සජිත්ගේ බලවේග උත්සවයට ගිය එජාප මන්ත‍්‍රීන් 2000ක් ඉවත් කෙරේ…

March 3, 2020 at 9:20 am | lanka C news
සජිත්ගේ බලවේග උත්සවයට ගිය එජාප මන්ත‍්‍රීන් 2000ක් ඉවත් කෙරේ…

සමගි ජන බලවේගය සමාරම්භක උත්සවයට සහභාගි වූ පළාත් පාලන ආයතන සභිකයන් මන්ත්‍රී ධුරවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

සමගි ජන බලවේගයේ සමාරම්භක උත්සවය කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02 වැනිදා) පැවැත්විණි.

මෙම උත්සවයට එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන සභිකයෝ රැසක් සහභාගි වී සිටියහ. ඔවුන් මන්ත්‍රී ධුරවලින් ඉවත් කර නවක මන්ත්‍රීවරුන් පත් කිරීමට පියවර ගන්නා ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්ට උපදෙස් ලබාදී තිබේ.

දිවයින පුරා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් පාලන මන්ත්‍රීවරුන් 2000කට ආසන්න සංඛ්‍යාවක් සිටිති.

මේ අතර ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් අද (03 වැනිදා) කොළඹට කැඳවීමටද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කටයුතු යොදා ඇත. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය. මහ මැතිවරණය සඳහා අපේක්ෂකයන්ගේ නාමයෝජනා සකස් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා මණ්ඩල ඊයේ (02 වැනිදා) ද රැස්විය.

මේ අතර එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ (2 වැනිදා) රාත්‍රි තීරණය කර ඇත. ලංකා ජාතික වතු කම්කරු සංගමය මෙහෙයවීමේ වගකීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ඉවත් කර පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක සහ වී. රාධ ක්‍රිෂ්ණන්ට භාරදීමට කටයුතු යොදා ඇත.

ලක් වනිතා පෙරමුණ මෙහෙයවීමේ වගකීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරාළ සහ චන්ද්‍රානි බණ්ඩාර ඉවත් කිරීමට නියමිතය. එහි වගකීම එක්සත් ජාතික පක්ෂ යාපහුව සංවිධායිකා අචිනි ලොකු බණ්ඩාරට භාරදීමට පක්ෂ නායකත්වය තීරණය කර ඇත. යොවුන් පෙරමුණ මෙහෙයවීමේ වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනට පවරා තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය මෙහෙයුම ක්‍රියාත්මක කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දොස්ත රාජිත සේනාරත්න, රුවන් විජේවර්ධන සහ මහාචාර්ය ආශු මාරසිංහට පැවරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත. මෙහිදී කෙටි කාලීන සහ දීර්ඝකාලීන මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මෙම තීන්දු තීරණ අනුමත කර ගැනීම සඳහා හෙට (04 වැනිදා) හදිසි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සමගි ජාතික බලවේගයේ සමාරම්භක උත්සවයට ඊයේ (2 වැනිදා) සහභාගි වූ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිරිකොත පක්ෂ මූලස්ථානයට පස්වරුවේ පැමිණ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට හමුවී ඇත. ජේ.ඩී. අලවතුවල, ගයන්ත කරුණාතිලක, සුජිත් සංජය පෙරේරා, විජේපාල හෙට්ටිආරච්චි, මුජිබර් රහුමාන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙලෙස පැමිණ හමුවී ඇත.

– aruna

250 views

20 Comments to “සජිත්ගේ බලවේග උත්සවයට ගිය එජාප මන්ත‍්‍රීන් 2000ක් ඉවත් කෙරේ…”

  1. හාරත බූරුව says:

    මේ දිහා බලල “මෝඩ චූන්” ගන්න යන්න එපා. රනිල් කියන්නෙ දකණු ආසියාවෙම කපටිම දේශපාලකයා. මේ හදන්නෙ යූ ඇන් පි එක නැවත ගොඩනගන්න. ආණ්ඩුව අර්බුදයට යවන්න. ජනතාව අන්දවන්න. ඒක වෙන්න මෙහෙමයි පුතානෝ මැතිවරණයේදි එලියට යවනව. සමහරවිට පුතානෝ දන්නත් නැහැ. ඊටපස්සෙ පුතානෝ මහා බෞද්ධයා චරිතෙට පනපොවල, ප්‍රගතිශීලී එහෙත් විචාරයෙන් තොර පාවෙන, වයසක චන්ද ටිකක් ගලවා ගන්ව. එන්ජීඕ කාරයොයි සමහර හාමුදුරුයි එකතුවෙලා පුතානෝ රනිල්ගෙ ඒකාධිපති වාදයට, ඒවගේම මේ ආණ්ඩුවේ ඉන්න සමහර අම්බරුවන්ගෙ ගව ගති වලට එරෙහි එකම විමුක්තිකාමීයා විදිහට බෞතීස්ම කරනවා
    ඒ විදියට දකුණේ විවිධ චන්ද පදනම් වලින් ටිකක් පුතානෝට කඩාගන්න දෙනව. රනිය අලියා ලකුනකින් දෙමළ චන්ද ටික කඩාගන්නව. උකුස්ස ලවා පොහොට්ටුව ඇතුලෙ අර්බුක් මවනව. ත්‍රිල් වඩන් ඉන්න අපේ ඇත්තො අරාජිකවෙනව, ජෙප්පො එකතුවෙලා ඉලක්කන් මුසාවාදා ජපකරනව,
    1) මැතිවරණයන් පස්සෙ මේ ඔක්කොම කුකො ටික එකතුවෙනවා .
    02 පොහොට්ටුවට තුනෙන් දෙක ගන්න එක අමාරු කාරියක් බවට පත්කරනව.

    මේක රනිය සහ විවිධ අන්තවාදීන් මෙන්ම බටහිරයන් ලබන විශිෂ්ඨ ජයක් වෙනව.
    තේරෙනවද කපටි මොලේ.

    • Dikman Aiyya says:

      Machan Raniya could be the south asia’s best political brain,…but when he gets the opportunity he always failed to deliver,..so whats the use of his big brain??..YES , this is a dirty plan to collect more votes from all sides,..this will help to retain traditional Buddhist votes with UNP,…as bDeen and Hkeem is out…

      • හාරත බූරුවා says:

        He is not a conservative politician. But he is a real political game player. It mean, Not sensitive to the expectations of the people. To sensitize the people to their ends.

    • Lotus says:

      හාරත බූරුවගෙ මොළේ තමයි මොළේ.

  2. පාක්ශිකයෝ says:

    සජිත් ගේ ටෙලිපෝනය තවම වැදෙන්නේ නැත

  3. කැපුවත් කොල, වමනෙ ගියත් කොල 🤮🤮🤮 says:

    රට අමතක කරල පක්ෂයක් බදාගෙන තමන්ගෙ පැවැත්ම ගැන විතරක් හිතන අමනයින්ට හොඳ වැඩේ.

  4. gamarala says:

    පොහොට්ටුවේ 3/2 බලය ඉස්තිරයි ජය ශ්‍රී