්ත බුරුත්තම මේ වතාවෙදි නං අතුගෑවිලාම යනවා බොලං.
ඒ නිකංම නෙවෙයි සියයට විස්සයි අසූවකින් බොලව්.
ඕන් රන්බණ්ඩා ඒ බව අද කිව්වැයි කියලා මතක තියා ගනිල්ලා.
ඔය රන්බන්ඩා උන්නැහේ කියල තියෙන්නෙ මේ රටේ පොලොවෙ පය ගහල කෙලින් හිටගන්ඩ පුලුවන් මිනිස්සු හිතන විදිය.
ayi sajithta mechchara baya… gotatawath ochhcara bayak nahene..
Sajith is a lame duck.
He has said ok to his party leader for the postphonement untill a common front is established may be by end of the month. But no guarantee.
Old FOX is at play and Sajith’s loyalist are in a hurry knowing the old Fox.
නිදන් හොරු අපට එපා!
අපට ඕනෙ නිකැලැල් කරූ ජයසූරිය විතරයි.
කරූ නැත්නම් රාජිත, වෙන කවුරුවත්නම් එපෝ!
අන්න හරි. මාම චූට්ටක වෙන්න ගෙඹි න්‍යාය ක්‍රියාත්මක කරල අඩව්වක් දෙකක් එහාට මෙහාට පැන්නෙ මහින්දලාගෙ දෑත හයි කොරන්න.
එච්චරයි.
මං ඉතිං මොකට කියනවද ඊට පස්සෙ ඉන්නෙ මං විතරයි.
මේ මං.
තමා යන්නේ තමාගේ දිවන්ගත පියාණන්ගේ අඩිපාරේ බව ඇමති
සජිත් සපථකර සිටී.
Food for Thought!
සජිත් තරඟ කලා නම් ගෝඨාභයට දිනන්න අමාරුයි.