සජිත්ගේ ලීෆ්ලට්වලට රනිල් කපා ෆොන්සේකා දමයි.. බෙදන්න බෑ කියා සංවිධායකයෝ විරෝධයේ.. සිරිකොතේ ගොඩගැසේ..
October 22, 2019 at 10:00 am | lanka C news
එජාපෙ ජනාධිපති අපේක්ෂක ඇමති සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණය වෙනුවනේ සකස් කරන ලද පත්‍රිකාවක් බෙදා දීම එම පක්ෂ ආසන සංවිධායකවරු විසින් ප්‍රතික්ෂේප කර ඇත.
අදාල පත්‍රිකා තොගය මේ වන විට සිරිකොත එජාප මුලස්ථානයේ ඇත.
මෙම පත්‍රිකාවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ රුව ඇතුලත් කර නැතත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකාගේ රුව ඇතුලත් කර ඇත.
මේ සදහා රනිල් වික්‍රමසිංහ මහතාගේ පින්තූරය ඇතුලත් කල යුතු යයි ආසන සංවිධායකවරු පවසා ඇතැයිද වාර්තා වෙයි.
මේක සජිත් ගත්තු අණුවන තීන්දුවක් .ඔච්චර පුළුවන්කම තියෙද්දී රනිල් ෆොන්සේකාට ඔය තනතුරු දුන්නේ නෑ.ෆොනීට තමුන්ව පාලනය කරගන්න බෑ.හමුදාවේ ලැබෙන්න තිබ්බනම් චන්ද ටිකක් ,එකත් නෑ